රනිල්ට සජිත් කොහොමටවත් විශ්වාස නෑ.. කොන්දේසි ඒ නිසයි..

September 29, 2019 at 1:20 pm | lanka C news
රනිල්ට සජිත් කොහොමටවත් විශ්වාස නෑ.. කොන්දේසි ඒ නිසයි..

ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණේ තබාගෙන සජිත් අවතාරය පරාජය කරමින් හංස හූනියම මෙවර නැත්තට නැති කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

2015 වසරේ සිට මේ රටට තිබෙන ලොකුම හූනියම හංසයා බව පැවසූ රණතුංග මහතා එම හූනියම කැපිය හැකි එකම අපේක්ෂකයා ගෝඨාභය පමණක් බවත් අවධාරණය කළේය.

රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයන් පිරිසක් උඩුගම්පොළ දී ඊයේ (28) හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

2015 ඉඳන් මේ රටට තියෙන ලොකුම හූනියම තමයි හංසයා. 2015 දී බලයට ඇවිත් මේ රට විනාශ කරලා දැම්මා. පාස්කු ප්‍රහාරයත් සමඟ මේ රටේ සංහිඳියාව විනාශ වෙන්න හේතු වුණේ මේ හංසයා. මේ හූනියම කපන්න පුළුවන් එකම අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. සජිත් ප්‍රේමදාස වගේ අවතාර දහයක් ආවත් මේ මැතිවරණයේ දී ගෝඨාභය මහත්තයා තමයි මේ රටේ ජනාධිපති වෙන්නේ. ඒක ඉර හඳ වගේ විශ්වාසයි.

සජිත් ප්‍රේමදාස කෙරෙහි රනිල් වික්‍රමසිංහගේ විශ්වාසය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. මහින්ද මහත්තයා ජනතාවගේ ඉල්ලීම පරිදි ගෝඨාභය මහත්තයා දාන කොට කොන්දේසි දැම්මේ නැහැ. මමයි අගමැති, මමයි පක්ෂ නායක කිව්වේ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ සජිත්ව පත් කරනකොටම කියනවා මාස හයකින් ජනාධිපතිකම අහෝසි කරන්න ඕනේ කියලා. අගමැතිකමත් ඕනේ කියනවා.

තමන්ට විශ්වාස කෙනෙක් දානවා නම් කොන්දේසි දාන්න ඕනේ නැහැනේ. මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයට දුන්නා වගේ විශ්වාසය උඩ දුන්නා නම් කොන්දේසි දාන්න දෙයක් නැහැ. රනිල්ට සජිත්ව විශ්වාස නැහැ කියන එකයි මේකෛන් පේන්නේ. සංස්කෘතික අරමුදලේ හොරකම්, රැකියා ලබාදීමේ දී කරලා තියෙන වංචා ගැන බලන කොට සජිත් කියන්නේ කවුද කියන එක පැහැදිලියි.

සජිත් කියන්නේ තවත් කවටයෙක් විතරයි. අපිට මේ රටට අවශ්‍ය වගකීමක් දරන්න පුළුවන්, විනය ආරක්ෂා කරන්න පුළුවන් නායකයෙක්. නැතිව ෆුට්බෝල් ගහන, ඒ දඬුවල යන, ඉණිමං තියලා ගස් නගින කෙනෙක් නෙමෙයි. රට කළමනාකරණය කරන්න පුළුවන් කෙනෙක් ඕනේ. සජිත් වගේ කවටයෙක්ට රට භාර දෙන්න ජනතාව සූදානම් නැහැ.

ප්‍රේමදාස මහත්තයාගේ කාල සීමාවේ සජිත් මහ පාරට බැහැලා දේශපාලනය කරනවා කවුරුත් දැකලා තියෙනවද? ජාත්‍යන්තර නායකයෝ ආවම ළඟට ගිහින් පින්තූර ගැහුවා මිසක මහජනතාව සමඟ දේශපාලනය කරපු නායකයෙක් නෙමෙයි සජිත් කියන්නේ. පිටරට පැනලා ඉඳලා දේශපාලනයට ආපු කෙනෙක්. තමන්ගේ පිරිස පාවාදීපු කෙනෙක්.

සජිත් ගෙනියන්නේ තාත්තගේ වැඩපිළිවෙළ නම් ජනතාව ඒකටත් බයයි. 88/89 කාලයේ මේ රටේ තරුණ තරුණියන් 60,000ක් ටයර් සෑයවල්වල යැව්වේ ඔය කියන තාත්තම තමයි. ඒ නිසා ඒ වගේ නායකයෙක්ගේ අත්දැකීම් ක්‍රියාත්මක කරනවා නම් ඒ වගේ මිනිහෙක්ට ඡන්දය දෙන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ.

සුදුවෑන් සංස්කෘතියත් ආරම්භ කළේ රණසිංහ ප්‍රේමදාස. එයා තමයි භීෂණ කාලේ සුදු වෑන්වලින් තරුණ තරුණියන් උස්සලා ඝාතනය කළේ. ඔය ගෝඨාභය මහත්තයට කරන චෝදනාව මැතිවරණ කාලේ හදපු කතාවක්. අපි පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා සුදු වෑන්වලින් කීදෙනෙක් උස්සලා තියෙනවද කියලා. ගයන්ත ඇමැතිතුමා කිව්වා එහෙම දෙයක් වාර්තා වෙලා නැහැ කියලා.

සජිත් ජනාධිපති වුණොත් අගමැති රනිල්. මිනිස්සු දැන් කියන්නේ රනිල් එපා කියලා. එතකොට සජිත් ජනාධිපති වුණාම අගමැති වෙන්නේ මිනිස්සුන්ට එපා වේචච රනිල් නම් ඒ දෙන්නට පුළුවන්ද රටක් හදන්න. හැබැයි මහින්ද, ගෝඨාභය සුසංයෝගයට පුළුවන් මේ රට හදන්න. යුද්ධය ඉවර කරපු, රට සංවර්ධනය කරපු සුසංයෝගයක් තමයි අපි ගේන්න හදන්නේ.

එහෙම නැතුව ජනතාව වෙනුවෙන් මැරෙන්න යන කෙනෙක් නෙමෙයි. මැරෙන්න ඕනේ නම් ජනාධිපති වෙන්න ඕනේ නැහැනේ. සමහරු මැරෙනවා වගේ කෝච්චියට පැනලා මැරෙන්න පුළුවන්නේ. රාජපක්ෂවරුන් හයදෙනාම දේශපාලනයට සුදුසු නම් ඒ අය දේශපාලනයට ආවට කමක් නැහැ. රණතුංග පවුලේ තුන්දෙනෙක් ක්‍රිකට් ගැහුවේ? වෙන අය හිටියේ නැද්ද?

දක්ෂයා නම් දක්ෂයට තැන දෙන්න ඕනේ. එහෙම නැතුව දක්ෂයෙක් වුණත් රණතුංග පවුලේ නම් ක්‍රිකට් ගහන්න බැරිද? රාජපක්ෂවරුන් වැඩ කරලා පෙන්නලා තියෙනවා. මම කාටවත් බය නැහැ. 2015 මහින්ද මහත්තයා පැරදිලා ගෙදර ගියාම එතුමා නැවතත් දේශපාලනයට ගේන්න මුලින්ම එළියට බැහැපු කෙනා තමයි මම. ඒ සටන අදටත් අතහැරලා නැහැ.

– ප‍්‍රදීප් අනුර කුමාර

82 views

6 Comments to “රනිල්ට සජිත් කොහොමටවත් විශ්වාස නෑ.. කොන්දේසි ඒ නිසයි..”

  1. damian speed says:

    Ow ithin Gota awoth Mahinda ne agamathi…

    Eka nisa Ranil oya kondesi damata kamak na …….

  2. damian speed says:

    Me oba Ranil gana kohomada danne, Ra a paththe giyad?

    Mu muge wife ganawath dane nathuwa Ranil gana kiyawanawa.

  3. Ariyathilaka says:

    ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන එක් එක් අපේක්ෂකයන් ඉදිපත්වන්නේ දේශපාලන පක්ෂයක් මගින් බැවින් එකී පක්ෂ ලේකම්වරයාගේ ප්‍රකාශ එම පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ ප්‍රකාශයක් සමග පරස්පරව සිටී නම් එම අපේක්ෂකයාගේ ප්‍රකාශ අප පිළිගැනීමට සූදානම් නැත. අපට හිමිවී ඇති පරමාධිපත්‍යය බලය අනුව අප පිළිගතයුත්තේ පක්ෂ ලේකම්වරයාගේ පකාශයය. පක්ෂ ලේකම්ගේ ප්‍රකාශයට පටහැනිව එකී පක්ෂයේ අපේක්ෂකයා යම් ප්‍රකාශයක් කරනවා නම් ඔහු වංචනිකයෙක් බව කිව යුතුය. එය ජනතා පරමාධිපත්‍යයට කරන අපහාසයක් වනවා පමණක් නොව ඔහු ජනාධිපති වීමට පෙරම ජනතාව රවටන නිතිය තඹදොයිතුවකට නොසලකන හිතුවක්කාර කට්ට කෛරාටික පුද්ගයෙකු බව කිවයුතුය. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් කළ ප්‍රකාශයට එක්සත් ජාතික පක්ෂ ලේකම්වරයා උත්තර දිය යුතුය. නැතිනම් මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතියේ සුජාත භාවයට කරන බලවත් අගතියකි. නිග්‍රහයකි! රැවටීමකි.

    • Ariyathilaka says:

      මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති පරමාධිපත්‍යය බලය ජනතාව සතුය. එම පරමාධිපත්‍යයට පාලන බලතල , මූලික අයිතිවාසිකම්, ඡන්ද බලය හිමි වන අතර පරමාධිපත්‍යය බලය කිසිවෙකුටත් ම අත්හළ නොහැක. ඡන්ද බලය, පාලන බලතල, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මැතිවරණ නීතිය හා බලය මත ක්‍රියාත්මක වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 අ, පරිච්ඡේදය අනුව ක්‍රියාත්මක වන මැතිවරණ කොමිෂන් සභාව යටතේ බලාත්මක හා ක්‍රියාත්මක වන මැතිවරණ නීතියට අනුකූලව , පාලන බලයට අවතීර්ණ සියලු දෙනාම අනුගත විය යුතුය. . ජනාධිපතිවරණ ඡන්ද විමසීමකදී පිළිගත් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් මගින් ඉදිරිපත් විය යුතු අතර දේශපාලන පක්ෂ ලියාපදිංචි නීතිය අනුව ලියාපදිංචි වූ පක්ෂයක් රටේ විධායක බලය ලබා ගැනීමට අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සුදුසු ය. ඡන්දයක් ප්‍රකාශයට පත් කර ඇති විටක ඒ ඡන්දය උදෙසා පක්ෂ ලේකම් වරයාගේ විසින් කරන ප්‍රකාශයන් නීත්‍යානුකූල පිළිගැනීමටකට ලක් වූවක් ලෙස සැලකීමට සිදු වේ. දේශපාලන පක්ෂ පිහිටුවා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බලය මත බැවින් පක්ෂ ලේකම්ගේ ප්‍රකාශය ජනතාව විශ්වාස කරත්. පක්ෂය වෙනුවෙන් තමන් කරන ප්‍රකාශයන්ට වග විමට පක්ෂ ලේකම්වරයා බැදී ඇත.

  4. ක්‍රිමිනල් says:

    මං හිතන්නේ ඔබතුමා කියන කථා එජාපයේ පිරිස් නෙමෙ , පොහොට්ටුවොත් විශ්වාශ කරන්නෑ ! සෝ පැතටික් !

  5. Bandq says:

    එකෝමත් එක කාලේක කොහෙද යන තරුබලන පොට්ටයෙක් කිවිවලු.මේකා ජනාධිපති වෙනවා කියලා.😂😂

Main News