රනිල්ටත්, කරූටත් අපේක්ෂකත්වය දෙනවාට විරුද්දයි.. සජිත් පිල කෘත්‍යාධිකාරී හා මන්ත්‍රී කණ්ඩායමේ ඡන්දයක් ඉල්ලයි..
September 13, 2019 at 3:00 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හෝ කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සජිත් පාර්ශවය විරෝධය දක්වා ඇත.
ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එක්ව ඡන්දයකින් ජනාධිපති අපේක්ෂකයා ගත යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරය තමන්ට ඇති බවයි.
පක්ෂ ව්‍යවස්ථාව අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නේ කෘත්‍යාධිකාරී බහුතර බවද ඔහු සඳහන් කර ඇත.