රනිල්ට පක්‍ෂ වී විශ්වාසභංගයට විරුද්ද වන ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් කුණු බක්කියටයි..

April 1, 2018 at 8:40 am | lanka C news
රනිල්ට පක්‍ෂ වී විශ්වාසභංගයට විරුද්ද වන ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් කුණු බක්කියටයි..

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දීම ශ්‍රී.ල.නි.ප. මැති ඇමතිවරුන්ගේ පරම යුතුකමක් බවත් විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය නොදෙන ශ්‍රී.ල.නි.ප. මැති ඇමතිවරුන් ඉතිහාසයේ කුණු බක්කියට වැටීම වැළකිය නොහැකි බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රටට ආදරය කරන එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන්ද සිය හෘද සාක්‍ෂියට එකඟව රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ඡන්දය පාවිච්චි කරනු ඇතැයි විශ්වාස කරන බවයි.

මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ ආණ්ඩුවට හොරුන් යැයි චෝදනා කල රනිල් – මෛත‍්‍රී හවුල මේ වන විට කම්බ හොරුන් බවට පත්ව ඇති බවත් පසුගිය වසර 3 තුල රටට සිදුවූ විනාශයට රනිල් – මෛත‍්‍රී හවුල සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත් රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේ මිනුවන්ගොඩ ප‍්‍රාදේශිය සභාවේ නව සභාපති කුමාර අරංගල්ල හා උප සභාපති සුජීව සම්පත් යන මහත්වරුන් රාජකාරි ඇරඹීම නිමිත්තෙන් පැවති උත්සවයේදීය. මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්විණි.

රාජකාරි ඇරඹීමට පෙර නව සභාපතිවරයා හා උප සභාපතිවරයා රණතුංග මහතා ඉදිරියේදී දිවුරුම් දුන්හ.
මෙහිදී වැඩිදුටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

‘පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවට යන එන මං නැති වුණා. ජනාධිපති බලයයි, අගමැති බලයයි, ආණ්ඩුවේ බලයයි අපිට තමයි තියෙන්නේ. ගම වෙන කෙනෙක්ට දීලා වැඩක් නෑ කියපු ආණ්ඩුවට ජනතාව කණේ පාරක් දුන්නා. පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවේ අතපය කඩාගෙන හතර ගාතේ වැටුනා. ආණ්ඩුවේ කොන්ද බිඳින්න විශ්වාස භංගයට හැකි වෙලා තියෙනවා. විශ්වාස භංගය නිසා ආණ්ඩුවේ ඇතුලත් ගැටුම් පිටත් ගැටුම්. අද ආණ්ඩුව හෙලමින් ඉන්නේ අන්තිම හුස්ම පොදයි.

මේ ආණ්ඩුව කටයුතු කරන්නේ දෙමළ ඩයස් පෝරාවේ උවමනාවටයි. තවමත් මෙම ආණ්ඩුව රාජපක්‍ෂවරුන්ගෙන් පළිගැනීම නතර කරල නෑ. කොහෙවත් නැති සිද්ධියකට හරි රාජපක්‍ෂ කෙනෙක්ගේ නම පටලවලා හිරේ දාන්න හීන දකිමින් ඉන්න ආණ්ඩුව දැන් අලූතින්ම උත්සාහ කරන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොහෙට හරි හිර කරගන්නයි. මේ වෙන මොනවටවත් නෙවෙයි, 2020 ජනාධිපති හීනය වෙනුවෙනුයි රනිල් – මෛත‍්‍රී ජෝඩුව මේ දේ කරන්නේ.

අපේ ආණ්ඩුව කාලේ මේ රට වැට බිමක්. එදා පාරවල් හැදුනා, ඉස්කෝල හැදුනා, ඉස්පිරිතාල හැදුනා. හැබැයි ජනවාරි 8 වෙනිදායින් පස්සේ මේ රට මුඩු බිමක් බවට පත් වුනා. ජනතා සේවයට තිබුණ පළාත් සභාවල, ප‍්‍රාදේශිය සභාවල සල්ලි වලින් මැති ඇමතිවරු සැප ගත්තා. අද පොහොට්ටුව බලයට පත්වෙලා තියෙන ප‍්‍රාදේශිය සභා අඩපණ කිරීමේ උත්සහයක ආණ්ඩුව නිරත වෙලා ඉන්නවා. මේක හිඟන ආණ්ඩුවක්. මේ හිඟන ආණ්ඩුවෙන් ගමේ සංවර්ධනයට සත පහක්වත් බලාපොරොත්තු වෙන්න බෑ. ආණ්ඩුවේ තියෙන්නේ කයිය විතරයි වැඩ නෑ.

පොහොට්ටුවෙන් බලයට පත්වූ ප‍්‍රාදේශිය සභා නගර සභා මන්ත‍්‍රීවරුන්ට විශාල වගකීමක් පැවරෙනවා. ඔවුන් විනය විරෝධීව කටයුතු කලොත් ඔවුන් ඉවත් කරන්න අපි පසුබට වෙන්නේ නෑ. එදා අපේම සමහර අය කරපු වැඩ අපේ පරාජයට බලපෑවා. නැවත එවැනි තත්වයක් ඇති වෙන්න ඉඩ තියන්න බෑ. මෙවර පළාත් පාලන පණතින් පක්‍ෂ ලේකම්වරයාට සුවිශේෂී බලතල තිබෙනවා. ඒ නිසා විනය උල්ලංඝනය කරන අය සම්බන්ධයෙන් පියවර ගන්න අපි දෙවරක් හිතන්නේ නෑ’

– ප‍්‍රදීප් අනුර කුමාර

15 views

5 Comments to “රනිල්ට පක්‍ෂ වී විශ්වාසභංගයට විරුද්ද වන ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් කුණු බක්කියටයි..”

  1. senaka says:

    මේකව කවුද ගණන් ගන්නේ. රංජන් රාමනායක වගේ කොන්ද කෙලින් තියාගෙන කථා කරන්න පුළුවන් සිංහල බෞද්ධයෙක් රටේ ඉන්නවද? නීතියට වැද වැද නඩු තීන්දු ගන්න ලෑස්තිවුන්ගෙන් එ්කාබඩ්ඩට පිරිල…..

  2. සාධාරණ මිනිසා says:

    මහින්දගෙ නම ගහගෙන මේකා පොර උනාට මහඇමති කාලෙ ගහපු ගැහිලි කවුරු ත් දන්නව.මෙහෙම අපතයො නිසා තමයි SLFP එකට මේ කල ගියේ.

  3. නිදහස් says:

    මුන් වගේ හොර පෙරේතයො ඉන්නකම් මේ රටට සෙතක් නෑ. මුන්ට ඕන රට හදන්නවත් ගම හදන්නවත් නෙමෙයි. බලය ලබාගෙන හොරකම් කරන්න. මහින්ද මහත්තයගෙ සාටකේ එල්ළිලා මුන්ටික ඒ මනුස්සය විනාශ කරනව.

Main News