රනිල්ගේ ලේකම් හා ගැටී චන්ද්‍රිකාගේ ලේකම් ගෙදර…
April 10, 2017 at 12:15 am | lanka C news
මෙරට සාමය හා සංහිඳියාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු වැඩසටහන් සම්බන්ධයෙන් අගමැති ලේකම් සමන් ඒකනායක මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යටතේ ක්‍රියාත්මක සංහිඳියා යාන්ත්‍රණයක් පිළිබඳ ලේකම් කාර්යාලයේ මහ ලේකම් මනෝ තිත්තවැල්ල මහතා අතර ගැටුම්කාරීත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.
සාමය හා සංහිඳියාව ගොඩනැංවීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඒ අනුබද්ධ සංවිධාන හා වෙනත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විසින් සිය අරමුදල් ලබා දීමට කැමැත්ත පළ කර ඇති අතර එම අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම ගැටුම් ඇතිව තිබේ. මනෝ තිත්තවැල්ල මහතා මේ වන විට විශාල ව්‍යාපෘති සැලසුම් ගණනාවක් සකස් කර තිබුණ ද ඒ සඳහා විදේශ අරමුදල් අවශ්‍ය නොවන බවට සමන් ඒකනායක දැඩි මතයක සිටී.
එසේම එම අරමුදල් ලබා ගන්නේ නම් සංහිඳියා යාන්ත්‍රණයක් පිළිබඳ ලේකම් කාර්යාලයට නොව විදේශ අමාත්‍යාංශය හරහා ඒ ලබාගත යුතු බවට අගමැති ලේකම්වරයා විසින් කොන්දේසියක් දමා තිබේ. මේ සඳහා මනෝ තිත්තවැල්ල මහතා එකඟ වී නොමැති අතර තමන්ට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට ඉඩක් නොලැබෙන්නේ නම් ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ද දැන ගැනීමට ඇත.
කෙසේ නමුත් මෙම ලේකම් දෙදෙනා අතර ගැටුම් ඇති කිරීම සඳහා මැදිහත් වී ඇත්තේ මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක් බවට ද තොරතුරු හෙළිව තිබේ.
ඩී. මංජුල කුමාර
– Sathhanda
සල්ලි..සල්ලි…සල්ලි….
මුන් දෙන්නම ඩොලර් කාක්කෝ දෙන්නෙක් කියලා හීන් බබා සියාගෙ අප්පොච්චා මෙ ලඟදි තිබුනු බියර් පාටියේදි කියනවා මටත් ඇහුනා
අනේ කොච්චර එකක්ද..එකා එකා කාගනියව්. මේ රට විනාස කරන සාපෙ වදින්න පටන් ගත්ත විතරයි
ඔතන තියෙන්නේ සල්ලි ටිකක් සාක්කුවට දා ගන්න තියෙන පොරයක් මිසක් සංහිදියාව ශක්තිමත් කිරීමේ පොරය නෙවෙයි… අපි නොදන්න චෙස්……
බඩගිනි බල්ලො සෙට් එකක් මැද්දට මස් කට්ටියක් දැම්ම වගේ.
පේනවද සංහිඳියාව ඇතිකරගන්න කොච්චර රන්ඩු වෙන්න ඕනෙද කියල.