රනිල් අගමැති කරන්න ආ දෙමල සන්ධානයට ජනපති ගිනි පන්දමක් හිසේ බැද ආපසු යවයි.. ඒ හීනෙත් අහවරයි..
November 30, 2018 at 10:19 pm | lanka C news
වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට බහුතරයක් නැත්තේ නම් නැවත වතාවක් විධිමත් ආකාරයෙන් විශ්වාසභංගයක් ගෙනවිත් එය සම්මත කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වෙත සඳහන් කර තිබේ.
අද පස්වරුවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව ඉදිරියේදී ඉදිරිපත් වන විශ්වාස භංගයේ ප්‍රතිඵල මත තමන් තීරණයක් ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
පසුගිය දා සම්මත කළේ යැයි කියන විශ්වාසභංගයක් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයක් මත පිහිටා සම්මත කළ ඒවා නොවන නිසා මෙවර හෝ ඒ මත පිහිටා විශ්වාසභංගය ගෙන එන ලෙස ද ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත.
මේ තත්ත්වය මත එළඹෙන 07දා නඩු විභාගයට පෙර විධිමත් ක්‍රමවේදයට විශ්වාසභංගයක් ගෙන ඒම දැඩි අසීරු තත්ත්වයකට පත්ව තිබේ.
මුලින්ම කතානායකවරයා විසින් අගමැති මහින්ද රාජපක්ෂ සහ සන්ධාන ආණ්ඩුව පිළිගත යුතු අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තු තේරීම්කාරක සභා ඇතුළු සියලු කාරක සභා පත් කර විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුළත් කර දින පහක පමණ සාධාරණ කාලයක විවාදයක් ද ලබා දී ඡන්ද විමසීමකට ගත හැක.
එම කාලය ගත වන විට අධිකරණයේ නඩු තීන්දුව බොහෝ දුරට ලබා දී තිබෙනු ඇත.
Mage Rata venuven
Obata thuthi Janapathi
මහින්ද යුධ හමුදා මූලස්ථානය තිබුනු ඉඩම හා පෝට් සිටි භූමිය චීනෙට සින්නක්කර දීම රට විකිණීමක් නෙමෙයි.
මහින්දල විසින් වෙනත් චීන සමාගමකට දීමට සූදානම් කර තිබුනු හම්බන්තොට වරාය රනිල් චීනෙට බදු දෙන කොට ඒක රට විකිණීමක්.
මහින්ද හොර අගමැති උන ගමන් ජය බහාලූ පර්යන්තයෙන් කොටසක් චීනෙට දුන්න. ඒව දේශප්‍රේමියි.
තාත්ත හොර අගමැති වුනු ගමන් නාමල් FCIDඑකට යන්නෙ කොට කලිසමක් ඇඳගෙන.
මැද මුලනෙ බත් බැලයො හිතන් ඉන්නෙ උන් විතරයි දේශප්‍රේමියො කියල.