රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ.. නැවත ඒ ගැන කතා එපා.. එජාප ලොක්කෝ මීක් නැතිව මාරු වෙති.. එජාප කුල්ල කුජීත කල ජනපති හමුවේ විස්තරය මෙන්න..

December 1, 2018 at 12:23 am | lanka C news
රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ.. නැවත ඒ ගැන කතා එපා.. එජාප ලොක්කෝ මීක් නැතිව මාරු වෙති.. එජාප කුල්ල කුජීත කල ජනපති හමුවේ විස්තරය මෙන්න..

රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම නැවත වතාවක් තමන් විසින් අගමැති ධුරය ලබා නොදෙන බව එක්සත් ජාතික පෙරමුණ නායකයන් සමග පැවති සාකච්ඡාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි අවධාරණය කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම හමුව සඳහා සජිත් පේ‍්‍රමදාස, රවි කරුණානායක, කබීර් හසීම්, මලික් සමරවික්‍රම, අකිල විරාජ් කාරියවසම්, මනෝ ගනේෂන්, දිගම්බරන්, බදුර්දීන්, චම්පික රණවක, රවුෆ් හකීම්, ගයන්ත කරුණාතිලක යන එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් එක්ව සිටියහ.

සාකච්ඡාව ආරම්භයේදීම ජනාධිපතිවරයා විනාඩි තිහකට ආසන්න කාලයක් මේ කරුණු පැහැදිලි කරමින් පසුගිය වසර තුනහමාරක කාලයේ දී රටට සිදුවූ විනාශය සහ ආර්ථික පසුබෑම ගැන දීර්ඝ විස්තරයක් සිදු කළේ එක්සත් ජාතික පෙරමුණේ කිසිදු නියෝජිතයෙක් බාධා කිරීමකින් තොරවයි.

රනිල් වික්‍රමසිංහ වෙනුවට වෙනත් අයකු පත් කරගන්න තමන් අවස්ථා ගණනාවක යෝජනා කළ ද අද වනතුරු එම කටයුත්ත සිදු කර ගැනීමට හැකි වී නැති බවද පවසා ඇති ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම තමන් අගමැති ධුරය ලබා නොදෙන බව දැඩිව අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයා සිය දීර්ඝ අදහස් දැක්වීම අවසන් කරමින් එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ට අදහස් දක්වන්න කී පසු ඔවුන් විනාඩි තුන හතරක් කටඋත්තර නැති ව සිට ඇති බවද වාර්තාවෙයි.

අනතුරුව කබීර් හෂීම් මන්ත්‍රීවරයා විසින් යෝජනා කර ඇත්තේ පොදු වැඩපිළිවෙළක් යටතේ එක්වී කටයුතු කරන කිරීමට හැකිද කියයි.

ජනාධිපතිවරයා ද එය හොඳ අදහසක් බවත් සඳහන් කර ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කර එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ නොහැකි බව ද සඳහන් කළේය.

එහිදී ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විසින් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ බලය ඇත්තේ එක්සත් ජාතික පෙරමුණට නිසා නව අගමැතිවරයෙක් පත් කළ යුතු බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අගමැති පත් කිරීමේ බලය ඇත්තේ තමනට මිස පාර්ලිමේන්තුවට නොවන බවත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම තමන් පත් කර අගමැතිගේ කටයුත්තක් බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අදහස් දක්වමින් පවසා ඇත්තේ ‘ඔබතුමා නායකත්වය අරගන්න. අපි ඔබ කියන විදිහට කරන්නම්. රනිල් වික්‍රමසිංහ මහතා නාමිකව හෝ අගමැති ලෙස තියාගෙන ඉදිරි කාල සීමාව ආණ්ඩුව කරගෙන යමු’ යනුවෙනි.

ඊට ද ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් කිසිසේත්ම අගමැතිවරයා ලෙස යළි රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම හේතුවක් මත පත් නොකරන බවයි.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාව අවසන් වී ඇත්තේ කිසිදු විසඳුමකින් තොරවයි.

75 views

45 Comments to “රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ.. නැවත ඒ ගැන කතා එපා.. එජාප ලොක්කෝ මීක් නැතිව මාරු වෙති.. එජාප කුල්ල කුජීත කල ජනපති හමුවේ විස්තරය මෙන්න..”

  1. SMA Panadura says:

    Dear President, We also had problems when you left the UPFA and joined with UNP to contest against MR at the last Presidential Election. However, it is a pleasure now you have understood who Ranil is. He is a traitor. Once he signed a CFA with Prabhakaran and now as PM he was trying to sell our motherland to foreigners.
    Don’t worry MR and SLPP will support you and strengthen your Executive Powers in order to eliminate these gang of traitors led by Ranil at all the next elections.

  2. Nandasoma says:

    රනිල්ට අගමැතිකම දෙන්න තරණය කරනවට වැඩිය නම්බුකාරයි, ඔබතුමා ජනාධිපති කමෙන් අයින් වෙන එක……!

  3. පොඩි බයියා says:

    මහින්ද යුධ හමුදා මූලස්ථානය තිබුනු ඉඩම හා පෝට් සිටි භූමිය චීනෙට සින්නක්කර දීම රට විකිණීමක් නෙමෙයි.
    මහින්දල විසින් වෙනත් චීන සමාගමකට දීමට සූදානම් කර තිබුනු හම්බන්තොට වරාය රනිල් චීනෙට බදු දෙන කොට ඒක රට විකිණීමක්.
    මහින්ද හොර අගමැති උන ගමන් ජය බහාලූ පර්යන්තයෙන් කොටසක් චීනෙට දුන්න. ඒව දේශප්‍රේමියි.
    තාත්ත හොර අගමැති වුනු ගමන් නාමල් FCIDඑකට යන්නෙ කොට කලිසමක් ඇඳගෙන.
    මැද මුලනෙ බත් බැලයො හිතන් ඉන්නෙ උන් විතර දේශප්‍රේමියො කියල.

    • Hoo !!! says:

      තෝත් පඩි ගන්නෙ ලිට්‍රො ගෑස් එකෙන් නේද 😀

  4. Deshadiyani says:

    Mage Lak mawata Jaya!

  5. david milibanda says:

    President should have taken a vote from the UNP’ers to disclose the names of parliamentarians who eceived Bond Scam money???//
    Its better than discussing about PM appointment.

Main News