රනිල්ගේ දල කඩයි.. මහ බැංකුව ජනාධිපති පවරාගනී..

January 29, 2018 at 12:06 am | lanka C news
රනිල්ගේ දල කඩයි.. මහ බැංකුව ජනාධිපති පවරාගනී..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාලනය කරනු ලබන ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතට ගැසට් කර ඇති ශ‍්‍රි ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශය යටතේ නැවත ගැසට් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

ඒ අනුව ඉදිරියේදී මහ බැංකුව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා යටතට පත් වනු ඇත.

පසුගිය වසර තුන තුල රටේ ආර්ථිකය හසුරවනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂය විසින් බවත් එය අසාර්ථක නිසා තමන් ආර්ථිකයේ හැසිරවීම පවරා ගන්නා බවටත් ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේය.

ශ‍්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් පරිබාහිරව ගැසට් කිරීම මුදල් පනත උල්ලංඝණය කිරීමක් බවට පසුගිය සමයේදී දිගින් දිගටම චෝදනා එල්ල විය.

39 views

14 Comments to “රනිල්ගේ දල කඩයි.. මහ බැංකුව ජනාධිපති පවරාගනී..”

  1. don katugampala says:

    ithuru banku tikata hitan kelinna hadanne, beri veda nokaran siro.

  2. samuvel says:

    දැන් පෙන්වන පරන චිත්‍රපටි ” දවල් මිගෙල් රෑ දනියෙල්” ” හොරුන්ගෙත් හොරු” “බඩුත් එක්ක හොරු” “කෝලම්කාරයෝ” “හාර ලක්ශ මන්කොල්ලය” ……තවත් එනවා ….

  3. DAYA says:

    මුලු රටම වනසා ආර්තික අගාධයට අැද දමා ඉවරයි. මහ බැංකු මංකොල්ලයේ ප්‍රධාන වරද කරු අගමැතිය. ඒ හැරත් ඔහු ගෙන්වා ගත් අර්ජුන රටම වනසා මුලු සේසතම සූරාගෙන රටින් පැන ගොස් හමාරය. ජනාධිපති මේ කරන්නේ අස්වයා පැන ගිය පසු ස්තාලය වසා දැමීමද? මේකත් ඡ්න් ද ගුන් ඩුවක බව දන්නෝ දනිති.

Main News