රනිල් අපිව කපලා වෙන දෙන්නෙක් උස්සනවා..- නවීන්

March 26, 2022 at 1:20 pm | lanka C news
රනිල් අපිව කපලා වෙන දෙන්නෙක් උස්සනවා..- නවීන්

LTTE ය පරාජය කිරීම සඳහා ඉන්දීය රජය සෘජුවම ශ්‍රී ලංකාවට සහය ලබාදුන් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ 2007 වසරේදී මහින්ද රාජපක්ෂ රජයට එක්වීමට දින දෙකකට පෙර සෝනියා ගාන්ධි මහත්මිය සිය මව වූ ශ්‍රීමා දිසානායක මහත්මිය අමතමින් මෙම තීරණය දැනුම් දුන් බවයි. එම තත්වය තුළ මහින්ද රාජපක්ෂ රජයට යුද්ධය පරාජය කිරීම වෙනුවෙන් සහය දක්වන ලෙස ඉන්දියාව ඉල්ලා සිටි බවද දිසානායක මහතා සඳහන් කරන්නේ එය මේ දක්වා රටට හෙළි නොකළ රහසක් ලෙස දක්වමින්.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු මෙම කරුණු හෙළිකර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට හිතවත් පුද්ගලයින් දෙදෙනෙකු ඔසවා තැබීම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨයන්ට අසාධාරණ සිදුකරමින් සිටින බව ද එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා මෙහිදී චෝදනා කරයි.

දැනට එක්සත් ජාතික පක්ෂ මහලේකම්,උප නායක සහ සභාපති තනතුරු රනිල් වික්‍රමසිංහ මහතාගේ තනි කැමැත්තට පත් කර ඇති බවයි ඔහු පවසයි.

අදාල තනතුරු සඳහා ඡන්දයක් පැවැත්වුවා නම් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් බහුතරයක් අදාළ පත් කිරීම් සඳහා එකඟ නොවනු ඇති බවයි ඔහු සඳහන් කරයි.

බල තණ්හාව හේතුවෙන් පක්ෂය බදාගෙන සිටීම හේතුවෙන් සිදුවන්නේ පක්ෂය දියවී යාම පමණක් බවත් රාජපක්ෂ පාලනය තුළ ද මෙම තත්වය ඇති බවද ඔහු පෙන්වා දෙයි.

පක්ෂයට නියෝජ්‍ය නායකයෙකු තේරීමේ අවස්ථාව සහ ඒ වෙනුවෙන් පැවති ඡන්දය පිළිබඳව තමන් ඇතුළු වූ පක්ෂ ජේෂ්ඨයින් කිහිපදෙනකුම දැනුවත් කිරීමට පක්ෂ නායකත්වය කටයුතු නොකළ බවට චෝදනාවක් ද නවීන් දිසානායක මහතා ඒල්ල කරයි.

රාජපක්ෂ පාලනය අවසන් කිරීම සඳහා සියලු පාර්ශව එකට එක්විය යුතු අවධාරණය කළ නවීන් දිසානායක මහතා ඒ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරන් දැඩි අදහස් පසෙකලා නම්‍යශීලී ලෙස පොදු සම්මුතියකට එළැඹීමට කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

58,220 views

13 Comments to “රනිල් අපිව කපලා වෙන දෙන්නෙක් උස්සනවා..- නවීන්”

  1. ජෝන් කොතලාවල says:

    එහෙම නැතුව බෑනේ. දෙනියායෙ කොළුවයි, කුලියාපිටියෙ කොළුවයි දෙන්නම ලොක්කට හොඳටම උස්සනවා.

  2. The Funeral Director says:

    තාත්තා හමිබු කරල දීපු පොදියෙන් කාලා පැත්තකට වෙලා හිටපන් මචං. උඹලගෙ අඩෝවැඩියාව. මෙි අපිට තියෙන බඩුමිල ආතල් අස්සෙ, ඔය කතා නිකං ගොම උඩට කක්කා දානවා වගේ අජූවයි.

    • Pakanil says:

      මෙි අපිට තියෙන බඩුමිල ආතල් අස්සෙ, ඔය කතා නිකං ගොම උඩට කක්කා දානවා වගේ අජූවයි. 👏👏👏👌👌👌🤣🤣🤣

  3. Manuka says:

    Me kataeahan hitu. Hora ranila ekka rata vinasa karala.

  4. අතුල says:

    තාත්තා මහවැලියෙන් හොඳට හම්බ කලා එදා jR ගේ ආණ්ඩුව කාලේ ආසියාවේ හිටපු දනවත්ම ඇමති කොහොමද ගැහිල්ල මුන්ගේ ඒවා සොයන්න ඕනෙ

    • කාගෙත් සුන්දරී says:

      ඒවා හොයන්න සුපිරි හොර ගෑණියෙක් ඉන්නවා

    • Silva says:

      කවුද හොයන්නෙ ස ද? 😀

    • Thushara Dissanayaka says:

      Ane pola janajaya pokeyo. Denda thopi gamini dissanayake mahathiyage Eva hoyanda hadanne ?thope thathada maha eliya heduwe ponnayo etakota? Denaganin gobayo adath thopi bath kanne e manussaya nisai. Kelehi guna nodanna sakkili.

  5. මොනවාද මහත්තයෝ ඔබතුමා රටට කොරපු දේ ? උද්දච්ච කම පෙන්නුවා විතරයි.

  6. ජනජය says:

    අනේ මෝඩ නවියෝ..උඹේ මොනාද බං උස්සන්න තියෙන්නෙ ….රට වෙනුවෙන් කතා කරනව වෙනුවට බොලා උස් පහත් වෙන්නෙ කෝමද බලනව….!

  7. කොත්මලේ චන්දරේ says:

    ගාමිණී දිසානායකට තිබුනු පෞරැෂය, දැන උගත්කම, නිහතමානීකම, ප්‍රසන්න බව මේ යෝදයට දශමයකින්වත් ගෑවිලා නෑ. මයන්තට නම් ඒ ලක්ෂණ ටිකක් හරි තියෙනවා. මෙි යකා කාලයක් රාජපක්ෂලාට කඩේ ගිහින් බලුඋනා. රනිල් හීන්නූලෙන් ගේම දෙන්නෙ. මුංට ඔළුව උස්සන්න දෙන්නෙම නෑ. ඇයි බං තවත් ඔය ගුබ්බෑයමේ ඉන්නෙ?

  8. J.K Dadallage says:

    ඔබ නායකත්වය සඳහා බලාපොරොත්තුව සිටියානම් දෑත් ශක්තිමත් කිරීමට නොගොස් ඉන්න තිබුණා…

  9. baniaSonsdhi says:

    Bullshit lies. Whats the use of Sonia Gandhi calling his mother to express support of Indian Govt. against LTTE? if India is to support then they should call the present government and Army commanders. Are indians mad to call an ex minister’s wife? What a Big toyya joker. Can you explain why your father helped to spread racism against tamils in North in the 1980s was a key player in helping to start Eealam war?