රනිල් අසනීප වේ.. කොමිසමෙන් පිටවේ..
October 6, 2020 at 12:48 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතාට හදිසි අසනීප තත්වයක් ඇතිවී තිබේ.
ඔහු ඒ බව සඳහන් කරමින් අද දින කැඳවා තිබූ පාස්කු ඉරිදා ප්රහාරය ගැන සාක්ෂි විමසන ජනාධිපති කොමිසමෙන් පිටව ගොස් තිබේ.
ඒ හේතුවෙන් ඔහු නැවතත් එළඹෙන 13දා කොමිසම හමුවට සාක්ෂි දීම සදහා කැඳවා ඇත.
අද දිනයේ රනිල් වික්රමසිංහ මහතා සඳහන් කරන ලද්දේ තමන් මුල සිටම එවකට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට සහාය දුන් බවයි.
හිටපු ජනාධිපති මෛත5ිපාල සිරිසේන මහතා ඊයේ එම කොමිසම හමුවේ සඳහන් කළ පරිදි තමන්ට අග්රාමාත්යවරයා සහාය දුන්නේ මාස හයක් පමණක් යැයි පැවසූ ප්රකාශයට ප්රතිචාර ලෙස වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත.