රනිල්ගේ අතිශය සමීපතමයෙකු ගෝටාට සහාය දෙන්න එයි..
October 20, 2019 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු සාකච්ඡා කරමින් සිටින බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා සමීප පුද්ගලයෙකුද ඉක්මනින්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක් වන බවද ඔහු කියා සිටියේය.
දැනට ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡා අවසාන මට්ටමේ පවතින බවද එය අවසන් වූ වහාම ඔහු සිය අදහස ප්‍රසිද්ධියේ පළ කරනු ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.