රනිල්ට රට බාර දී ආණ්ඩුව පසුබසින කතාවක්..

September 1, 2021 at 10:22 pm | lanka C news
රනිල්ට රට බාර දී ආණ්ඩුව පසුබසින කතාවක්..

2023 වස වසර පමණ වන විට රනිල් වික්‍රමසිංහ මහතාට නැවතත් රට බාර දී ආණ්ඩුට පල්ලම් බසින්නට සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව දැන් වැඩිපුරම එපා වී ඇත්තේ පොහොට්ටුවේ අයට බවද කී ඔහු හැට නම ලක්ෂයේ ජනතාව දැන් එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් වඩා රනිල්ගේ ගුණ කියමින් ඇතැයිද කීය.

සමගි ජන බලවේගයේ පිරිස් සමඟ පොර බැදීමට එක්සත් ජාතික පක්ෂයට කිසිදු උවමනාවක් නැතැයි ද කී මහ ලේකම්වරයා පක්ෂය කඩාගෙන ගිය කිසිවකුට අනාගතයක් නොතිබූ බවද පැවසීය.

ඔහු මේ අදහස් පල කළේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අන්තර්ජාලය ඔස්සේ අමතමිනි.

142,927 views

61 Comments to “රනිල්ට රට බාර දී ආණ්ඩුව පසුබසින කතාවක්..”

  1. Asela says:

    Covid 19 රෝගයෙන් ඡනතාව මිය යාම කනගාටුදායක වුවත් මෙම තත්වය රාඡපක්ෂ හොරැ කන්ඩායම පලවා හැරීමට පැමිනි වෙස් වලාගත් ආශිර්වාදයක් විය හැක. හැකිතාක් ඉක්මනින් සඡිත් සහ අනුර මහතා ඒක්ව නැවත රඡයක් පිහිටුවීමට අප ඔබට ආරාධනය කරමු.

  2. ඊබ්‍රහිම් සහෝදරයා says:

    ආ එහෙමද ආස? මහ බැංකුව හිස් නිසා මහ දවල් හොරකම් කරන්න දෙයක් ඉතිරුවෙලා නැති එකේ පොර කැමති වෙයිද ?

  3. අමල් says:

    අද රටේ ජනතාව මෙහේමවත් බේරිලා ඉන්නේ ජනාදිපතිතුමාගේ වැඩපිලිවල නිසයි. මේ අවස්තාවේ සජිත් රනිල් අනුර හිටිය නම් මුලු රටම විනාශයි.

  4. kings says:

    අන්තර්ජාලය ඔස්සේ අමතපු නිසා හොඳයි. නැත්නම් කන්න වෙන්නෙ තමන්ගෙ පාක්ෂිකයන්ගෙන්. මේකට කොරෝන හැදිල මොලේ කොලොප්පං වෙලාද කොහෙද. රනිල් කරපු හැටි අපි දැක්ක. රට පාවල දීපු හැටිත්, බුද්ධාගමට සලකපු හැටිත් දැක්ක.

Main News