රනිල්ගේ කපටි මොලේ තරම තේරේ.. හේමාගේ අත අල්ලාගෙන ගහපු ගැටේ දැන් තදවෙයි.. 2023 දක්වාම නායකයා රනිල්මයි.. සජිත් ගොනාට ඇදගනී…

December 15, 2019 at 11:20 am | lanka C news
රනිල්ගේ කපටි මොලේ තරම තේරේ.. හේමාගේ අත අල්ලාගෙන ගහපු ගැටේ දැන් තදවෙයි.. 2023 දක්වාම නායකයා රනිල්මයි.. සජිත් ගොනාට ඇදගනී…

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම නායකත්වය 2023 වසර දක්වාම එම පක්ෂයට ලබා දෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව නායකත්වය පත් කිරීමට නියමිතව ඇත්තේ වසර පහකට වතාවකි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ යෝජනා සම්මත කිරීමෙන් පසු පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ මහා සම්මේලනය ද සම්මත කර ඇත.

පසුගිය ඔක්තෝබර් මස 3 වැනි දින කොළඹ දී පැවැති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයේ දී රනිල් වික්‍රමසිංහ මහතා නායකයා ලෙස වසර පහක කාලයක් සඳහා පත්කර තිබේ.

ඒ නිසා වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉල්ලා නොවුණහොත් ඔහු ධුරය අවසන් වන එකම ක්‍රමය වන්නේ ධුර කාලය අවසන් වීම පමණි.

කෙසේ වෙතත් ඉදිරි මැතිවරණය මෙහෙයවීම සඳහා සම නායකත්වයක් කරු ජයසූරිය මහතාට ලබා දීමේ සූදානමක් ඇති අතර අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම ද තීරණය කර ඇත.

මහ මැතිවරණයෙන් පසුව 2023 වසර දක්වාම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැරීමට නියමිතය.

78 views

5 Comments to “රනිල්ගේ කපටි මොලේ තරම තේරේ.. හේමාගේ අත අල්ලාගෙන ගහපු ගැටේ දැන් තදවෙයි.. 2023 දක්වාම නායකයා රනිල්මයි.. සජිත් ගොනාට ඇදගනී…”

  1. පොඩි එකා says:

    රනිල් අත අල්ලන් යනකොට හේමා හිතන්න ඇති මෙදා පොටේ මගේ කොල්ලා ගොඩ කියලා… හේමාගේ අත අල්ලන් යනකොට රනිල් හිතන්න ඇති මේ මෝඩි දන්නවැයි රනිල් කියන්නේ කවුද කියලා…

  2. Porak says:

    වයෝවෘද්ධ පජාත අවලන් සමනල් රජා අපේ රට වසර ගනනාවක් කෑවා….රටේ ඉන්න සමස්ථ ජනතාව මොහුට ගල් ගසා රටින් පිටුවහල් කල යුතුමයි …නමුත් මහින්ද මහතා මොහුව බේරගන්නවා ඇත…

    • sw says:

      උබලට ඕනෙනම් ගල් ගහලා එලවගනිල්ලා .සජිත් වගේ මැටිමොලෙක් ආවත් රනිල් හිටියත් මහින්දට ගේමක් නෑ .මුන්ට නායකයෙක් නැති එකට මහින්ද පළි .unp එක දැන් කුළීකාරයන්ගේ පක්ෂයක් .

      • Porak says:

        රනිල්ට බනිනකොට රිදෙන්නේ මොකද බන්…මහ බැන්කුව කොල්ලකෑවා කියලා චන්දෙට කලින් වලලන්න හැදුවා…රනිල් රවී යහතින්…ඇස් ඇරලා බලපන් රනිල්ව රකින්නේ කවුද කියලා …චන්දේ දුන්නා කියලා නපුන්සකයෝ වගේ කඩේ යන්න එපා බන්..ගෝටබය මහතා ගේ වැඩ පිලිවෙල නියමයි….නමුත් ඒකට පහරන්නේ කවුද බලපන්

  3. සිංහල බන්ඩා says:

    සජියා රනිලගෙ 🥕🥕🥕🥕 ගිලලා.

Main News