රනිල්ට අගමැතිකම දෙන්න එකග වී නෑ..- පැය 06ක් යන්න පෙර එකගතා කඩමින් අජිත් පී පෙරේරා කියයි..

September 27, 2019 at 1:20 pm | lanka C news
රනිල්ට අගමැතිකම දෙන්න එකග වී නෑ..- පැය 06ක් යන්න පෙර එකගතා කඩමින් අජිත් පී පෙරේරා කියයි..

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට එකගතාවක් නැති බවත් එක්සත් ජාතික පක්ෂය ඇමති අජිත් පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනි ප්‍රවෘත්ති බලය දේශපාලන සංවාදයට එක්වෙමිනි.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පැවසූ පරිදි දිගටම අගමැතිධුරය රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන්නේදැයි මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කළ ප්‍රශ්ණ කිරීමකට පිළිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.

එවන් එකඟතාවයක් නැති බව අජිත් පී පෙරේරා මහතා පැවසූ නමුත් මහින්දානන්ද මන්ත්‍රීවරයා දිගටම කියා සිටියේ අකිල විරාජ් පක්ෂ මහලේකම්වරයා විසින් ඒ බව සඳහන් කර ඇති බවයි.

ඊයේ දින පැවති මාධ්‍ය හමුවකදී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාට දිගටම අගමැති ධූරය ලබාදීමට සුදානම් බව සජිත් ප්‍රේමදාස මහතා විසින්ම ප්‍රකාශ කළ බවය.

46,144 Viewers

10 Comments to “රනිල්ට අගමැතිකම දෙන්න එකග වී නෑ..- පැය 06ක් යන්න පෙර එකගතා කඩමින් අජිත් පී පෙරේරා කියයි..”

  1. රන්බණ්ඩා says:

    ඇහැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි, ඒ කියන්නෙ අඩ නින්දෙදි තමයි මිනිස්සුන්ට වැඩිමනත් හීන පෙනෙන්නෙ.
    ඉතිං මුන්ගේ මේ ජනාධිපති-අගමැති හීනෙත් ඒ වගේම එකක් බොලව්.
    මහ රෑ කොරගත්තු දේකුත් නෑ…
    දැන් එළි වෙන්න ඔන්න මෙන්න…
    අපි මොනවා කොරන්නද ඉතිං…
    මේවා මුන්ට සොබාදහමෙන් දෙන විපාක බොලව්.

  2. සමන් says:

    මු හැරිච්ච හැරිච්ච පැත්තට හොයියා කියන තවත් සදා ලෝක පුජීත වල් බුරුවෙක්! – රනිල් අගමැතිකම ගත්තත් නැතතත් අපිට වැඩක් නැ – අපි චංදය දෙන්න රාජපක්ෂලට!

  3. Saradiel says:

    අන්තිමට මුන් දෙගොල්ලෝ මරා ගන්නවා රටට සෙතක්

  4. sirimal says:

    මයිත්‍රී ශ්‍රී ලනිප අල්ල ගත්ත වගේ රනිල් එජාපය සජිත්ට දෙන්නේ නැහැ . සජිත්ට අනාගතයේදී අලුත් පක්ෂයක් ගොඩ නැගීමට වේවි

  5. suresh says:

    සජිත් ජනපති අපේක්ෂක , ඒ වුනාට ප්‍රතිපත්ති හදන්නේ රනිල්ගේ ගෝලය රාජිත , ඒ පෙරමුණේ ලේකම් වෙන්නෙත් රාජිත ( මැකෝ සමග කටයුතු කරන්නේ ඔහු ) . මැතිවරණ ව්‍යාපාරය පාලනය කරන්නේ අකිල විරාජ් . අගමැති රනිල්. කතානායක දිගටම එම තනතුරටම (කොමිසන් පාලනය ඔහුට ) .ඒතකොට සජිත්ට ඕන විදියට මොකවත් වෙන්නේ නැද්ද ?

  6. upul says:

    ඉල්ලන පක්ෂේ අයිති රවිට

  7. Sun says:

    This is the type of democracy in Sri Lankan politics which cannot understand. They plan their own stuff without consulting the fellow members and the boss is controlling the process. He will get rid of the people he does not want. Other than he will make underhand planning with close supporters and money business with them. They know nothing about democracy or planning. It is a matter of controlling the people under him. Ultimately he will sell the land also when the economy is not progressing. Is it politics. That is his way of running democracy.

  8. රනිල් says:

    මුං කොහොමත් රෑට කියන එක නෙමෙයි දවල්ට කියන්නෙ

  9. kawinda says:

    pora langadi indala naagannawa. baar soap gaalama naaganin tomiyo. Foot note gahapu eke aanisansa labana Janawary patan balaaganna puluwan wei.

  10. අපේක්ෂා says:

    හංසයා ගේ ප්‍රතිඵල ජය01 පරාජ01 යි. පොදු අපේක්ෂකයන් 03 යි.

Main News