රනිල් අගමැතිකමෙන් හා එජාප ඇමතිවරුන් එලවා මහින්ද-මෛත්‍රී බාරකාර ආණ්ඩුවක්..
December 17, 2017 at 10:13 pm | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එකතුවී භාරකාර ආණ්ඩුවක් බිහි කිරීමට හැකියාව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්රි්ර ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කොන්දේසි දෙකකට එකඟ වන්නේ නම් කිසිදු තනතුරක් නොගෙන භාරකාර ආණ්ඩුවක් සෑදීමට හැකි බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා පසුගියදා දෙපාර්ශ්වය විසින් පැවැත්වූ සාකච්ඡා බිඳවැටීමට හේතු වූ එක් අයෙකු ලෙස රණතුංග මහතාට චෝදනා කිරීම පිළිබඳව විමසූ අවස්ථාවේදී නැවත එක්වීමට හැකියාව පිළිබඳව සඳහන් කරමින් රණතුංග මහතා මේ බව සඳහන් කළේය.
සාකච්ඡා බිඳ වැටීමට ප්‍රධානතම හේතුව වූයේ ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු ඇමැතිකම්වලින් අස්වෙලා ආණ්ඩුවක් බිහි කිරීමට අකැමැතිවීම බවත් ඒ නිසා මැතිවරණයෙන් පසුව ඇමැතිකම්වලින් අස් නොවී භාරකාර ආණ්ඩුවක් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීම පිළිබඳව හැකියාවක් තිබෙන බවද මන්ත්‍රිවරයා කීවේය.
අගමැතිවරයා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් ඉවත් කර භාරකාර ආණ්ඩුවක් සෑදීමට අවස්ථාව ඇති බවත් එහිදී දෙපාර්ශ්වයේ කැමැත්ත පරිදි පොදුජන එක්සත් පෙරමුණ යටතේ ඕනෑම අයකු අගමැති කිරීමට හැකි බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
අගමැති ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු ආණ්ඩුවෙන් ඉවත් කිරීම සහ රටේ ජාතික සම්පත් විකිණීම නැවැත්වීම, රණවිරු දඩයම නැවැත්වීම, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම, පෞද්ගලික පළිගැනීම් නැවැත්වීම, ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන නොඒම, අධික බදු බර ලිහිල් කිරීම, කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම වැනි කොන්දේසිවලට එකඟතාව දක්වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට ඒකාබද්ධ විපක්ෂය සහයෝගය ලබා දිය හැකි බවද රණතුංග මහතා පැවසීය.
– දිවයින
ඹය සේල්ලම් ලෙල්ලම් වැඩක් නෑ…ජාතික ආණ්ඩුව තියාගෙන පළාත් පාලන ආයතනවල SLFP පොහොට්ටු හවුල් පාලන බෑ ගොයියෝ…..
Mun Dawal Heena dakinawa.
This is what they have planned without any shame at the wedding last Thursday when MR met brapathi gramasevakaya,
Don’t be worry. Now MR and his fellow members have understood that the can,t win so they want to join with My3.
The very issue is not caretaker govt. will be form under MR led alliance to replace for UNP Ranil and CBK federal regime.
That is not that practical political solution time being. Any body form a govt. needed mandate from people to New Govt. That will and wish of majority people thinking ?
Without people sovereignty and we do not agreed on backdoor operation of politics by corrupted political classes to regain political-power is not that democracy!
කඳේ තරමට මොළයත් තිබුණා නම්…….නේද ?
Kande OXFORD, Molai MONTESSORI
Thatthathala Baappala, Puthala Okkoma ekai
Horen Exam pass wechcha evun
We had one party rule for over 60 years, we have experienced the violence that took place during election times between the two parties (KULAL KANA DESHAPALANAYA). These two parties together, should govern together for another at least 10 years for the benefit of the country.
pala pisso yanna ,Thopita denawada Aaandu karanna….. H,u,,,, Hu,,,Hu,,,,,,,
Yeah?
Dream on.