රනිල් අගමැති කරන්න බහුතරය හරි.. කතානායක ජනපතිට දන්වයි..
December 13, 2018 at 9:59 am | lanka C news
කතානායක මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(3) හි විධිවිධාන ප්‍රකාරව 2018 දෙසැම්බර් 04 වැනි අඟහරුවාදා නිකුත් කරන ලද පාර්ලිමේන්තුවේ අංක 1 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ 3 වැනි පරිපූරකයේ දින නියමයක් නොමැති යෝජනා පිළිබඳ දැනුම් දීම යටතේ පළ කරන ලද, ගරු සජිත් ප්‍රේමදාස, ගරු රවී කරුණානායක, ගරු අකිල විරාජ් කාරියවසම්, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල, ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න, ගරු පලනි දිගම්බරම්, ගරු මංගල සමරවීර, ගරු රිසාඩ් බදියුදීන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ගරු රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව, දැනුම්දෙන ලද දින සිට සම්පූර්ණ දින 5ක් ඉකුත් වීමෙන් පසුව සහ 2018 දෙසැම්බර් 05 වැනි බදාදා 9.30ට කථානායක නිල කාමරයේදී පවත්වන ලද රැස්වීමේදී එකඟ වූ පරිදි එදින සභාවේ අනුමතිය අනුව 2018 දෙසැම්බර් 12 වැනි බදාදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට එකඟ වන ලදී.
එබැවින් එදින සභාවේ අනුමතිය ප්‍රකාරව, පාර්ලිමේන්තු මන්ත්‍රී, ගරු රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව 2018 දෙසැම්බර් 12 වැනි බදාදා, එනම් අද දින පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුකූලව විවාද කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(2) (ආ) විධිවිධාන ප්‍රකාරව විද්‍යුත් ඡන්ද සටහන් කිරීමේ යන්ත්‍රය භාවිතයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් එකසිය දාහත් දෙනෙකුගේ බහුතර ඡන්දයෙන් මෙකී විශ්වාසය ප්‍රකාශ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී යථා පරිදි සම්මත කරන ලද බව කථානායක නිල මාධ්‍ය ඒකකය වශයෙන් ප්‍රකාශ කර සිටින අතරම මේ පිළිබඳව ගරු කථානායකතුමා විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත ලිඛිතව දන්වා තිබෙන බවත්, සඳහන් කරමු.
– කථානායක මාධ්‍ය ඒකකය
පවක් කළ ඇති නම් බේරුමක් නැත කරුට
වරදක් කළ ඇති නම් සමාවක් නැත කරුට
දොසක් ඇති නම් නිදොස් බව නැත කරුට
ගැටළුවක් ඇති නම් විසඳුමක් නැත කරුට
කට වැරදුනාවත් ද? ඒ පවෙන් ඊලග ආත්මයේ පණුවන් විසින් අනුභව කර අවසානයේ දිය සැලියක පැසෙන්නට වන පතෝලයක් වත් වී ඉපදේ ද? දැන් කරු හිතනවා ඇති
උසාවියෙන් තහනම් කරල තියෙන අගමැති ඇතුලු ඇමති මණ්ඩලය වෙනුවට වෙනත් අය පත් කළ නොහැකිය…..!
ව්‍යවස්ථාවෙ මොන වගන්තියෙද තියෙන්නෙ පාර්ලිමේන්තුව තෝරන මංත්රීට ජනාධිපති විසින් අගමැතිකම දිය යුතුය් කියල.
අගමැති ඇතුලු ඇමති මණ්ඩලයම අධිකරණය මගින් තහනම් කර තිබියදී, නව අගමැතිවරයකු හෝ ඇමති වරු පත් කළ හොහැකිය………!
“Ekek Madamoolana Janele anika Polonnarwa Janele ellanawa ”
SF