රනිල්ට අගමැතිකම නොදුන්නොත් වීදි සටන් අරඹනවා.. මහ පාරේ මැරෙනවා..- එජාපය කියයි..

December 8, 2018 at 2:10 pm | lanka C news
රනිල්ට අගමැතිකම නොදුන්නොත් වීදි සටන් අරඹනවා.. මහ පාරේ මැරෙනවා..- එජාපය කියයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුමක් කීවද එක්සත් ජාතික පක්ෂය විසින් අගමැති ධූරය සඳහා නම් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව එම පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් නිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට නම් නොකරන්නේ නම් රටේ ජනතාව සමඟ වීදි සටනක් අරඹන්න සූදානමින් සිටින බවත් සභාපතිවයරා පවසයි.

ජීවිත පරිත්‍යාගයෙන් හෝ ජනතා පරමාධිපත්‍ය ව්‍යවස්ථාව රැක ගැනීමට කටයුතු කරන බව ඔහු සඳහන් කරයි.

වත්මන් ප්‍රශ්නය ඇති කරන ලද්දේ ජනාධිපතිවරයා විසින් නිසා ඔහු විසින්ම මෙම ප්‍රශ්නය විසඳිය යුතු බව ද ඔහු කියා සිටී.

152 views
Main News