රනිල් අගමැතිකම ඉල්ලුවේ නෑ… රට බේරාදෙන්නැයි ජනාධිපති ඉල්ලා සිටියා..
May 19, 2022 at 3:00 pm | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරය භාරගැනීම නීත්‍යානුකූල ක්‍රියාවලියකට අනුව සිදුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එම පත්කිරීම නීතිවිරෝධී හා සම්ප්රදාය කඩකිරීමක් වන බවට නැගෙන චෝදනා හා විවේචනවල කිසිදු පදනමක් නොමැති බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන්ව ඇති පරිදි එම පත්කිරීම සිදුව ඇති බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වන වගන්තිය කියවීමෙන් ඒ පිළිබද සරල අවබෝධයක් ලැබිය හැකි බවද ඔහු පැවැසීය.
මහලේකම්වරයා මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයී.
එමෙන්ම අගමැතිධූරය ඉල්ලාගත් දෙයක් නොවන බවද ජනාධිපතිවරයාගේ ඉල්ලීම හා රට ඇදවැටී තිබෙන තත්ත්වය යන කාරණා පිළිබද සැලකිලිමත්ව රනිල් වික්‍රමසිංහ මහතා එම වගකීම භාරගත් බවද පාලිත රංගේබණ්ඩාර මහතා මෙහිදී පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප මහලේකම්වරයා,
බොහෝ අය කිව්වා දාල යන්න අපි කරන්නම් කියලා. මහින්ද රාජපක්ෂ අගමැතිධුරයෙන් ඉල්ලා අස්වුණා. ඊට පස්සේ ආණ්ඩුව භාරගන්න තවත් කොන්දේසි දැම්මා. මේක හරියට අන්දරේගේ ජවනිකාවක් වගෙයි. ලොකු කළු ගලක් තිබුණලු වෙලක. ඉතිං මේක අයින් කරන්න ගොඩක් අය ගොඩාක් මහන්සි වුණාලු. අත්නිමේ කාටවල් බැරිවුණාලු මේ ගල ඉවත් කරන්නා. ඔතැනට අන්දරේ ඇවිත් කිව්වලු හරි මං මේක අයින් කරල දෙන්නම්, හැබියි මට මාස 03 ක් එක දිගට කළුකුං මසුයි හිනැටි හාලේ බතුයි අවශ්‍යයි කියලා. පස්සේ ඉතිං ගමේ මිනිස්සු කතා වෙලා බොහොම මහන්සියෙන් අන්දරේගේ ඒ ඉල්ලීම ඉටුකළාලු. මාස 03 ක් ඔන්න ඔහොම අවසන් වෙලා ගල අයින් කරන දිනේ ලංවුණාලු. අන්දරෙත් ඇවිත් දැන් ගල අයින් කරන්නලු ලෑස්තිය. අන්තිමට අන්දරේ ගල ලගට ගිහින් කිව්වලු මේ එහෙනම් උස්සලා කට්ටියම මගේ කර උඩින් තියන්නකො කියලා. ඉතිං කොහොමද ඒක කරන්නේ.
ඒ වගේ තමයි අපේ විපක්ෂ නායක ඇතුළු පිරිස. එක එක කොන්දේසි දැම්මා. අගමැති අයින් වුණාම තවත් දේවල් දැම්මා. රටේ ප්‍රශ්න උඩු දුවන්න ගත්තා. එයාලගෙ ඉල්ලීම් ඉටුවෙනකම් හිටියනම් අපට ශ්‍රී ලංකාවක් හොයා ගන්නවත් බැරිවෙනවා.
ආණ්ඩුවක් අසමත් නම්, ආණ්ඩුව ඉදිරියට කරගෙන යාමේ වගකීම භාරදිය යුතු අනෙක් කණ්ඩායම වන්නේ විපක්ෂයයි. හැබැයි ආරාධනා කළත් භාරගත්තේ නෑ. එක එක දේ කියමින් මග හැරියා. අපට තිබුනේ එක් ආසනයයි. ඒත් අපි රට වෙනුවෙන් වූ වගකීමෙන් පැනල ගියේ නෑ. අපි ඒක භාරගත්තා. ඒ වගේම අපි ඒ වගකීම නිසි ලෙස ඉටුකරන්න ලෑස්තියි. ජනතාව දැන් දැන් ඇත්ත තේරුම් ගනිමින් සිටින බවත් අපට පෙනෙන්නට තිබෙනවා.
මාධ්‍ය ඒකකය
ඒක්සත් ජාතික පක්ෂ මහලේකම් කාර්යාලය
A ban, mahajanathawa prathishepa karapu ekek, eka manthree kamak nathi paksha nayakayeku agamathi kireema kawda piliganne.
මොනව උනත් මේ පුත්තලම් බූරුවයි වජිරල වගේ පට්ට හොරු ලන්කර ගත්තොත් රනිල්ගෙ අගමැතිකමේ ආයුෂ ඉතාම කොටයි. දැනටමත් වජිර අබේවර්ධන වටපඩය හිග මුදල් ලැබීමට ඇති සමාගම් වලට කියනවලු ඒ මුදල් කඩිනමින් අරන් දෙන්නම් ඔහුට ගානක් ඕන කියල. මේ වගේ උන් වහාම පන්නා දැමිය යුතුයි. නැත්නම් රනිල්ටත් අබසරන තමා.
රනිල් අගමැති කම ඉල්ලුවේ නැති උනාට බූරු පුතානෝට තුන්පාරක් ආරාධනා කලත් බාරගත්තේ නැහැ. ඒකෙන්ම පෙනෙන්නේ බූරු පුතානෝ බරපතළ මානසික විශාධියකින් පෙලෙන තැනැත්තකු බවයි. අවාසනාව නම් මංත්‍රී වරු හතලිහක් මේ බූතයා නායකයා ලෙස පිලිගැනීමයි. යන්තමින් හෝ මොලයක් තිබුන දෙන්නෙක් මේ වෙලාවේ රට බේරාගන්න ඉදිරිපත් උනා.
Entire country rejected RW and UNP in last election,now this guy was telling that they have received mandate to run this country by RW,all citizens know that RW also responsible to this crisis because he was the PM in this country more than 5 times and no good result shown by him during his tenure.
රනිල් අගමැති වුනාට කමක් නැහැ,
ඒ අස්සේ 225 ප්ම්කයින්ට විතරක් ඩීසල් පෙට්‍රල් ගහන ෂෙඩ් දැම්මේ මොන හු*ටද .
ලංකාවේම මිනිස්සු තෙල් ,ගෑස්,ලාම්පුතෙල් .පාන්, හාල් පෝලිම් වල ඉන්දැද්දී.පාලකයින්ගේම වරදට දුක් විඳින මිනිස්සු ඉද්දි තොපි විතරක් සැප ගන්නේ කොහොමද.
තොපි ඒ තරම් තිරිසන් ද. ජනතාවගේ කිඹුල් දුක කියා කියා නටපු පකනිලා ඇතුළු එකෙක් වත් ඒ අසාධාරණ තෙල් බෙදිල්ලට එරෙහි වුනාද. මොන අමතියාද ලීටරේට කිලෝමීටර 3-4 දුවන තෙල් බොන වාහන අයින් කරලා අරපිරිමස්මක් ඇති ක්‍රමයකට වෙනස් වුනේ.
පලයවූ තොපේ T56 තියාගෙන ආරක්ෂාවට ඉන්න පොලිසියේ 6 ත් එක්ක තෙල් පෝලිම් වල ඉඳල බලපියවූ , මිනිස්සු දින ගණන් පෝලිම්වල ඉඳල විදින දුක.
රටම දුක් වින්දිදිදී ආතල් ගන්න තොපිට ගහන එක ගැන බහුතරයකට දුකක් නැත්තේ ඒකයි
තප්පුලන් නැතුව හිටහන් බන් 225 කට දෙන පෙට්‍රල් ටික රටේ මිනිස්සු ලක්ශෙකට බෙදුවත් 1කෙනෙකුට ලැබෙන්නෙ සොච්චමයි.
එදන්ඩේ ප්‍රේමදාස කවදාවත් නායකයෙක් වෙන්නේ නෑ… නායකයෙක්ට තියෙන guts මෙයාට නෑ….
මුන්ගෙ මොලෙ තරමට මුන් කියන හොරිකඩ කතා තවත් අහගෙන ඉන්න වෙලා තියන එකම අපෙ කරුමයක්. මුන් වගෙ පොල් බුරුවන්ට මාද්‍යය ඉඩ දෙන එකම රටටම මුස්පෙන්තුවක්.
Rata bwraganill kesewethath illan kanawa kiyanne okata thama
පරණ පිනක් කඩා ගෙන වැටුන අගමැති රනිල්ට මෙය ඉතා කෙටි කාලයක් පමණයි.
”ළිප ගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුවා දිය කෙළියේ ”
කාලයකට ඉහත ලංකාවේ ජනාධිපති පදවිය ලැබුණු ඩී බී විජේතුංග දුන්නොත් බාරගන්නම් ලෙස ප්‍රසිද්ධ විය. තවත් ඩීබී කෙනෙක් ලංකාවෙන් බිහි වෙයිද?
කාලයකට ඉහත ලංකාවේ ජනාධිපති පදවිය ලැබුණු ඩී බී විජේතුංග දුන්නොත් බාරගන්නම් ලෙස ප්‍රසිද්ධ විය. වසර තිහකට පසු තවත් ඩීබී කෙනෙක් ලංකාවෙන් බිහි වෙයිද?