රනිල්ගේ හා මගේ පින්තුර තබා දිනපතා මල් තියා වදින්න.. ලංකාවේ උන්ට පුදුම වාහන පිස්සුවක් තියෙන්නේ..- මංගල කියයි..

October 1, 2018 at 12:01 am | lanka C news
රනිල්ගේ හා මගේ පින්තුර තබා දිනපතා මල් තියා වදින්න.. ලංකාවේ උන්ට පුදුම වාහන පිස්සුවක් තියෙන්නේ..- මංගල කියයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ තමන්ගේ පින්තූර තබා දිනපතා පහන් පත්තු කර වදින්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් තමන් ඉල්ලා සිටින බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

අද වන විට මහින්ද රාජපක්‍ෂ මහතාටද ලෝකයේ ඕනෑම රටකට යාමට හැකිව ඇත්තේ යහපාලනය ගැන ලෝකයේ රටවල් විශ්වාසය තබා ඇති නිසා යයිද ඔහු සදහන් කරයි.

මාතර එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩලය අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

මේ රටේ මිනිසුන්ට ඇත්තේ පුදුම වාහන පිස්සුවක් නිසා වාහන ගෙන්වීමට සීමා පැනවූ බවත් මැති ඇමතිවරුනටද එම නීතිය මුලින්ම පැනවූ බවත් මුදල් ඇමතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.

191 views
Main News