රනිල්ට අස්වෙන්න අවසන් අවස්ථාව දෙයි.. නැතොත් එජාප මන්ත‍්‍රින් අස්වෙන්න සූදානම්..

February 19, 2018 at 6:26 am | lanka C news
රනිල්ට අස්වෙන්න අවසන් අවස්ථාව දෙයි.. නැතොත් එජාප මන්ත‍්‍රින් අස්වෙන්න සූදානම්..

‘සිරිකොත’ එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ දින රැස්වූ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් රනිල් වික්‍රමසිංහ මහතා සිය අග්‍රාමාත්‍යවරයා ලෙස තවදුරටත් පිළිගන්නා බවට ඔවුන්ගේ අත්සන් සහිතව ලියවිල්ලක් භාර දී ඇත.

කෙසේ වෙතත් මාසයක කාලයකදී පක්‍ෂයේ ඉහළ තනතුරු නායකත්වයද ඇතුළු වෙනස් වන ලෙස පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කළ යුතු බවට මන්ත්‍රීවරුන් එහිදී අවධාරණය කර ඇත.

එසේ නොකළහොත් තමන් සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වන බවටද අනතුරු හඟවාඇතැයි සිරිකොත ආරංචි මාර්ග කියා සිටී.

6 views

2 Comments to “රනිල්ට අස්වෙන්න අවසන් අවස්ථාව දෙයි.. නැතොත් එජාප මන්ත‍්‍රින් අස්වෙන්න සූදානම්..”

  1. බන්ඩා says:

    ජාතික අාණ්ඩු අැති නැති කතා පැත්තක තියමු. ව්‍යවස්ථාවෙ 43(3) යටතෙ ජනාධිපතිට අැමති මංඩලය සංශෝධනය කිරීමට සහ වක්‍රාකාරයෙන් අාණ්ඩු කිරීමට අැති අයිතිය 19 වන සංසෝධනයෙන් සම්පූර්ණයෙන් අයින් කොරලද? එහෙම කොරල අැති බවක් සිංහල සහ ඉංගිරිසි කියවල තේරුම් ගන්න පුලුවන් අපට නම් පෙනෙන්නෙ නැහැ. නීති විශාරදයො දෙපැත්තටම තර්ක කොරාවි. අැත්තටම අගමැතිත් අැමති මංඩලයෙ කොටසක් කියන තර්කයෙන් ජනාධිපති අගමැති අයින් කොලොත් ගොන්ජල, රාජිතල, අමරයල මොනව කොරන්නද? හරි හෝ වේවා වැරදි හෝ වේවා, අපේ ව්‍යවස්ථාවෙ බොහෝ තැන් වල තීරනාත්මක වෙන්නෙ ජනාධිපතිගෙ අභිමතයය්. උසාවි ගිහින් ව්‍යවස්ථාව වැරදියට අර්ථකතනය කොරල කියල තීන්දුවක් ගත්තත් ඒ වෙනකොට පලාත් සභා චන්ද තියල ඉවරය්. කෝච්චිය ගිහින් ඉවරය්. අද රනිල්ට මහජන ප්‍රසාදයක් නැහැ තමන්ගෙ පක්‍ෂෙ එකට තියා ගන්නවත් බැහැ. අට පාස් හිටං අවතක්සේරැ කොරන්න එපා! අනුන්ගෙ පානෙන් එලිය බලන්න හිටං දක්ෂයා. ඉතින් නම්බු පිටින් ඉල්ලා අස්උනේ නැත්නම් රනිල් වෙන්නෙත් ex-CJ ට වෙච්ච වැඩේමය්.

  2. Sirisena Yatawara says:

    UNP no longer political party even under any persons who can carry forwarded our nation? The majority people are behind Mahinada Rajapaease has been shown 2018 10 February elections. In fact people having trust on MR ,not that other?
    We have face reality of nation that MR is leader of democratic nation of Sri Lankan.
    The people -POWER could be transfer to MR only.

Main News