රනිල් අගමැති කරන්න මන්ත‍්‍රීන් 113කගේ දිවුරුම් ප‍්‍රකාශ ජනපතිට..

November 18, 2018 at 10:22 pm | lanka C news
රනිල් අගමැති කරන්න මන්ත‍්‍රීන් 113කගේ දිවුරුම් ප‍්‍රකාශ ජනපතිට..

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය සදහා අවශ්‍ය කරන 113ක මන්ත්‍රී ප්‍රමාණයන් දිවුරුම් පෙත්සම් හෙට දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

ජනාධිපති කාර්යාලයේදී පැවති පක්ෂ නායක හමුව අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයා මෙම දිවුරුම් ප්‍රකාශය ලබා ගැනීම සම්බන්ධයෙන් එකඟතාවක් පළ නොකළ බවත් සඳහන් කළ ඔහු හෙට දිනයේ දී ඒ සඳහා වේලාවක් ලබාදෙනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට අවස්ථා කිහිපයකදීම දන්වා ඇත්තේ කිසිම හේතුවක් මත රනිල් වික්‍රමසිංහ මහතාට නැවත වතාවක් අගමැති ධූරය ලබා නොදෙන බවය.

81 views

4 Comments to “රනිල් අගමැති කරන්න මන්ත‍්‍රීන් 113කගේ දිවුරුම් ප‍්‍රකාශ ජනපතිට..”

  1. manhatton says:

    Raising hand for Ranil in Parliament and give it by written (affidavit ) is same thing.

    We have seen Executive, Parliament and Court decisions on this matter.

    Get the decision from the PEOPLE (referendum).

  2. Kuveni says:

    Questions to the UNP supporters:

    1.Why cannot Ranil wait till the 7th of November when the final verdict of the judiciary is supposed to be given? What is this mighty hurry?
    2. Why the no confidence motion against MR cannot follow the same procedure that was adopted when a no confidence motion was brought against Ranil a few moons ago?
    3. Do you like if DM Jayaratna the prime minister in 2015 behaved like Ranil when he(DM) was removed by Sirisena with one stroke of pen when he had 2/3 majority in the Parliament?
    4. Why did not Ranil go to the courts if the president’s gazette notification was wrong?
    5. Do you believe that Ranil is a five star democrat?

    • sanipa says:

      The question thta needs answers is that the current situation will lead to more arbitrary decisions by the current or future Presidents . The thinking that a President has unlimited powers and can do anything because he is immune.

      It is a bigger issue than what is seen . Even the independent commissions s will be ignored once the SC too is filled with followers .

    • Pal says:

      This are very good questions.

Main News