රනිල් අනතුරේ.. විශ්වාස භංගයට ඇමතිවරුන් අත්සන් කරති.. හෙට ජනපතිට ලිපියක්..

March 18, 2018 at 9:20 am | lanka C news
රනිල් අනතුරේ.. විශ්වාස භංගයට ඇමතිවරුන් අත්සන් කරති.. හෙට ජනපතිට ලිපියක්..

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බවට ඔහු නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයෙන් එල්ල වන බලපෑමත්, ඔහුට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවත් ඔහු දරන අගමැති ධුරය යටතේ තවදුරටත් ආණ්ඩුවේ තනතුරු දැරිය නොහැකි බවට හා විපක්ෂයේ අසුන් ගන්නා බවට ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන් කරන බලපෑමත් හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ ආකාරයේ දේශපාලන උවදුරකට මුහුණ පා සිටී.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඉකුත් මාස කිහිපය තුළ පැවැති අර්බුදකාරී තත්ත්වය උග්‍ර අතට හැරී පක්ෂය දෙකඩවී අගමැති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් පමණක් නොව අගමැති තනතුරෙන්ද ඉවත් කෙරෙන තත්ත්වයක් දැන් නිර්මාණය වෙමින් පවතී.

මේ මස අවසන් වීමට පෙර පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වී පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අවස්ථාවක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා නොදුණහොත් දැනට ඒකරාශී වී සිටින එජාප පසුපෙළ මන්ත්‍රිවරු 28 දෙනකු විසින් අස්සන් කර වික්‍රසිංහ මහතා අගමැති තනතුරෙන් ඉවත් කිරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. මේ කණ්ඩායම ඇමැති, නියෝජ්‍ය ඇමැතිවරුද වෙති.

ඒකාබද්ධ විපක්ෂය පසුගිය සිකුරාදා අගමැතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අස්සන් ලබාගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක්ද එයට අස්සන් තබා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ සිටිනතාක් කුමන බලපෑම් එල්ල වුවද පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවන බව සඳහන් කරන එජාපයේ එම මන්ත්‍රි කණ්ඩායම වික්‍රමසිංහ මහතාට තවදුරටත් අගමැති ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව සලසමින් පක්ෂ නායකත්වයෙන් ඉවත්වී පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අවස්ථාව සලසන ලෙස ඉල්ලීම් කළ අවස්ථාවේ ඒ අනුව පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වන බවට කැමැත්ත පළ කළත් ඉවත් වන දිනය මෙතෙක් ප්‍රකාශයට පත් නොකිරීම නිසා තවදුරටත් බලා සිටීම මිරිඟුවක් පිටුපස යෑමක් බව එම මන්ත්‍රි කණ්ඩායමේ අදහස වී ඇතැයි එම කණ්ඩායමේ ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරයෙක් පැවැසීය.

තම පක්ෂයේ නායකයා ලෙසත් අගමැති තනතුර දැරූ අවස්ථාවලදීත් ප්‍රශ්නයක් ඇතිවූ හැම අවස්ථාවකදීම ඉන් බැහැරවීම සඳහා කමිටු පත්කර වාර්තා ලබාගෙන ඒවා හමස් පෙට්ටියට දැමීම සුපුරුදු ක්‍රියාවක් බැවින් පක්ෂ නායකත්වයෙන් ඉවත්වී පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන්ද ඔහු සුපුරුදු ක්‍රියා පිළිවෙත අනුගමනය කරමින් සිටින බවද එම මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

තම කණ්ඩායම ගෙන ඇති තීරණය ඉදිරි දිනකදී අගැමැතිවරයා හමුවී දැනුම් දෙන බවද ඔහු පැවැසීය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන ආණ්ඩුවක තවදුරටත් මැති ඇමැතිකම් දරන්නට සූදානම් නැතැයි පවසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ බහුතරය, ශ්‍රී ලනිප ඇමැතිවරුන්ගේ කැබිනට් සංශෝධනය කිරීමට පෙර අගමැති ධුරයේ වෙනසක් ඇති කළ යුතු බවට එම කණ්ඩායම ජනාධිපතිවරයාට හෙට (සඳුදා) ලිපියක් භාරදීමට නියමිතය.

– Mawbima

94 views

20 Comments to “රනිල් අනතුරේ.. විශ්වාස භංගයට ඇමතිවරුන් අත්සන් කරති.. හෙට ජනපතිට ලිපියක්..”

  1. jayantha says:

    රහස කුමක්ද?
    රනිල් ඉවත් කිරීමට එ .ජා .පෙ ට නැති අමාරුවක් අනිත් අයට ඇයි ?

    • sarath says:

      No doubt it should bring a No-confidence against Ranil for appointing a real rouge Mahendran to Central Bank for Bond Scam. Also Mahinda’s Civic Rights should be cancelled as he appointed a real rouge his cousin Udayanga for the post Ambassador in Russia to do the Mig Deal which is not second to Bond Scam.

  2. Dompe says:

    Ranil will turn this no-confidence into a Confidence confirmation to his Premiership.Ranil and MR play till2020.

  3. Asaranaya says:

    ලඟදී මා දිටුවේ කලිසම වැටේවි දෝ,
    හොඳටම කෙට්ටු වී සිත දැන් ගැහේවිදෝ,
    මූට විරුද්දව බන්ගය එනවාදෝ,
    පව් බන් අනේ රානිලයා මැරේවි දෝ

    • sayumi says:

      මෙයා බලයේ හිටියොත් රටම අනතුරේ. ඒ නිසා හැකි ඉක්මනින් එලවන එකයි කලයුත්තෙ.

      • jayamal says:

        රනිල් සමඟ දේශපාලනයේ ඉදිරි ගමන් මඟ කාටත් ටිකක් අවුල් සහිත වෙයි. බැඳුම්කර මගඩියත් මහ දවල් මහා බැංකු කොල්ලයක් බව දැන් ජනතාවට ඔප්පු වෙලා ඉවරයි. ජන පදනම ගිලිහී ගොස් ඇති බව නම් ස්තීරයි.

  4. Kamal says:

    එහෙම කියල අගේට ඇමති කම් ගනී හිටු කියල

  5. victor says:

    Does he have no shame to hang on without resigning, even after all this opposition to him from all quarters?

  6. Brapathi gramasevaka sunakaya also should be chased out immediately with rani.

    • Dr, liyanage says:

      ane mahatmaya.
      minisekuta me taram pahath lesin katha karanna epa. apahasaya nowe, upahasayen liyanna. me wekiwalin obage ugathkama, janmaya, wanacharakama, pahath upatha, penwanawa. MATAH KUNUHARUPEN BENALA LIYANNA EWITA NIYAMA TIRISENEK liwwa kena senagaenna heduwata cid eken den hoyanna patan gannawa.

  7. Niru says:

    We will know who the butterflies are when they vote to keep Ranil. There is no reason to keep Ranil as PM unless you are a butterfly.

  8. සාධාරණ මිනිසා says:

    SLFP කට්ටිය ඉතා ආත්මාර්ථකාමී තමන්ගේ හා තම පක්ශයේ වාසිය පමණක් බලන රට ගැන නොසිතන අධමයින් පිරිසකි.පසුගිය අවුරුදු 25ක් බලයේ සිටි එම පක්ෂයෙ ජනාධිපති හා අවුරුදු 20 ක් පමණ තනි බලය ලබාගෙන පලාත් සබා සහ පලාත් පාලන ආයතන බලයත් තියාගෙන රට දියුනු කලාද? රටේ ප්‍රශ්න වැඩි කලා නේද?

    • Sopia says:

      ඔව් එයින් මහින්ද මහත්තයගෙ කාලයෙ තමයි නිදහසින් පස්සෙ රටේ වැඩිම වාර්තාගත දියුනුව පෙන්නුම් කරන්නෙ.අපි නෙමෙයි ඔයාලගෙ ජාපාලන ආණ්ඩුවෙ මහබැන්කු වාර්තාවක කියන්නෙ. ඔයාල තමයි කොහේවත් යන නරි රැලකට මේ රට භාර දීලා විනාස මුඛයට ඇදදැම්මෙ. දැන්වත් ජවිපෙ කුහකවතින් මිදිලා සාධාරණව හිතලා බලන්න.

  9. NAK says:

    Since the President is under the control of the US Viceroy he will come forward to save the PM.

  10. Aurora says:

    රනිල් UNP එකේ ඕන මලනාඩගමක් නටාගත්තට මේ රටේ බහුතරයකට කමක් නැත. ඕනෑමනම් සිරිකොත චීනෙට නෙමෙයි ඉතියෝපියාවට විකුණුවත් මේ රටේ බහුතරයකට කමක් නැත. නමුත්රටේ වැදගත් ආර්ථික මර්මස්ථාන කාට හෝ විකුනන්න තීරණ ගන්න, මේ රටේ නීතිය හදන, ආර්ථිකය පලනයකරන අගමැති තනතුර අතහැරිය යුතුය.
    ඒත් එක්කම පක්ෂයකට නායකත්වය දෙන්න බැරි එකාට රටකට නායකත්වය දෙන්න පුලුවන්ද කියා මොලේ තියන උන් කල්පනා කරන්න ඕනෑය. මොලේ නැති උන් ගොන්කතා නොකියා සිටීමම යහපත්ය.

Main News