රනිල්ගෙන් නව ලෝක වාර්තාවක්.. 2019දී ලෝකයේ ඉහළම ඩොලර් පොලිය වන 7.85%ට ජාත්‍යන්තර සවෛරීය බැඳුම්කර නිකුත් කරයි..

March 21, 2019 at 3:50 pm | lanka C news
රනිල්ගෙන් නව ලෝක වාර්තාවක්.. 2019දී ලෝකයේ ඉහළම ඩොලර් පොලිය වන 7.85%ට ජාත්‍යන්තර සවෛරීය බැඳුම්කර නිකුත් කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුව වැඩි පොලී අනුපාතයන්ට ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම හේතුවෙන් අති විශාල අමතර පොලියක් ගෙවීමට සිදුව ඇති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

2019 වසරේ ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ලෝකයේ ඉහළම පොලිය වන 7.85% කට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමේ වාර්තාව ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව හිමිවන බවද ඔහු කියා සිටී.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යන ව්‍යාපෘතීන් දෙකටම වැය වූ මුදල මුදලට සමාන පොලියක් මෙලෙස ගෙවීමට සිදුව ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුව ඒ මහතා මේ බව කියා සිටියේය.

කබ්රාල් මහතා විසින් මේ සම්බන්ධයෙන්ම සකස් කරන ලද විශ්ලේෂන වාර්තාවක් ඔහු එහිදී ඉදිරිපත් කලේය.

වීඩියෝව මෙතනින්

75 views
Main News