රනිල්ගේ ජනාධිපති අපේක්ෂක තෝරාගැනීම අනුරයි.. ඔහු ජවිපෙ අපේක්ෂක නොවී පොදු අපේක්ෂක වුනේ රනිල්ට පහසු වෙන්නයි..
August 22, 2019 at 10:00 am | lanka C news
ජනාධිපති අපේක්ෂකයා කවුදැයි නම් නොකර එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කල් මරමින් සිටින්නේ තමනට වඩාත්ම විශ්වාස හා හිතවත් පුද්ගලයා තෝරා ගැනීමට බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන්නේ නම් ඔහුට තෝරා ගැනීම් ලෙස සජිත් පේ‍්‍රමදාස, කරු ජයසූරිය, අනුර දිසානායක ඇති බවද ඒ මහතා සදහන් කලේය.
ඒ අනුව වේලාසනම ජවිපෙ නායක අනුර දිසානායක ජවිපෙ අපේක්ෂකයා නොවී පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ අගමැති රනිල් වික්‍රමසිංහගේ මෙම උවමනාව ඉටු කිරීමට බවද ඔහු කියා සිටියේය.
එනිසා සජිත්, කරූ යන දෙදෙනාට වඩා රනිල්ට වඩාත්ම සුදුසු පොදු අපේක්ෂක වන්නේ අනුර දිසානායක මහතා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේය.
ඔහු මෙම අදහස් පල කලේ චිනයේ සංචාරයක නිරත වන අතරේ බීජිංහිදී ශ්‍රී ලාංකිකයන් පිරිසක් අමතමිනි.