රනිල්ට එජාප නායකත්වය 30දා තෙක් පමණයි.. නැතොත් එජාප මන්ත‍්‍රින් 50ක් තීන්දුව ගනී…

April 21, 2018 at 10:40 am | lanka C news
රනිල්ට එජාප නායකත්වය 30දා තෙක් පමණයි.. නැතොත් එජාප මන්ත‍්‍රින් 50ක් තීන්දුව ගනී…

පොරොන්දු වූ පරිදි මෙම 30 වැනිදා එක්සත් ජාතික පක්‍ෂයේ පූර්ණ ප‍්‍රතිසංවිධානයක් සිදු විය යුතුම බව එම පක්‍ෂයේ රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

පාක්‍ෂිකයා බලාපොරොත්තු වන ආකාරයේ ප‍්‍රතිසංවිධානයක් සිදු නොවන්නේ නම් තමන් ඇතුළු එජාප මැති ඇමතිවරුන් 50 දෙනෙකු දැඩි තීන්දුවක් ගැනීමට සූදානම් බවත් ඔහු සදහන් කරයි.

පක්‍ෂ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් වීම මීලග ජනාධිපතිවරණයේ එජාප අපේක්‍ෂකයා නම් කිරීම ආදී කොන්දේසි කිහිපයක් මෙම පිරිස විසින් පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා තිබින.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂය මේ වන විටත් තීරණය කර ඇත්තේ තව දුරටත් පක්‍ෂ නායකත්වයේ රනිල් වික‍්‍රමසිංහ මහතා තබා ගැනීමටයි. එමෙන්ම මීලග ජනාධිපතිවරණයටද එජාප අපේක්‍ෂක ලෙස වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට සූදානම් බවද පක්‍ෂ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම සදහන් කර ඇත.

0 views

6 Comments to “රනිල්ට එජාප නායකත්වය 30දා තෙක් පමණයි.. නැතොත් එජාප මන්ත‍්‍රින් 50ක් තීන්දුව ගනී…”

  1. Sanjay g says:

    just keep Ranil as UNP leader + best candidate for , if there is a Presidential Election
    Jayaweva 🌷

    very soon there will b no SLFP as well as no UNP
    new BALAWEGAYA on the way in SL 🚩

  2. leel says:

    යු.ඇන්.පි පාක්ශිකයනි, ඔබ රටට ආදරේ නම් මොහු නොවන කෙනෙකු 2020 ජනදිපතිවරනයට ඉදිරිපත් කරන්න…..ජනාදිපති බලතල නොමැතිව මොහු මෙරට දේසපාලනයට හා ආර්තිකයට කල හානිය මෙතරක්නම් ජනාදිපති බලතල ලැබුනහොත් මොහු මොනා කරාවිද…..

  3. peter says:

    RW should be ousted, and a new leader should come forward. Navin is more suitable.

  4. Dr Lakshman Fernando says:

    DO NOT BELIEVE THIS RANGE BANDARA.

  5. Upali says:

    තවත් ඇතිද මෙවන් විහිලුවක් , වර්තමාන එජාපය හැර . නායකයා මුලු පක්ශයම වෙනස් කරන බව පවසන්නේ දැන් අවුරුදු 12ක් තිස්සේමය. ඔහුගේ නොහැකියාව සහ ජනප්‍රියනොමැතිකම දිනෙන් දිනම වැඩිවුනත් පක්ශයේ කිසිම වෙනසක් නැතුව එසේම පවතී. නායකත්වය සහ පක්ශය වෙනස් නොවුනොත් අපි වෙනත් පියවර ගන්නවා, කියන අයද ඔය අවුරුදු 12 දී අපට හුරු දසුනකි. දෙපාර්ශවයම ඔහේ සිටිති. කිසිත් නොවේ.

  6. Sooraseana says:

    50 deanaama UNP ken dhotta thamai!

Main News