රනිල් අගමැතිගේ අවසන් දින 5 එළැඹෙයි.. විශ්වාස භංගය ස්ථිරවම ඔහු ඉවත් කරනු ඇත.. පාර්ලිමේන්තුවේ දැන් බල පෙරලිය මෙන්න..

March 31, 2018 at 10:00 am | lanka C news
රනිල් අගමැතිගේ අවසන් දින 5 එළැඹෙයි.. විශ්වාස භංගය ස්ථිරවම ඔහු ඉවත් කරනු ඇත.. පාර්ලිමේන්තුවේ දැන් බල පෙරලිය මෙන්න..

රනිල් වික්‍ර‍මසිංහ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන අවසන් දින 5 එළැඹ ඇත. විශ්වාස භංගය අනිවාර්යයෙන්ම රනිල් වික්‍ර‍මසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ඇත.

1. අද පවතින තත්වය අනුව එක්සත් ජාතික පෙරමුණේ පවුල්කාර පක්ෂ රනිල් අතහැර දමා ඇත. මනෝ ගනේෂන්, රිෂාඩ්, හකීම් හා චම්පික සතු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 20 කි. එය නොමැතිව රනිල්ට ජයගත නොහැකිය. දිගන ගින්න මුස්ලිම් මන්ත්‍රීවරු රනිල් ගෙන් ඉවත් කොට ඇත. එය පසෙක තබමු.

2. ද්‍ර‍විඩ ජාතික සන්ධානය සතු මන්ත්‍රී ධූර 16 විසින් රනිල් බේරාගත හැකිය යන්න ද මිත්‍යාවකි. මන්ද, TNA බේදී ඇත. නිශ්චිතව මන්ත්‍රීවරු 2 ක් රනිල් ට විරුද්ධය. 2 ක් එන්නේ නැත. දෙවැන්න, ද්‍ර‍විඩ ජාතික සන්ධානය යනු විපක්ෂය යි. ලංකා ඉතිහාසයේ සිදු වූ දැවැන්තම දුෂණ චෝදනාවක් වන බැදුම්කරය ගැන ඔවුන් පාර්ලිමේන්තුවේ හඩක් නොනැවේ නැත. විපක්ෂයේ භුමිකාව ඉටු කළේ නැත. ද්‍ර‍විඩ ජාතික සන්ධානය විපක්ෂයේ සිට බැදුම්කර හොරුන් රකින්නට ඡන්දය දුන් පක්ෂයක් ලෙස ඉතිහාසයට එක්වීමට සුදානම් නැත.

3. රනිල් ට විශ්වාස භංගයෙන් පාර්ලිමේන්තුවේ 113 ලබා ගැනීම කිසි ලෙසකින් හෝ කළ හැක්කක් නොවේ. එය සිදු නොවන්නකි. ආණ්ඩුව හදන විටත් රනිල් ට හිටියේ 106 කි. අද, විජේදාස-චතුර-රතන හිමි ආණ්ඩුවේ නැත. කථානායක කරු ට ඡන්දය නැත. එවිට ඉතිරි 102 කි.

4. අප්‍රේල් 4 දා උදේ නිල වශයෙන් ශ්‍රීලනිප ‘සභාග ආණ්ඩුවෙන් ඉවත් වන්නේය. එවිට විවාදය අවසන් වන විට කුමන තත්වයක් යටතේ හෝ සභාග ආණ්ඩුවේ අගමැති හා කැබිනට් මණ්ඩලය නැත. එය අවසන් ය.

5. රනිල් විශ්වාස භංගයෙන් 113 ට අඩු ඕනෑම වැඩි ඡන්දයක් ගත්තේ යැයි මොහොතකට සිතමු. එවිට රනිල්ට විශ්වාස භංගය දිනා ඇත. දැන් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 42 වගන්තිය අනුව, සභාග ආණ්ඩුවක් නොමැති නිසා 30 ක කැබිනට් මණ්ඩලයක් සහිත නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුය.

6. එම ආණ්ඩුව පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය ඇතැයි ජනාධිපතිවරයාට හැගෙන පුද්ගලයාට එම ආරාධනය ලැබේ. මන්ත්‍රීවරුන් 113 ක් රනිල්ට නොමැති නම්, පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය සහිත පුද්ගලයා රනිල් නොවන්නේය.. ඔහු එජාපය හෝ ශ්‍රීලනිප හෝ වෙනත් පක්ෂයක රනිල් හැර වෙනත් ඕනෑම මන්ත්‍රීවරයෙකි.

7. පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇති පුද්ගලයා කවුද යන්න හැගී යා යුත්තේ ජනාධිපති ට ය. 2015 ජනවාරි 9 සවස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 42 ක සහාය පමණක් ලැබූ රනිල් වික්‍ර‍මසිංහ අගමැති වූයේ ද එසේමය. අවම වශයෙන් ඡන්ද විමසීම මන්ත්‍රීවරුන් 20 ක් එන්නේ නැත. එම සංඛ්‍යාව 35දක්වා ප්‍ර‍මාණයක් විය හැකිය. නව අග්‍රාමාත්‍යවරයා කරු ජයසූරිය, සජිත්, රංජිත් මද්දුම බණ්ඩාර, නිමල් සිරිපාල ද සිල්වා, චමල් රාජපක්ෂ නම් කළ විට මේ ඡන්දය නොදෙන පිරිස නව අගමැති ගේ සෙවනට යන්නේය. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනපති වූ විට ශ්‍රීලනිපයේ පිරිස ඔහු හා එක් වූ ලෙසිනි.

8. එජාප මන්ත්‍රීවරුන්ට දැන් ඉතිරිව ඇත්තේ ජාතික ආණ්ඩුව බේරා ගැනීම නැතිනම් 113 ක් සහිත තනි එජාප ආණ්ඩුවක් සාදා ගැනීමය. 113 ක් නැතිව එය සිදු කළ නොහැකිය. ජනපති මෛත්‍රී වචනයෙන් නොව ක්‍රියාවෙන් රනිල් ට විශ්වාසය නැති බව මහ බැංකුව ඔහුගෙන් ඉවත් කිරීමෙන් පෙන්වා දී ඇත. එජාපයේ රනිල් හැර වෙනත් පුද්ගලයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ගැනීමට හැකියාව ලැබෙන්නේ ද? නැතිනම්, රනිල් සමගම නැවත පාර්ලිමේන්තුවේ විපක්ෂයට යනවා ද යන්න තීරණය කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවත් දින 4 ක් ඉතිරිව ඇත.

9. එජාපයට රනිල් නොවන වෙනත් නායකයෙකු යටතේ සභාග ආණ්ඩුව පවත්වාගෙන යා හැකිය. නැතිනම්, කරදරයක් නැතිව රනිල් සමග විපක්ෂයට යා හැකිය.

– අශාන් පුංචිහේවා

33 views

7 Comments to “රනිල් අගමැතිගේ අවසන් දින 5 එළැඹෙයි.. විශ්වාස භංගය ස්ථිරවම ඔහු ඉවත් කරනු ඇත.. පාර්ලිමේන්තුවේ දැන් බල පෙරලිය මෙන්න..”

  1. Aurora says:

    Ranil please don’t resign from leadership of the UNP. The roll of opposition leader is much easier than PM. And next prasidantial elections will close the ugly era under your “YAMAPALANAYA”.

    • somapala says:

      මෙයා එලව ගත්තත් ඇති වැඩක් නෑ. මොකද කිසි සැලැස්මක්වත් දැනුමක්වත් තියෙන එකෙක් ඉන්නවද ආර්තකේ ගොඩ දාගන්න.

  2. Chutte Mallee says:

    Oka Hariyana vadak nevi…

  3. Sha says:

    19සංශොඩනයෙන් අගමැතිට විස්වාශබංගයක් ගෙන්න බෑ ඔක්ක තමා ඇත්ත ගේනවනම් මුලු කැබිණටුවටමයි අනිත් එක සිරා එක්කඉඑකතුවුනුත් මහින්දගේ ජන්ද ටිකත් අඩු වෙන එක තමා වෙන්නෙ දිගන ⁣ෙකස් වගෙ ොහට්ටු ජය නැති කරන්න හදන ගෙමක් මෙක

  4. Skt says:

    Chathura senanayakaya wachalaya ta kauda parlimenthuwata yewwe

  5. paul peiris says:

    Mata nam hithena widiha wenath deyak, enam Maithree athulu ema pakshaya monama nisawath ranilta wiruddawa chandayak nodenu athi….Mokada ea hawula balayata gena eamata mudal yodapu koti dias porawa saha sambanda annik ratawal wala balapaama nisa.. ungen eeta awasarayak nolabena nisa…Ranil ta wiruddawa pohottuwa arenna, wenath aya game karayo nisath, salli maluwalatath yatawee owun awsanayae ranilwa bera ganeewi….

Main News