රනිල්ට එරෙහි ඒකාබද්දයේ විශ්වාස භංගය කල් දමයි.. හෙට නුගේගොඩ රැළියත් කල් දමයි..

March 6, 2018 at 2:10 pm | lanka C news
රනිල්ට එරෙහි ඒකාබද්දයේ විශ්වාස භංගය කල් දමයි.. හෙට නුගේගොඩ රැළියත් කල් දමයි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් හෙට දිනයේ නුගේගොඩ නගරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ ජනරැළිය අවලංගු කර ඇත.

දරණාගම කුසලධම්ම හිමියන්ගේ අදාහනෝත්සව හා රට තුල ප‍්‍රකාශයට පත් කර ඇති හදිසි තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වුණු ඒකාබද්ද විඵක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ හමුවේදී මෙම තීරණය ගෙන ඇත.

එසේම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව අද දිනයේ කතානායකවරයාට බාර දීමට සූදානමින් සිටි විශ්වාස භංග යෝජනාව බාරදීමද කල් දමා ඇත.

එම විහ්වා භංග යෝජනාව සදහා එජාපයේ හා ශ‍්‍ර‍්‍රීලනිපයේ මන්ත‍්‍රිවරුන් කිහිප දෙනෙකුගේ අත්සන් සහිතව බාර දීම වඩාත් සුදුසු යයි පක්‍ෂ නායකයන් තීරණය කර ඇති අතර එම අත්සන් ලබා ගැනීම ඒකාබද්ද විපක්‍ෂයේ නියක දිනේෂ් ගුණවර්ධන මහතාට පවරා තිබේ.

කලින් සූදානම් කර තිබුනේ ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී පිරිසකගේ පමණක් අත්සනින් යුතුව විශ්වාස භංගය අද දිනයේ කතානායකට බාර දීමටයි

55 views

10 Comments to “රනිල්ට එරෙහි ඒකාබද්දයේ විශ්වාස භංගය කල් දමයි.. හෙට නුගේගොඩ රැළියත් කල් දමයි..”

  1. Asaranaya says:

    කුසළ ධම්ම හිමියන්ගෙ අපවත්වීම සැලකිල්ලට භාජනය කර කල් දැමීම වැදගත්. ඉතාමත් සුදුසුයි

  2. kith says:

    President should declare Emergency Law for the rest of two years to protect Ranil and his culprits. YAHAPALANAYA.

  3. නයා.... says:

    ජාතිවාදී ගැටුමේ ප්‍රතිපල රජයට වාසිදායක අයුරින් සිදුවෙමින් පවතී.

    රට පුරා හදිසි නීතිය පැනවුනා
    විශ්වාස භංගය කල් ගියා
    පොහොට්ටුවේ ජයග්‍රාහී රැලිය කල් ගියා.

    තවත් මොනවද ඉතින්…..

  4. Nandasoma says:

    ඔන්න යහපාලනේ කූඨප්‍රාප්තිය……

    රටටම හදිසි නීතිය…..

  5. attorney at law says:

    ඊයේ පෙරේදා මාලදිවයිනේ සිදු කලෙත් බලහත් කාරයෙන් හදිසි නිතිය පනවා ජනාධි පතිවරයා සිය බලය බලහත් කාරයෙන් රැකගැනීමයි. මෙයත් එවැනිම උත්සහක් බව තේරුම් ගත යුතුයි . වර්තමානයේ බලය අහෝසිවෙමින් යන වර්තමාන පාලකයන් බැඳුම්කර මුදලින් සිය මැරයන් යොදා ජාතිවාදී කලබලයක් ඇතිකොට එමගින් බලහත්කාරයෙන් හදිසි නිතිය පනවා සිය බලය රැකගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වී ඉන්පසු එය සිය විරුද්ධ දේශපාලන ක්‍රියාකාරීන් වෙත පටවා ඔවුන් ඒ තුලින් මර්දනය කිරීමේ පටු උත්සයක් බව පැහැදිලිව පෙනේ .

  6. Sinal says:

    ඇයි මණ්ඩලේ කචල්ද?

  7. මාතලේ බණ්ඩා says:

    රනිල්ට විරැද්ධව විශ්වාසභංග එන්නෙ නැහැ මහින්ද ලොක්ක ඉන්නකමි. දෙන්න සෙටි. මූ උගෙ පිට කහනව, ඌ මුගෙ පිට කහනව. බන්දුලය,ගොමිමන්පිලය,ඩලස්,වාසු,දිනේෂ්,රංජිත් සොයිසා,ප්‍රසන්න රණතුංග පවි අප්පා.

  8. indunil says:

    nokerena wedakamata konduru thell hath pattiyakk seveema

  9. Aruna says:

    අත්සන් මදි නේද??

Main News