රනිල්ගේ කපටිකමේ තරම මහින්ද කියයි..

July 27, 2019 at 8:40 am | lanka C news
රනිල්ගේ කපටිකමේ තරම මහින්ද කියයි..

විජේරාම නිල නිවසේ පැවැති පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සමග අවබෝධතා ගිවිසුම් අත්සන් තබන අවස්ථාවේ දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ සම්පූර්ණ කතාව මෙහි දැක්වෙයි

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධකම් නො තිබෙන දේශපාලන පක්ෂ රාශියක් අද අපිත් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳව මම සියලූ පක්ෂ නායකයින්ට ගෞරවය සහ ස්තුතිය පුද කරනවා. ඒ වගේම පහුගිය පලාත් පාලන මැතිවරණයේදී මේ විදියට එකාබද්ධ විපක්‍ෂයේ දේශපේ‍්‍රමී පක්‍ෂ රැසක් අපි සමග එකතුවෙලා දැවැන්ත ජය ග‍්‍රහනයක් ලැබුවා. ඉදිරියේදී මේ සිය`ථ පක්‍ෂ සමග එක්ව දැවැන්ත සන්ධානයක් හරහා ජනතා ජයග‍්‍රහන ලබාදෙන්න සූදානම්.

අද රටේ තිබෙන දේශපාලන තත්වය ගැන ඔබට අමුතුවෙන් මා කිව යුතු නැහැ. අද මේ රටේ සියලූම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජාතීන්ට හා සියලූම ආගමිකයින්ට ජීවත් වීමේ අයිතිය පිළිබඳව සැකයක් තිබෙනවා. ආගම ඇදහීමේ අයිතිය අද අපෙන් උදුර ගෙන තිබෙනවා. මම එහෙම කියන්නේ නිදහසේ පන්සලකට කෝවිලකට පල්ලියකට යන්න බැරි තත්ත්වයක් තිබෙන නිසා. මේ විදිහට සියලූම ආගමිකයින් යම් බියකින් ඔවුන්ගේ ආගම අදහන්න යනවා.

අවුරුදු තිහක් තිබිච්ච ලෝකෙ දරුණුම ත‍්‍රස්තවාදය තිබුනු ප‍්‍රභාකරන්ගේ යුගයේදී වත් ඒ බිය ජනතාව අතර තිබුණේ නැහැ. ඒ නිසා අද මේ බය සහ කණගාටුව අප සියලූ දෙනාගේම හදවත් තුළ තිබෙනවා.
ඒ විතරක් නෙවෙයි අද මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා. බඩු මිල සහ ජීවන තත්ත්වය ඉහළ යාම ගැන අද ජනතාව කතාකරන්නේ නැහැ. එහෙම කතා නොකරන්නේ කතා කරලා වැඩක් නැති නිසයි. බීරි අලින්ට වීනා වාදනය කරනවා වගේ මොනව කිව්වත් මේ ආණ්ඩුවට දැනෙන්නෙත් නෑ ඇහෙන්නෙත් නෑ.

කම්කරුවන්ගේ ප‍්‍රශ්න රාශියක් තිබෙනවා. විශ්ව විද්‍යාල තරුණයන්ගේ ප‍්‍රශ්න තිබෙනවා. උපාධිධාරීන්ට අද සලකන්නේ නැති තත්ත්වයක් ඇවිල්ල තිබෙනවා. බාහිර උපාධිධාරීන් අද ගණන් ගන්නේ නැති තත්ත්වයක් ඇවිල්ලා. එහෙම තත්ත්වයක් තිබෙනවා නම් බාහිර උපාධි දෙන්නේ ඇයි. දරුවෝ ඉගෙන ගෙන විභාග සමත් වීමෙන් පස්සේ ඒ උපාධියෙන් රැකියාවක් ගන්න හැකියාවක් නැත්නම් ඒ උපාධිය ලබා දීමම ජනතාව රැවටවීමක්. ඒ නිසා අපිට මේ ආණ්ඩුවට කියන්න වෙලා තිබෙනවා සියලූම උපාධිධාරීන් ඒ කියන්නෙ බාහිර වේවා අභ්‍යන්තර වේවා ඒ උපාධිධාරීන් පිළිඅරගෙන වහාම රැකියා වල බඳවා ගෙන එක හා සමානව සැලකීමේ යුතුකම ඉටු කරන්න කියලා.

අපි සියලූ දෙනාට ම ලොකු වගකීමක් තිබෙනවා අනාගත පරපුර වෙනුවෙන් නූපන් දරුවන් වෙනුවෙන් මේ ආණ්ඩුව පරාජය කිරීමට. මේ ආන්ඩුව රට විනාශ කරලා රටේ දේපළ විකුණමින් යනවා.

එක පැත්තකින් අපි හදපු වරාය. ඒ වරායට බැන බැන කළුගල් තිබුණයි කියපු වරාය තමයි කෝටි ගානකට විකුණල දැම්මෙ.

රටේ ණය ගෙවන්නෙ නැතුව ඒ ණයෙන් කෑම කෑවද මොනවා කරාද කියලා කවුරුත් දන්නෙ නැහැ. රනිල් වික‍්‍රමසිංහ මොනතරම් කපටි ද කියලා කිව්වොත් වරාය විකිණීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරයෙක් ලවා කෙරෙව්වා. කනවා නම් දෙගොල්ලොම කාපන් කියලා වැඬේ දුන්නා. අර්ජුන රණතුංග මේක අත්සන් කරන්න බැහැ කි්වා. එතුමාව අයින් කරල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරයෙක් ලවා ම ඒ ගිවිසුම අත්සන් කෙරෙව්වා. එකෙන්ම හොඳින් පැහැදිලි වෙනවා අගමැතිවරයාගේ කපටිකම.

රටේ ව්‍යවස්ථාවට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වලා දීලා දැන් ජනාධිපතිවරයා කියනවා මම ඒක දැකලත් නැහැ කියලා. හරියට දැක්කේ නැහැ කියවන්න බැරි වුනා කියනවා. දහනවවැනි සංශෝධනය ගෙන ඒමට රටට පෙන්නපු හේතුවට අමතර ව අභ්‍යන්තර හේතු ගණනාවක් තිබෙනවා. අද දහනමය එක්සත් ජාතික පක්ෂයටම පාරාවළල්ලක් වෙලා තිබෙනවා. දැන් ආයෙමත් විසිවෙනි සංශෝධනයක් ගේන්න හදනවා. දැන් මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න මේ ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ. මේ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ අයිතිය තිබෙන්නේ ඊළඟට පිහිටවන අපේ ආණ්ඩුවටයි. මේ ආණ්ඩුව දැන් කරන්න හදන්නේ පැලැස්තර අලවලා ප‍්‍රශ්නයට ගහලා නැවත බලයට එන්නයි. ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතු නැහැ.

නලින් කුමාර නිශ්ශංක
සම්බන්ධීකරණ ප‍්‍රධානී,
පොදුජන මාධ්‍ය මධ්‍යස්ථානය

30 views

6 Comments to “රනිල්ගේ කපටිකමේ තරම මහින්ද කියයි..”

  1. 225 එපා says:

    පාහරයෝ 225 කන්නේ එකටයි,රට කන්නේත් එකටයි,එකට මගුලුත් කනවා
    නිදි වදින්නේත් එකටයි
    එහෙම කරලා උන් එක කල්ලියක් නොවේ කියලා පෙන්වන්න ජනතාවට බොරැ රංගනයක් දානවා.

    • ගොන් 225 එපා says:

      උඹද ඊට පස්සේ රට කරන්නේ? අනේඋඹ වගේ ගොනෙක්

      • Dilshan says:

        Lets vote Nagananda and make him become president. Modi loves weak leaders.
        Under him we can become part of India
        and watch hindi movies, travel to India with no visa and sleep with Indian prostitutes for cheap.

    • kalu thara says:

      well said !

    • ටොමියා says:

      අනිවාර්යයෙන්ම උඹ නම් ගොඩ ගන්න බැරි විදිහටම ගූ නාපු යූඇන්පීකාරයෙක්!. ඒකයි 225 ම එළවන කතාව කියන්නේ . පරයා !!.

    • මාමේ මූ මීමා says:

      හොඳට හිතලා බලපං උඹ ගැනම !, අනුන්ට කෑගැහුවට රට වෙනුවෙන් උඹල මොනවාද කරල තියෙන්නේ කියලා , මොකක්ද සහභාගි වෙලා තියෙන පොදු වැඩේ, තමන් ගැනම බැලුව මිසක් !. ලොකු ටෝක්ස්
      දෙන හැමෝගෙම තත්ත්වය ඒකයි !!.

Main News