රනිල්ට බහුතරය නෑ.. 101ක සහාය පමණයි.. කමිටුවේදී හෙලි වූ සත්‍ය මෙන්න..
November 20, 2018 at 12:01 am | lanka C news
2018.11.18 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණු සර්ව පාක්ෂික රැස්වීමේදී සිදුවූයේ කුමක්දැයි කරුණු පැහැදිලි කරමින් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පැහැදිලි කලේය.
2018 නොවැම්බර් මස 18 වැනිදා ජනාධිපතිතුමන්ගේ කැඳවීමෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වුණු සර්ව පාක්ෂික රැස්වීමේ දී සිදුවූයේ කුමක්දැයි රටම කුතුහලයෙන් බලාගෙන සිටිනවා. ඊයේ ඇත්තටම සිදුවූයේ කුමක්ද ? ජනාධිපතිතුමන් මේ රැස්වීම කැඳවූයේ මේ වන විට පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්වය සහ අගමැතිවරුන් දෙදෙනා ගේ අර්බුදය විසදීමේ අරමුණින්. නමුත් මේ අර්බුදය ලේ වැගිරෙන අර්බුදයක් බවට පත් වෙනවා දකින්නට කැමති, මිනීමැරුමක් සිදු වෙනවා දකින්න කැමති, ඒ වගේම ඒවා හරහා ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදු වෙනවා දකින්නට කැමති, ජනතා විමුක්ති පෙරමුණ සහ කථානායක කරු ජයසූරිය මැතිතුමා මෙම සර්වපාක්ෂික හමුව වර්ජනය කිරීමට තීරණය කර තිබුණා.
අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, විපක්ෂ නායක ආර් සම්බන්ධන් මැතිතුමා, ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන අනිකුත් පක්ෂ සියල්ලේම නායකයන් මේ රැස්වීම සඳහා සහභාගි වුණා. මෙහිදී මුලින්ම කතාකලේ සුමන්දිරන් මන්ත්‍රීතුමන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීතුමා. මේ අයගේ අදහස වුණේ ජනාධිපතිතුමන් විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමන් අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් බවයි. ඒ නිසා ඔවුන් ඊට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනා බවත් එම විශ්වාස භංග යෝජනාව සම්මත වී ඇති බැවින් දැන් එක්සත් ජාතික පක්ෂයට අගමැතිවරයකු පත් කර ගැනීම සඳහා අවස්ථාව ලබාදිය යුතු බවයි.
විශ්වාසභංගය සම්මත වූ බවක් හැන්සාඩ් වාර්තාවේ තිබේද ?
එම අවස්ථාවේදී මා විසින් ප්‍රශ්න කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන වගන්තිය ජනාධිපතිතුමා විසින් උල්ලංඝනය කර තිබෙන්නේ දැයි ප්‍රකාශ කළ යුතු බවයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුටත් ඒ සඳහා උත්තරයක් තිබුණෙ නැහැ. එහිදී මා පෙන්වා දුන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇද්ද නැද්ද යන්න පිළිබඳව ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ ඒකාධිකාරි තනි බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවයි. පාර්ලිමේන්තුවට ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ වෙනත් ස්ථානයකට එවැනි බලයක් නැහැ.
එයට ප්‍රතිචාර දක්වමින් අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමන් ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් සම්මත වී ඇති බවත් එම යෝජනා සම්මතයෙන් අනතුරුව එය අභියෝගයට ලක් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයට තබා ශ්‍රේෂ්ඨාධිකරණයට වත් හැකියාවක් නොමැති බවයි. ඒ නිසා විශ්වාසභංග යෝජනාව සම්මත වූවා කියන ස්ථාවරයේ සිට ඉදිරි වැඩ කටයුතු කළ යුතු බවයි.
මා ඒ අවස්ථාවේ හැන්සාඩ් වාර්තාව කියවමින් පෙන්වා දුන්නා ඔවුන් කියනා දෙය නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවේ සිදුවී නොමැතිබව. අප ඒ හැන්සාඩ් වාර්තාව කියවමු
“ ගරු කථානායකතුමා – මම අවසන් වතාවට කියනවා මේ ඡන්දය හඬ අනුව ගන්නවා.
(ඝෝෂා කිරීම්)
ඒ අනුව දැනට පත්කර ඇති ආණ්ඩුවට බහුතරයක් නොමැති බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. There is no majority for that “
විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත බවට ප්‍රකාශයක් සිදුකර තිබෙනවාද? නැහැ. ආණ්ඩුවට බහුතරයක් නොමැති බව පමණයි කතානායකවරයා විසින් ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ අනුව විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව මේ හැන්සාඩ් වාර්තාවේ කොතැනකවත් සඳහන් වී නැහැ. ඉංග්‍රීසියෙන් කුමක් ද සඳහන් වෙන්නේ. “ There is no majority for that “ ඒකට බහුතරය නැහැ කියන එකයි එහි අදහස. ඒක කියලා සඳහන් කරන්නේ මොකක්ද. විශ්වාසභංග යෝජනාවයි. ඉංග්‍රීසියෙන් සලකා බැලුවත් සිංහලෙන් සලකා බැලුවත් හැන්සාඩ් වාර්තාව අනුව විශ්වාසභංග යෝජනාවක් සම්මත වී නැහැ.
නොවැම්බර් 16 වැනිදා කළේ ඒ සම්මත නොවූ යෝජනාවේ කොටසක් ඉවත් කර ගැනීමයි. ඒ අනුව පලවෙනි ඡේදය ඉවත් කර ගනු ලැබුවා. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කළා යැයි කියන කොටස තමයි ඊට අඩංගු වූයේ. ඒ අනුව විධිමත් ආකාරයෙන් විශ්වාසභංග යෝජනාවක් සම්මත වී නොමැති බව පැහැදිලියි.
අප එසේ කියද්දී එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ ඔවුන් සතුව ඇති හැන්සාඩ් වාර්තාව අනුවනම් විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව සඳහන් වන බවයි. එවිට අප ඔවුන්ට එම හැන්සාඩ් වාර්තාව පෙන්වන ලෙස කීවත් එවැනි හැන්සාඩ් වාර්තාවක් ඔවුන් සතුව තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන්ට නිහඬ වන්නට සිදු වුණා.
මේ දීර්ඝ සංවාදයේදී විශේෂයෙන්ම එස් බී දිසානායක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමා සහ දිනේෂ් ගුණවර්ධන සභානායකතුමා පැහැදිලිව පෙන්වා දුන්නා අප සියලු දෙනා පාර්ලිමේන්තු ක්‍රියාදාම වලට අනුව ඉදිරියට යායුතු බව. එහිදී විමල් වීරවංශ අමාත්‍යතුමන් කියාසිටියේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් මුලින් ආණ්ඩුවක් තිබෙන බව පිළිගත යුතු බවයි. එම සංවාදය තවත් ඉදිරියට ගෙන යමින් එස් බී දිසානායක අමාත්‍යතුමන් පෙන්වා දුන්නේ ආණ්ඩුවක් පවතින බව පිළිගත් පසු තේරීම් කාරක සභාවක් පත්කල යුතු බවයි. එම තේරීම් කාරක සභාව පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවක් පත්කළ යුතු බවත් එමගින් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සැකසිය හැකි බවයි. විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළාට පසුව එහි අඩුපාඩු සැකසීම සඳහා මහ ලේකම්වරයාට භාර දී ඉන් අනතුරුව විශ්වාසභංගය ව්‍යවස්ථාවට අනුකූල බව මහ ලේකම්වරයා විසින් සහතික කළ විට පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට කතානායකවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කර න්‍යාය පුස්තකයට ඇතුළත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා. න්‍යාය පුස්තකය මුද්‍රණය කරනු ලබන්නේ සිකුරාදා දිනවලයි. නමුත් වැඩකරන දින පහකට පසු දිනයක් තමයි විශ්වාසභංග යෝජනාව සම්මත කර ගැනීම සඳහා පාවිච්චි කරනු ලබන්නේ.
ඔබට මතක ඇති 2018 මාර්තු 21 එවකට අගමැති ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ලැබුවේ අප්‍රියල් මස 4 වැනිදා යි. ඒ අනුව පැහැදිලියි යම් කාලයක් මේ සඳහා තිබෙන බව.
අගමැතිතුමන්ගෙන් සංවේදී කතාවක්
සිය හැත්තෑ තුන් වෙනි උපන්දිනය එදිනට යෙදී තිබුණු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතා සංවේදී කතාවක් එහිදී පැවසුවා. “ මට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ බව විපක්ෂය විසින් පවසනවා. නමුත් එවැනි යෝජනාවක් මා ඇස් දෙකෙන් තවම දැකලා නැහැ. මට විරුද්ධව ඇති චෝදනා මොනවාදැයි මම වත් දන්නේ නැහැ. ඒ වගේම මේ විශ්වාසභංගය සම්මත කරන්නට කටයුතු කරන වෙලාවේ මා නැගී සිට ප්‍රකාශයක් කරන්නට හැදුවත් කථානායකතුමන් මට ඒ සඳහා ඉඩ ලබා දුන්නේ නැහැ. මිනීමැරුමක් කරලා එල්ලූම්ගහට ගෙනයන මිනීමරුවාට නිදහසට කරුණු කීමට අවස්ථාවක් ලැබෙනවා. නමුත් මට එවැනි අවස්ථාවක් ලැබුණේ නැහැ “ යැයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන් එහිදී ප්‍රකාශ කර සිටියා.පාර්ලිමේන්තුවේ ඇතිවු තත්වයට වගකිව යුත්තේ කවුද ?
පාච රණවක මන්ත්‍රීතුමන් ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ කලබල සිදුකරන්නේ බහුතරයක් නොමැති නිසා බවයි. එතනදි විමල් වීරවංශ අමාත්‍යතුමන් සඳහන් කර සිටියේ මෙය පාර්ලිමේන්තුවේ බහුතරය සම්බන්ධයෙන් වන ප්‍රශ්නයක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් බවයි. එහිදී විමල් වීරවංශ අමාත්‍යතුමන් වීඩියෝ පටයක් ඉදිරිපත් කරනු ලැබුවා. එය සුසන්ත පුංචි නිලමේ මන්ත්‍රී තුමන් විසින් පටිගත කරනු ලැබූ වීඩියෝපටයක්. එහි පැහැදිලිව ටහන් වී තිබෙනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායක වරයාට පැමිණිලි කරන ආකාරය පාලිත තෙවරප්පෙරුම සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරුන් පිහි රැගෙන ඇවිත් සිටින බැවින් මන්ත්‍රීවරුන්ගේ ජීවිත අනතුරේ බවට. නමුත් කතානායක වරයාගේ ප්‍රතිචාරය කුමක්ද? “ කඩු කිනිසි ගෙනාවත් මට ප්‍රශ්නයක් නැතැයි” එහිදී ඔහු කියා සිටිනවා. “ සර් මෙතන මිනීමැරුමක් සිද්ධ වෙන්නත් ඉඩ තියෙනවා වහාම පාර්ලිමේන්තුව අත්හිටුවා පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න. ඉන් අනතුරුව යළි පාර්ලිමේන්තුව කැඳවා සර්ට අවශ්‍ය ඡන්ද විමසීම කරමු “ යැයි එහිදී තවත් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා. එවිට කතානායකතුමා කුමක්ද කියන්නේ. “ මිනියක් මැරුණත් මට කරන්නට දෙයක් නැහැ “
කතානායකතුමා පිහි රැගෙන මන්ත්‍රීවරුන් මරා දැමීමට එන මන්ත්රීවරුන්ව ආරක්ෂා කිරීමේ පිලිවෙතකට තල්ලු උනහම මේ දක්වා ඔවුන්ට විරුද්ධව පියවර ගැනීමට කටයුතු නොකළහම, පක්ෂ නායක රැස්වීමේදී ඔවුන්ට එරෙහිව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කළ හම, තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මන්ත්‍රීවරුන් කලබලකාරී ලෙස හැසිරුණා. මොකද ඕනෑම කෙනෙක් තමන්ගේ ජීවිතය තර්ජනයකට ලක් වූ විට හැසිරෙනුයේ සාමාන්‍ය ආකාරයෙන් නොවේ. මිනිසෙක් නොව සතෙක් පවා ප්‍රාණ භය දැනුනුවිට වියරුවෙන් හැසිරීම සාමාන්‍ය තත්වයක්. ඒ නිසා එදා ඇතිවූ ඒ අවාසනාවන්ත තත්වයට කථානායකතුමන් වගකිවයුතු බව අප පැහැදිලිවම කියා සිටිය යුතුයි.
අවසානයේ ජනාධිපතිතුමන් ප්‍රකාශකර සිටියා එතුමන් උත්සාහ දැරුවේ දෙපාර්ශවය අතර පොදු එකඟතාවයක් ඇතිකර ගැනීමට වුවත් නම්‍යශීලීභාවයක් නොමැති නිසා දෙපාර්ශවය අතර එකඟතාවක් ඇතිකර ගැනීම අපහසු බව පෙනීයන බවයි.
පාර්ලිමේන්තුවේ ගෞරවය රැකෙන ආකාරයෙන් සාමකාමීව හැසිරෙන ලෙස දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටි ජනාධිපතිතුමන් දෙපාර්ශවයම සෙනග රැගෙන ඒමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවත්, එලෙස සෙනග රැගෙන ඒමෙන් සිදුවන්නේ ඔවුන් අතර ගැටුම් ඇති වී දෙපාර්ශවයම පීඩාවට පත්වීම වන නිසා අහිංසක ජනතාව මීට මැදිහත් කර නොගෙන මන්ත්‍රීවරුන්ගේ මට්ටමින් මෙය විසද ගන්නා ලෙසත් ඉල්ලා සිටියා.
එජාපයට බහුතරය තිබේද ?
එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරනවා අපට බහුතරය නොමැති බව සහ ඔවුන්ට බහුතරය පවතින බව. ඔවුන් ආඩම්බරයෙන් ප්‍රකාශ කර සිටිනවා විශ්වාසභංගයට මන්ත්‍රීවරුන් 122 අත්සන් කළ බව. නමුත් එම මන්ත්‍රීවරුන්ගෙන් හයදෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ. පහලොස් දෙනෙක් දෙමළ ජාතික සන්ධානයේ. එම 21 දෙනාම ප්‍රකාශ කරන්නේ ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යවරයකු පත් කර ගැනීම සඳහා සහාය පළ නොකරන බවයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ මන්ත්‍රීවරුන් 101 දෙනෙකුගේ සහාය පමණයි. බහුතරය වන මන්ත්‍රීවරුන් 113කගේ ඉලක්කය කරා යාමට එක්සත් ජාතික පක්ෂයට තවත් මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුගේ සහාය අවශ්‍යයි. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කරන බව කියූ විට සජිත් පාර්ශ්වය නවීන් පාර්ශවය විරුද්ධ වෙනවා. ඒ වගේම සජිත් අගමැති කරන බව කියූ විට අනෙක් පාර්ශ්ව විරුද්ධ වෙනවා. ඒ නිසා ද එක්සත් ජාතික පක්ෂයට 113 තබා මන්ත්‍රීවරුන් සිය දෙනෙකුගේ සහය වත් ලබාගැනීම අසීරු වී තිබෙනවා.
– අරවින්ද අතුකෝරල
ඔහේම යන් දෙසැම්බර් 6 වෙනකල්, ඊට කලින් හම්පඩ නාකි නරුම අකී-කරු කරු-මයා සුවර්ගස්ත කරමු,
මේක කැරි කරු නරුමයා බජව් දාන කාමරේ,
ජොලියට වරෙන් පුතා -සමනලයෝ පිරී ඇතා,
රාමෙට කෙලින කතා -හිරු නිකර්ගෙ කෝශ ඇතා
සොමියට වරෙන් පුතා -අගුලු දාල නෑ දොරේ,
මේක සමනළ රනිලා බජව් දාන කාමරේ
සුමනතිරන් සහා JVP අනුර කුමාර විජිත හේරත්,යන මේ දෙදෙනාගේ තිබෙන යටිකුට්ටු අරමුණ සහා රනිල්ට පිහිටවීම බලපාන්නේ මෙසේය!!
සුමන්තිරන්ගේ බලාපොරොත්තුව යුද්දයෙන්වත් නොලැබුණු ෆෙඩරල් ලබාගන්න මේ මොහොතේ බොරදියේ මහලු බාන්නටය. ඒසඳහා රනිල්ට අවශ්‍ය ඔළුගෙඩි වලට ඔවු අනිවාර්යෙන්ම දෙපාරක් නොසිතා මෙය කරදෙනබවට පොරොන්දුවී TNA එකේ සහායද ඇතිවද කරදෙනවා ඇත. ඒවගේම රටට හෙනගැසුවත් කම් නැත මගේ මඩියනම් පිරේයි කියා සිතන කිරිහැල්ල,අජිත් පෙරේරා,මුජාබර් වැනි අන්තවාදීන්ගේද සහායද මේ නපුන්සකයන්ට ලැබෙනවා ඇත.
අනුර කුමාර සහා අනිත් ලේමාපිල්ලන් කවදත් අනුන්ගේ මළමිනි උඩින් රජවෙන්න බලා සිටින මේ මොහොතේ අනිවාර්යෙන්ම රනිල්ට පිහිටවීමට එවුන්ගේ සහායද අනිවාර්යෙන්ම රනිල්ටය .එදා රෝහණ විජේවීර සහෝදරයාගේ සැබෑ ප්රජාතන්ත්රවාදය අමු අමුවෙන් මරා මේ නුතන අලුගෝසුවා නොහොත් අනුර කුමාර එද දිවිපිදු 60.000 දහසක් සහෝදර සහෝදරියන්ද රෝහණ විජේවීර ඇතුළු සියළුදෙනාවම අමු අමුවේ මරන්න උදවු වූ JR ගේ බැනට රට සහා ජනතාව පාවාදී මේ මාපිල්ලන්ගේ සුකවිවරණය තකා රටගැන අමතක කොටද නියම ප්‍රජාතන්ත්‍රවාදයද අමතක කොට අපි නියම ප්රජාතන්ත්රවාදියෝයැයි ලෝකයට පෙන්නා අපිට කළිසමඋස්සා පස්ස පෙන්නා රනිල්ට සහායෝගය දෙනවා ඇත.මේ නිසා අපි අසත්පුරුෂ අමන නපුංසක තුන්වර්ගයේම යටි අදහස් ඉෂ්ට කරගැනීමට නොදී තික්ෂණයෙන් ඉදිරිය ගැන බලා කටයුතු කිරීම අපිටත් රටටත් ජාතියටත් ආගමටත් බොහෝ අගනේය!!
Rata wetila thiyena agadayen beraganna puluwan EKAMA nayakaya MAHINDA pamanamai !!
Oya anith wipakshe kisima kenek nehe !
Ewun natannee ratata thiyena aadaretada ?
ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇද්ද නැද්ද යන්න පිළිබඳව ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ ඒකාධිකාරි තනි බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන්නේ 38 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු 2/3 යෝජනාවක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් වූ පසු පමණි. FR පෙත්සමකින් 38 ව්‍යවස්ථාවේ ඇති බලය පැහැර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නොහැකිය….
Ranil has 101 (Already agreed)
JVP has 6 (Everybody know)
TNS has 15 (Everyone one knows)
Totally 122
Except the Speaker, Mahinda has only 102
Be wise. Think properly.
Is there anyone who has the power to dissolve the parliament? Why do we have to and try to keep these idiots again and again by giving bribes and heaps of money? No need to count the majority and so on since any majority of this chamber revolves among the same. Who wants to keep them?
Hiru nikarrrrwa adaka baaawala kari karuwaaata demu awassaana kamattaa etukara gannna.