රනිල්ට බහුතරය අහිමි වේ.. කෘත්‍යාධිකාරිය හා මන්ත‍්‍රී කණ්ඩායම වහා කැදවන්නැයි ලිඛිතව ඉල්ලති… රහස් ඡන්දයකින් ජනාධිපති අපේක්‍ෂක තෝරයි.. සජිත් උගුලකද..

August 16, 2019 at 10:00 am | lanka C news
රනිල්ට බහුතරය අහිමි වේ.. කෘත්‍යාධිකාරිය හා මන්ත‍්‍රී කණ්ඩායම වහා කැදවන්නැයි ලිඛිතව ඉල්ලති… රහස් ඡන්දයකින් ජනාධිපති අපේක්‍ෂක තෝරයි.. සජිත් උගුලකද..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්දැයි දින හතක් ඇතුළත තීරණය කළ යුතු බවට එම පක්ෂය මැති ඇමතිවරුන් පිරිසක් විසින් ලිඛිත ඉල්ලීමක් කිරීමට නියමිතව තිබේ.

දින 7 ක කාලයක් ඇතුලත පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් පවත්වා අපේක්ෂකයා තෝරා ගත යුතු යයි මෙම ලිපියේ සඳහන් බව නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ලිපිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අද දිනයේ භාර දෙන බවද ඔහු සඳහන් කළේය.

ඊයේ රාත්‍රී වන විට මෙම ලිපියට එජාප මැතිඇමැතිවරුන් 52 දෙනෙක් අත්සන් තබා තිබූ බවද ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටින්නේ 82ක් පමණි.

ඒ අනුව එම රැස්වීමේදී ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීමට වැඩි ඉඩකඩක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය වෙනස් කිරීම සදහා මෙමගින් යෝජනා කර නැති අතර පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ඒ සදහා වෙනම ක‍්‍රමවේදයක් ඇත.

ඒ අනුව සජිත් පේ‍්‍රමදාස මහතාට රහස් ඡන්දයෙන් දිනා ගත අවස්ථාවක් ඇත්තේ ජනාධිපති අපේක්‍ෂකත්වය පමණි.

30 views

13 Comments to “රනිල්ට බහුතරය අහිමි වේ.. කෘත්‍යාධිකාරිය හා මන්ත‍්‍රී කණ්ඩායම වහා කැදවන්නැයි ලිඛිතව ඉල්ලති… රහස් ඡන්දයකින් ජනාධිපති අපේක්‍ෂක තෝරයි.. සජිත් උගුලකද..”

  1. kanishka Tissa says:

    If a political party called UNP wasn’t formed, Sri Lanka would have been much better position than it is now. Most of the catastrophes that Sri Lanka had to face were due to UNP which is anyway a stooge of the Western Imperialists.

  2. Kamal says:

    සිනමාවට සම්බන්ද කීර්තිමත් මහාචාර් ය වරයෙක් මේ දිනවල මහ බැංකු කොල්ලය නමින් චිත්‍රපටයක තිර රචනය ලියාගෙන යනවා. එහි ප්‍රධාන නළුවාට රනිල්ට සමාන හැඩ රුව ඇති පුද්ගලයෙක් ඩිරෙක්ටර් විසින් හොයනවා. මේක මැතිවරනයට කලින් පැන්නුවොත් නියමයි.

    • Amda says:

      ගේ ගෙම්බ කියල Filම් එකක් හදල ඒකේ ගේගෙම්බට රනිල් ව ගත්තනම් වඩා හොදයි. ගේ ගෙම්බත් ලේසියකට එලවගන්ඩ පුලුවන් එකෙක් නොවෙයිනේ.

  3. Darshana Bandara says:

    Sajith = UNP = RW as dream executive PM = Country to hell again

  4. Kgs basnayake says:

    I think the best person in unp for president is karu Sajith can be premiere. Ranil shall be the leader of the party.

  5. Sun says:

    This is a good time to get rid of this man from politics. Can you support such looters as your team leader. Are you following instructions from this person. Young members of party won’t such fellows for the sake of democracy. I am sure this is the worst democracy in the world and giving power to such looters as your leader. Are you leadership qualities from this person. We know some are exactly following the instructions and looking for ways to earn easy money. Can you believe this democracy in the world happening only in sri Lanka. That is why we lost the track.

    • Bold Citizen says:

      No only Sajith, but also Ranil and all his henchmen should be chased away and a brand new young leader
      should emerge from UNP if it is to survive to the next century.

  6. සජි බබා නියම පරිප්පුවක් කන්න යන්නෙ. උපනායක පදවියත් ගහල යනව චන්දෙන් පස්සෙ. රනිල් පක්ෂ නායක ලෙස යෙහෙන් වැජබෙයි විපක්ෂ නායක තනතුරෙ. දැනටමත් වෙඩි නොවදින වාහනේ ඇනවුම් කරන්න කටයුතු කලානෙ.

  7. gamarala says:

    නායක කමට පොරකන මුන් ජනතාව ගැන බැලීම මොන කතාද චන්දය දීමෙන් වලකින්න

    • Janaka from Mathara says:

      හරිනෙ, සජිය කියනවනෙ මැරෙන්ඩ වුනත් ලැහැස්තියි කියල ජනාධිපති අපේක්ෂකත්වය ගන්ඩ.
      මොන තරම්නම් මෝඩ ගොන් හරකෙක්ද?

  8. Goo N Pee says:

    Where were these stupid idiots when Prabakaran was ruling this country. If it was not Gota, all these UNP monkeys would have been killed by LTTE long gone including their monkey leader. It was Mahinda’s and Maithree’s foolish behavior that lead monkeys and foxes to be free to scream like this.

Main News