රනිල්ට බහුතර බලාපොරොත්තුව අහිමි කරමින් හකීම්-බදියුදීන් මන්ත්‍රි පිරිස් සමග මක්කම යයි.. එන්නේ 14 පහුවෙලා.. යන්න කලින් ජනපතිත් මුණ ගැසේ..
November 8, 2018 at 11:20 am | lanka C news
රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වැඩි මන්ත්‍රින් ප්‍රමාණයක් මක්කම වන්දනාව සදහා පිටත්ව ගොස් තිබේ.
මන්ත්‍රිවරුන් දෙතුන් දෙනෙකු පමණක් මෙරට සිටියදී අන් සියළු දෙනා විදෙස්ගතව ඇති අතර ඔවුන් නැවත මෙරට පැමිණීමට සතියකට වැඩි කාලයක් ගත වනු ඇතැයිද වාර්තා වෙයි.
මෙම පක්ෂ දෙකේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සිටින අතර එයද ඇතුලත්ව එක්සත් ජාතින පෙරමුණ මේ වන විට පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ ආසන 98ක් පමණි.
මේ තත්වය මත ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රි ආසන 100ක් හෝ පෙන්වීම අසීරු තත්වයකට පත්ව තිබේ.
දෙමල ජාතික සන්දානයද සහයෝගය දෙන බව පවසා ඇත්තේ නව අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාස භංගයකට මිස රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩු කරන්නට අවශ්‍ය බහුතරය සදහා නොවේ.
මෙම පක්ෂ නායකයන් දෙදෙනාම වන්දනාවේ යාමට පෙර ජනාධිපතිවරයා හමු වී ඇති අතර ජනාධිපතිවරයා විසින් අරාබි තානාපතිවරුන් මාර්ගයෙන් අවශ්‍ය පහසුකම් සපයා දීමටද කටයුතු කර ඇත.
මේ රටට විනකරපු හැත්තක්. ඔය සර්ව බලධාරී කියන දෙයියෝ තමන්ගේ රාජධානියට ආපු මේ කාලකන්නින්ව ආයෙ මේ රටට එන්න ඉඩ නොදී දෙයියො ගාවටම ගන්නවනම් තමා හොඳ .
Moko mun apaw pagawa aragena thoppi peralannada hadanne?