රනිල්ගේ දඩ බල්ලන් අපව මරන් කන්න හදනවා.. රනිල්-සිරිසේන මහත්වරුනි නුඹලට වැරදිලා..

October 25, 2016 at 8:40 am | lanka C news
රනිල්ගේ දඩ බල්ලන් අපව මරන් කන්න හදනවා.. රනිල්-සිරිසේන මහත්වරුනි නුඹලට වැරදිලා..

වැලිකඩින් අපි එළියට ආවේ ආණ්ඩුව ගෙදර යැවීමේ සටනට පණ පෙවීමට අවශ්‍ය ශක්තිය සහ පන්නරය අරගෙනයි…

ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සිරිගත කර ඔවුන් ආණ්ඩුවට එරෙහිව සිදුකරන ජනතා අරගලය යටපත් කිරීමට කිසිවකු හෝ හිතනවා නම් එය එය බරපතළ වරද්දා ගැනීමක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

පුරා දින 26ක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි ජයන්ත සමරවීර මහතාට කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.

‘‘මුළු ලෝකයම බලා සිටියදී ශ‍්‍රී ලංකාවේ මහ බැංකුව බිඳලා රුපියල් බිලියන 10ක්(කෝටි 1000* හොරකම් කරපු බෑනලා, මාමලා අද සුර සැප විඳිමින් සිටිනවා. ඒ අතරේ අද යහපාලන ආණ්ඩුව කරන එකම කර්මාන්තය තමයි, අභූත චෝදනා නගලා ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සහ ක‍්‍රියාධරයන් රක්‍ෂිත බන්ධනාගාරගත කරවීම.

අපව රක්‍ෂිත බන්ධනාගාරගත කරලා මේ ¥ෂිත, දේශද්‍රෝහී ආණ්ඩුවට එරෙහිව ජනතා බලවේග කුළුගන්වන එක නතර කරන්න හදනවා නම්, මෛත‍්‍රීපාල සිරිසේන- රනිල් වික‍්‍රමසිංහ මහත්වරුනි ඒක ඔයාලට වුණු බරපතළ වැරැද්දක්. එක වතාවක් 1988-89 කාලයේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ දඩ බල්ලන් අපව මරාගෙන කන්න හැදුවා. ඒත් බැරි වුණා. අද වැලිකඩ රක්‍ෂිත බන්ධනාගාරයට යවලා දින 26ක හොඳ ඩිප්ලෝමා පාථමාලවක් හදාරන්න ඉඩකඩ ලබා දුන්නා. මම එළියට ආවේ තවතවත් පන්නරය ලබලා, කුළුගෙඩියක් වාගේ ශක්තිමත් වෙලා, ‘නුඹලාගේ ආණ්ඩුව ගෙදර යවනවා’ කියන තීන්දුව අරගෙන. මම එළියට ගිහිල්ලා කරන්නේ මේ රට විනාශයෙන් විනාශයට ඇදගෙන යන ව්‍යවස්ථා මර උගුල් ගෙන එන, රටේ සම්පත් බහුජාතක සමාගම්වලට විකුණන්න හදන, එට්කා ගිවිසුම ගහලා මේ රට ඉන්දියාවේ කොලනියක් බවට පත් කරන්න හදන මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව ඉක්මනින්ම ගෙදර යවන ජනතා අරගලයට පණ පෙවීමයි.

ඒ වගේම මේ රටේ අධිකරණයට යුක්තිය ඉෂ්ට කිරීමට, ‘වඩ වඩා ශක්තිය ලැබේවා’ කියා පතනවා’

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

118 views
Main News