මහින්ද විසින් රනිල්ට එරෙහි විශ්වාස භංගය කතානායකට බාර දෙයි.. අත්සන් කල ඇමතිවරුන් මෙන්න..[Video]

March 21, 2018 at 3:00 pm | lanka C news
මහින්ද විසින් රනිල්ට එරෙහි විශ්වාස භංගය කතානායකට බාර දෙයි.. අත්සන් කල ඇමතිවරුන් මෙන්න..[Video]

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව වූ විශ්වාස භංගය මීට සුළු මෙහාහොතට පෙර ඒකාබද්ද විපක්‍ෂය විසින් කතානායක කරුජ ජයසූරිය මහතා වෙත බාර දෙනු ලැබීය.

චෝදනා 14ක් එල්ල කර ඇති එම විශ්වාස භංගයට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 51ක් හා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවේ 04 දෙනෙකු අත්සන් තබා ඇත.

විශ්වාස භංගය බාර දෙන අවස්ථාව සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඒකාබද්ද විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයෙන් අත්සන් තබා ඇත්තේ ටී.බී. ඒකනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, සුසන්ත පුංචිනිලමේ, කාදර් මස්ථාන් යන සිවු දෙනායි.

26 views

15 Comments to “මහින්ද විසින් රනිල්ට එරෙහි විශ්වාස භංගය කතානායකට බාර දෙයි.. අත්සන් කල ඇමතිවරුන් මෙන්න..[Video]”

  1. කැකිරි says:

    පිට්පොකට්අගමැති බැංකු හොරා ඉවත්කිරීමට අත්සන් කල සැමට අපේ ප්‍රණාමය

  2. DAYASIRI says:

    ලංකා පුරවැසිකමවත් නොමැති හොර වංචාකාර සිංගප්පූරු කාරයෙකු හිතුමතයට ගෙන්වා මහබැංකු අධිපති කමට පත්කර මහබැංකුව කොල්ලකා වසර තිහකට අධික කාලයකට ලංකා ආර්ථිකය අගාධයට අැද දැමූ රනිල් වික්‍රමසිංහ අගමැතිට එරෙහිව ඉදිරිපත්කර අැති විස්වාශ භංග යෝජනාවට පක්‍ෂව තම චන් දය පාවිච්චි කිරීමට රටට ආදරය කරන මැති අැමතිවරුනගේ හෘද සාක්‍ෂිය බල කරනු නියතය.
    එහෙත් ඊට එරෙහි වන්නෝ වෙත්නම්, ඔවුන් කුමන ආකාරයේ හෝ දූෂණ වංචා සිදුකර අැති දූෂිතයන් බව මනාව ඔප්පු වන බව සක් සුදක් සේ මහජනතාවට මැනවින් පැහැදිලි වනු නියතය.

Main News