රනිල්ගේ සුපිරි ඇමතිකම් ගැන කියා බැසිල්ට පහර ගහන්න ගිය ඩිලාන් පෙරේරා සහෝදර කැබිනට් ඇමතිගෙන් ඉල්ලන් කයි…

December 20, 2016 at 12:01 am | lanka C news
රනිල්ගේ සුපිරි ඇමතිකම් ගැන කියා බැසිල්ට පහර ගහන්න ගිය ඩිලාන් පෙරේරා සහෝදර කැබිනට් ඇමතිගෙන් ඉල්ලන් කයි…

ඩීලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ රජයේ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවමින් නිරන්තරයෙන්ම රජයට සම්බන්ධ නැති පාර්ශවයන්ට රජය සමඟ ඩීල් ඇතයි චෝදනා කරමින් අමුතුම දේශපාලන ගමනක් යෑමට පටන් ගෙන ඇත. මේ සම්බන්ධයෙන් කාලයක් එම රජයේ අනිකුත් පාර්ශවය නිහඬව සිටියත් එන්න එන්නම රජය අපහසුතාවයට පත්කරමින් සියලුම රජයේ ප්‍රතිලාභ ලබමින් එසේ ක්‍රියා කිරීමට විරෝධය පලකිරීමට රජයේ අගමැතිවරයාගේ පාර්ශ්වය පිලිතුරු දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇත.

අගමැතිවරයාගේ සුපිරි අමාත්‍ය ධූරය ගැන කියමින් මහින්ද රාජපක්ෂ යුගයේ සිදු කල සංවර්ධන වැඩසටහන් අවමානයටත් අවප්‍රමාණයටත් ලක් කිරීමටත්, එම රජයේ ආර්ථික සංවර්ධන කටයුතු භාර හිටපු අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂට ඒ හරහා අවලාද නැගිමත් සිදු කරයි. එමෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ යෝජිත සුපිරි ආර්ථික අමාත්‍ය ධූරය ද විවේචනයට ලක් කිරීමටත් ඒ හරහා තමන් රජයේ කොටස් කරුවකු නොවන බව ජනතාව හැගවීමට ගත් උත්සහය ලත් තැනම ලොප් කිරීමට ආණ්ඩුවේ ස්වදේශීය කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වහාම කටයුතු ආරම්භ කොට ඇත.

ඩීලාන් රාජ්‍ය අමාත්‍යවරයාගේ සුපිරි ඇමති කතාවට පිලිතුරු දෙමින් වජිර අබේවර්ධන අමාත්‍යවරයා පවසා සිටියේ ශ්‍රීලංකාව දියුණු කිරීමට නම් එවැනි සුපිරි ඇමතිවරයකු අත්‍යවශ්‍ය බවයි. එක පැත්තකින් රට සිංගප්පූරුවක් මැලේසියාව කරන්න කතාකරන ගමන් එම රටවල් එසේ දියුණුව ලගා කර ගත්ත ආකාරය සහ ඒ වෙනුවෙන් භාවිතා කල සුපිරි බලතල ගැන කතා නොකිකිරීම විහිලුවක් බවත් රට සංවර්ධනය කිරීමට අවශ්‍යයි නම් ඊටත් වඩා බලතල ආර්ථික සංවර්ධනය කටයුතු සඳහා ලබාදිය යුතු බව ඔහු පවසයි. ඒ සුපිරි බලතල ලබාදීමට අවශ්‍ය කටයුතු පාර්ලිමේන්තුව හරහා කිසිම පැකිලීමකින් තොරව ලබාදීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මීට පෙර යූ එන් පී එකේ පසුපෙල මන්ත්‍රීවරුන් තිදෙනෙකු හරහා ඩීලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුවේ ඉන්න බැරි නම් එලියට යන්න ආණ්ඩුවේ ඉදන් ආණ්ඩුවේ සියලු වරප්‍රසාද සහ පහසුකම් ලබමින් ආණ්ඩුව විවේචනය කරන්න එන්න එපා යයි දැඩි විවේචනාත්මක ප්‍රහාරයක් එල්ල කොට එය පහව යන්න පෙර රනිල් වික්‍රමසිංහ රජයේ ජේෂඨ අමාත්‍යවරයකු මෙසේ පැවසීම තුල තවදුරටත් ඩිලාන් පෙරේරාට රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවීමට නොහැකි වනු ඇතැයි විචාරක මතයයි.

28,440 Viewers

9 Comments to “රනිල්ගේ සුපිරි ඇමතිකම් ගැන කියා බැසිල්ට පහර ගහන්න ගිය ඩිලාන් පෙරේරා සහෝදර කැබිනට් ඇමතිගෙන් ඉල්ලන් කයි…”

  1. gamage says:

    ඩිලාන් පෙරේරා වැනි දේශපාලන හිගන්නන්ට ඔහොම කිව්වට ලැජ්ජා නැහ.

    • රමනි විජේසේකර says:

      වජිර අබේවර්ධන අමාත්‍යවරයා පවසන පරිදි මෙම යෝජනාව මේ වන විට කැබිනට් එක අනුමත කොට පාර්ලිමේන්තුව අනුමැතිය සඳහා යොමු කොට ඇති බවක් හැගේ, එසේ නම් සුපිරි බලතල සහිත ඇමති ධූරය සඳහා මේ වනවිට කැබිනට් එකේ ප්‍රධානි ජනාධිපතිවරයා ප්‍රමුඛව ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරු මේ යෝජනාවට එකගයි,
      මේ මනුෂ්‍යයා ඒකවත් හරියට දන්නේ නැතිව කෑ ගහන්නේ,,

  2. රාජ්‍ය සේවක says:

    එනම් රාජපක්ෂ යුගයේ ඇමැතිවරයෙක් වූ ඩිලාන් පෙරේරා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නීලකාස දූෂන 12 ක් සිදුකර ඇති බවට 2015 ජුනි 16 වෙනිදා විගණකාධිපතිවරයා විසින් වාර්තාවක් නිකුත් කර තිබියදී එකී වාර්තාව අනුව 2015 ජුනි 23 දා FCID ය වෙත නීත්‍යාණුකූල ලෙස පැමිණිල්ලක් ද කර තිබියදී අද දක්වා කිසිදු පරීක්ෂනයක් සිදුකර නොතිබීමයි.

    විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අංකය – IS/INV/PC/GDE/2015/04 වේ
    එම වාර්තාව අනුව දූෂණ පිලිබඳ පරීක්ෂණ කරන්නැයි විධිමත් ලෙස පැමිණිලි කර ඇත්තේ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතිඥ නන්දපාල වික්‍රමරත්න මහතා ය.
    එකී පැමිණිලි කරන ලද දිනය – 2015 ජුනි 23 දා වේ

  3. හපුතලේ අප්පුහාමි says:

    මෙන්න විපතක් වු විට ඩීලාන් හොරා කාපු හැටි ,
    10) මීරියබැද්ද නාය යාමෙන් විපතට පත් රටවිරු පවුල්වලට සහන සලනවා ය කියා රුපියල් දස ලක්ෂයක් ලබාගෙන, ඉන් රුපියල් එක් ලක්ෂ 69 දහස් 190 ක මුදලක් පමණක් වියදම් කර රුපියල් 10,000 ක ඉන්ධන ගසා ඉතිරි සියළු මුදල් ඩිලාන්ගේ දේශපාලන කටයුතු වලට වියදම් කරගෙන තිබේ. ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර ඇත.

  4. සමන් says:

    මූ හැමදාම නායකයාගේ පස්ස ලෙවකමින් හොරකම් කල එක තමයි කලේ.

  5. කමනි. says:

    මූ ඇදුම් අදින්නේ ලැජ්ජාවට නොවේ, සීතලට, නැත්නම් ආත්මගරුත්වයක් ඇති මිනිහෙක් නම් හෙට ඉල්ලා අස්වෙලා ගෙදර යනවා.

  6. asaranaya says:

    වපර ඩිලෝ නිකන් පීචන් වන්නේ නැතුව තියෙනදෙයක් කාගෙන ලැබෙන දෙයක් අරගෙන පලඩෝ.
    ඉල්ලන් කනවා මූ නිතරම බඩ යන්න
    බල්ලන් වගේ හැසිරෙන කෙළ පෙරමින්න.
    බැරිනම් අඩෝ! පලයන් එළියට යන්න,
    එන්නන් “සිරි”ත් සහයට යමලොව යන්න.

  7. Mahesh says:

    Waulage gedara gihin ellunanam, dena deyak kala wena deyak balagena inne nethiwa pora talk denna giyama nikanma kicha wenawa kiyala therenne nedda jangi koto. Aneka umbe pora talk den badulla, haliela minissu kohomatath ganan ganne nehe. Matath me tika kiwwe ara ONAGONA.

  8. Sihala Yaka - සිහල යකා says:

    සිංගප්පූරුවෙ, මැල්සියාව රටවල ආර්ථික පනත් තියෙන්නෙ රජයට බලතල දීල​. ඒව ක්‍රියාත්මක කරන්නේ අදාල නිළධාරීන්. ලංකාවෙ ගේන්න හදන්නේ එක පුද්ගලයෙකුට සුපර් බලයක් දෙන භයානක දෙයක්.
    බලය පික් පොකට් ගහගෙන දැනටත් පිස්සු නටන එකා ට සුපර් බලයක් දුන්නොත් බිස්සු ට්‍රිබල් වෙයි. අවුරුදු 5 න් විනාස කරන රට 1 න් ම විනාසම කරල දායි.

Main News