රනිල්ට සහාය දුන් නිසා සම්බන්ධන්ට විපක්‍ෂ නායක ධුරය අහිමියි..

December 13, 2018 at 4:40 pm | lanka C news
රනිල්ට සහාය දුන් නිසා සම්බන්ධන්ට විපක්‍ෂ නායක ධුරය අහිමියි..

දෙමළ සන්ධානය කොන්දේසි සහිතව රනිල් වික‍්‍රමසිංහ මහතාට සහයෝගය පළ කර පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කිරීම හා දිවුරුම් ප‍්‍රකාශ ලබාදීම යන කාරණා සමග මෙතෙක් ඔවුන් භුක්ති වින්ද විපක්‍ෂනායක ධුරය හා විපක්‍ෂය නියෝජනය කිරීමේ අයිතිය අහිමි වී යන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

කොළඹදී ඊයේ (12 දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එ.ජා.ප. ය සමග දෙමළ සන්ධානය පසුගිය දිනවල දිගින් දිගට කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක්‌ ලෙස දෙමළ සන්ධානය කොන්දේසි සහිතව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමේ යෝජනාවට උදව් කරන බව දෙමළ සන්ධානය වෙනුවෙන් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.

දෙමළ සන්ධානය විපක්‍ෂ නායක ධුරය පිළිබඳ බලාපොරොත්තු අතහැර ඊට වඩා උඩින් රනිල් වික්‍රමසිංහ මහතා රැක ගැනීම ජාතික වගකීමක්‌ ලෙස සිතා මෙම තීන්දුව ගන්නවා විය හැකි යෑයි ද මන්ත්‍රීවරයා පැවැසීය.

– divaina

30,549 Viewers

9 Comments to “රනිල්ට සහාය දුන් නිසා සම්බන්ධන්ට විපක්‍ෂ නායක ධුරය අහිමියි..”

  1. පොඩි බයියා says:

    පාර්ලිමේන්තුව ඇලට යාගන්න බෑ කකුල් වෙව්ලනව. එලියෙ ඉඳගෙන බයිල ගහනව. අනේ පලයං කොටෝ යන්න.

  2. රාහුල කොලුවා says:

    අපේ කතානායක තීරණය කරයි ඒක එතුමාගේ පුද්ගලික මතය.. ඒක පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම අහිමි කරන්න හේතුවක් නෙවෙයි කියලා… මුළු පාර්ලිමේන්තුවට වැඩිය අද සම්බන්ධන්ගේ 14 දෙනා බලවත්..

  3. Podda says:

    එතකොට රනිල් විපක්ෂයේ නෙමෙයි ආණ්ඩුවේ කියල මෙයාල පිලිඅරගෙනද ?

  4. Samanan says:

    tna jvp newathath purudu paridi boru vipakseta gihilla JO eka awalangu kasiyak karala ratbedana vyawasthawath pass karagani. aye election ne. minisunta parata bahinta wei.

  5. maraya says:

    දෙමළ සන්ධානය විපක්‍ෂ නායක ධුරය දීම කිසිසේත් සුදුසු නැත ….මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදයට නැවත පන දීමට උත්සාහ කරන මේ දෙමළ සන්ධානය අපේ රටට පිළිලයකි

  6. අසුචි බන්ඩාර says:

    මොන පිස්සුද කරුමයා කියයි විපක්ෂ නායක මු විපක්ෂ සංවිධායක ලපය කියල පුංචි අම්මගෙ හු ප්‍රජාතත්තරේ නිසා සුරසේනත් ඒකම කියයි

  7. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Denwath negitila palayaw vipaksayata.den piliganna wenawa neda umbala wipaksaye kiyala.tinkiri gaagaththa witarai ituru Mahinda rajapakse mahaththaya ta.

  8. අසුචි බන්ඩාර says:

    කරැ මයා පිලිගන්නෙ ලපය විපක්ෂ සංවිධායක කියල පජාතතන්තරේ නියමෙට පෙනෙයි

  9. Open mind says:

    විපක්ෂ නායකට ඇමැති වරප්‍රසාද……ඇති යාන්තම් ඒකවත්.

Main News