රනිල්ට-මලික්ට සුපිරි බලය දෙන පනත පළාත් සභා වන්දනාවේ යවන්න වෙයි.. කිසි පළාත් සභාවක එජාපයට බහුතරයක් නෑ..

December 19, 2016 at 8:02 am | lanka C news
රනිල්ට-මලික්ට සුපිරි බලය දෙන පනත පළාත් සභා වන්දනාවේ යවන්න වෙයි.. කිසි පළාත් සභාවක එජාපයට බහුතරයක් නෑ..

අගමැති රනිල් වික‍්‍රමසිංහට හා ඇමති මලික් සමරවික‍්‍රමට සුපිරි බලතල ලැබෙන බව කියන සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සියළු පළාත් සභාවල අනුමැතියට යැවීමට නියමිතය.

උතුරු පලාත හැර සියළු පළාත් සභාවන්හි සන්ධානයට බලය හිමිව තිබියදී මෙම පනත් කෙටුම්පත පඵාත් සභා අනුමැතිය සදහා යොමු කරන්නට වී ඇත්තේ මේ වන විටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙම පනත් කෙයුම්පතට විරෝධය දක්වා ඇති තත්වයක් මතයි.

එක් පළාත් සභාවක හෝ මෙය පරාජයට පත් වුවහොත් බලවත් දේශපාලන වියවුලක් නිර්මාණය වනු ඇති බව දේශපාලන විචාරක මතයයි.

මේ වන විටෙත් පළාත් සභා කිහිපයකම ඇතැම් වැය ශීර්ෂ පරාජය කරවීමට බහුතර සන්ධාන මන්ත‍්‍රීන් කටයුතු කර ඇත.

2 views
Main News