රනිල්ට විරෝධය.. එජාප මන්ත‍්‍රීවරු තොගයක් ස්වාධීන වෙති..

November 24, 2019 at 3:23 am | lanka C news
රනිල්ට විරෝධය.. එජාප මන්ත‍්‍රීවරු තොගයක් ස්වාධීන වෙති..

එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදුනහොත් මන්ත්‍රීවරු බහුතර පිරිසක් විපක්ෂයේ ස්වාධීනව අසුන් ගැනීමට තීරණය කර ඇති බව නම් සඳහන් කිරීමට අකමැති වූ එජාපයේ මන්ත්‍රීවරයකු පැවසීය.

එසේ ස්වාධීනව අසුන් ගෙන කථානායකවරයාගෙන් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ලෙස පිළිගන්නා ලෙසට ඉල්ලීමක් සිදුකරන බව එම මන්ත්‍රීවරයා කීය.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකකම සහ පක්ෂයේ නායක කම සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදුනහොත් එළඹෙන මැතිවරණය සඳහා වෙනත් ලකුණකින් පොදු සන්ධානයක් බවත් ඉදිරිපත් වීමට එම පිරිස සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එසේම ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සියලු දෙනාම එකඟත්වය පළකර ඇතැයිද ඒ මන්ත්‍රීවරයා පැවසීය.

– deshaya

132 views

4 Comments to “රනිල්ට විරෝධය.. එජාප මන්ත‍්‍රීවරු තොගයක් ස්වාධීන වෙති..”

  1. බන්ඩා says:

    රනිල් විතරක් නෙවෙය් අද වෙනකොට මුලු එජාපයම කුනු වෙලා බව අති බහුතර සිංහල බෞද්ධ කතෝලික ජනතාව පිළි අරගෙන ඉවරය්.

  2. Angoda Buva says:

    මුන් මේ තනිකරම බොරුව කරන්නෙ.

    ඕක ඔය ෂුවර් එකටම රනිල්ලෙගෙන් අල්ලසක් කඩා ගන්න කරන වැඩක්.

    ඇයි ඉතිං මහ බැංකුව කඩපු එකේ ඉතුරු සල්ලියි ඩයස්පෝරාවෙ සල්ලියි තව ඕනෑ තරම් ඇතිනෙ ඕවට දොල පිදේනි දෙන්න.

  3. Deepthika says:

    Sajith lost because of these factors 1.His foolish speech of “giving pads”. 2. His “srimukaya “ talk and his wives janadipathi ariyawa speech. Thanks to Ranil he got north and east votes. Ungrateful man . 3

  4. Anoosh says:

    Green Elephant will become mad if Sajith Modaya comes into action.

Main News