රනිල්ට තර්ජනය කරමින් රට පුරා ‘සජිත් එනවා’
August 18, 2019 at 6:22 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන පක්ෂ නායකත්වයට බලකරමින් ඉදිරි සතියේ සිට රටපුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මැති ඇමති පිරිස තීරණය කර ඇත.
මෙම රැස්වීම් නම් කර ඇත්තේ ‘සජිත් එනවා’ ලෙසයි.
රැලි මාලාවේ පළමු වැන්න බදුල්ල නගරයේදී පසුගියදා පැවැති අතර මීළඟ රැලිය එළඹෙන 23 වෙනිදා මාතර දී පැවැත්වෙයි.
මීළඟට මාතලේ දිස්ත්‍රික්කයේ ද රැස්වීමක් පැවැත්වීමට නියමිතය.
රටපුරා සියලුම දිස්ත්‍රික්කවල මෙම රැලි පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වෙයි.