රනිල් අගමැති කමට යෝජනා කළේ බංකරයේ සැගවී සිටින මහින්ද….

May 13, 2022 at 3:12 am | lanka C news
රනිල් අගමැති කමට යෝජනා කළේ බංකරයේ සැගවී සිටින මහින්ද….

රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා කරනු ලැබුවේ රට තුළ මහා ලේ වැගිරීමක් සිදුකොට දැනට සැඟවී සිටින මහින්ද රාජපක්ෂ මහතා බංකරයේ සිට බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ රාජපක්ෂලාගේ ගැලවුම් කරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හා සමාජය විසින් හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම කිසිදු ජනවරමක් නොමැති පරාජිත පුද්ගලයෙකු සහ කිසිදු අවස්ථාවක සිවිල් සමාජය තුළින් යෝජනා වූ පුද්ගලයෙකු හිටි හැටියේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පුදුමසහගත බවයි උන්වහන්සේ පවසන්නේ.

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම කරුණු හෙළි කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්ව ගුණාංග සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් සිදු කරන උන් වහන්සේ පෙන්වා දෙන්නේ මහනායක හිමිවරුන්ගේ සහ සෙසු ආගමික නායකයින් ගේ ආශිර්වාදය ද සමඟින් ව්‍යවස්ථානුකූලව සහ අවස්ථානුකූලව අගමැති ධුරය භාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියද ඔහු විවිධ හේතු ඉදිරිපත් කරමින් ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

ඒ හා සම්බන්ධ තවත් ඉල්ලීම් රැසක් විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කළ ආකාරයත් සියල්ල ප්‍රතික්ෂේප කරමින් එකවර ජනාධිපතිවරයා බවට පත්වීමට උත්සාහ දැරීම හේතුවෙන තවත් සමාජ අර්බුදයක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළා.

ගෝල්ෆේස් අරගලකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පසුගියදා පොලිසිය විසින් සිදු කරනු ලැබූ නිවේදනය සිදුකර ඇත්තේ පොලිසිය විසින් නොවන බව ද උන්වහන්සේ මෙහිදී හෙළි කරනු ලැබුවා.

උන්වහන්සේ පෙන්වා දුන්නේ සියලු තත්වයන් මැද විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

86,950 views

98 Comments to “රනිල් අගමැති කමට යෝජනා කළේ බංකරයේ සැගවී සිටින මහින්ද….”

  1. dev says:

    warjanaya karala ratama kiwwe pohottuwe prathi patti epa kiyala. ethin dan UNP prathi patti onna kriyathmaka karanna chance ekak aran dunna

    Rate dewal hadapu kena epa kiwwa ne. onna wikunana kena (wikkamasingha) genawa. janatawa satutu wiya yutui. oba illapu deya labuna

  2. Nariya says:

    නානක්කා 2

  3. Ranjan says:

    Athigaru hamuduruwane බංකරයේ hitiye LTTE sakkiliyan bawa thenn mathaka nehe nedha. Hamuduruwo hitiye hengila 2008-2009 kalaye. Munta Mahinda/Gota karapu dewal thenn mathake nehe. hebei LTTE sakkiliyanta mathakai.

  4. Roshan says:

    okkoma dannawa diwasin kiyanna puluwan habai champika ge accident eka gana dannaha…

  5. ranga says:

    Sorry to say, we had many experiences religious people involve political and they forgot their aims. Cardinal is Behind this monk and controlling to show Buddhist monk are with them. We dont want to influence NGO money to get peace in this countify. If money behind there NO peace or truth.

  6. DH says:

    පොහොට්ටුවෙන් මොකා දැම්මත් මේ වෙලාවේ සමාජ මතය මෙහෙයවන කල්ලි කන්ඩායම් ටික විරුද්ද වෙන නිසා රනිල්ට දුන්නා. ඒ පාර ඒකටත් විරුද්දයි.

    ගෝටාභයට ඒකාධිපතියා කියපු එවුන් කන්නාඩියක් ඉස්සරහට ගිහින් අහන්න ඕනෙ කවුද ඇත්තටම ඒකාධිපතියෝ කියලා. ආර්ථික අර්භුදයක් අභියස මෙහෙම ත්‍රස්තවාදියෝ වගේ හැසිරුන රටක්නම් ලෝකෙ තිබිලා නැතුව ඇති.

  7. Pradeep says:

    Rata baraganna ekek nathi welawe Ranil kala wade agayanna one , oya JVP karayo monawada ratata karala thiyenne , gini thiyapu eka ara, ” HAMUDURUWO DANWATH MAHANA WENNA”

  8. Sompala says:

    2/3 දෙක නැතිවුණා,52 එකා පොර ටෝක් දුන්න විතරයි 3% එකා පුරුදු විදියට කියවනවා. මේ වෙලාවේ රට ගොඩ දන්න ඉදිරිපත් වෙන්නේ නැතුව අපට අරව මේවා ඕනේ කිය කියා හිටපු නිසා නේද ඔය ඇන ගත්තේ. බල තණ්හාව මිසක් රටේ ප්‍රශ්න ගැන හිතලා වැඩ කෙරුවද ?

  9. bird eye says:

    mun wahanseta monawada ona kiyala therenne na…..issellama rata thiyena thanin goda aragena passe ona halparuwek daganawalako….maduluwawe sobhitha ta wagema mun wahansetath waradila inne.

  10. Do what you are supposed to do first says:

    කන්න නැති කමට අඩු කුලේ උන් මහන වුණාට කමක් නෑ පන්සලට වෙලා මහන වෙච්ච අරමුණ “නිර්වානය” ලබා වරෙන්….වෙන වෙන වැඩ කර කර අනුන්ට අරක කොරව් මේක කොරව් කියන්න කලින්…තමාට අදාල දේ කොරල පෙන්නපියව්…නැත්තම් සිවුර ගලවල දේශපාලනය කරපන් …