රනිල් ආවත්, සජිත් ආවත් ගෝටා දිනනවා.. කරු අවොත් ගෝටා පරදිනවා..- සමීක්‍ෂණයකින් හෙලිවෙලා..

September 11, 2019 at 2:10 pm | lanka C news
රනිල් ආවත්, සජිත් ආවත් ගෝටා දිනනවා.. කරු අවොත් ගෝටා පරදිනවා..- සමීක්‍ෂණයකින් හෙලිවෙලා..

එක්සත් ජාතික පක්‍ෂයෙන් කරු ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළහොත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා පරාජය වනු ඇතැයි දිවයින පුරා සිදුකළ සමීක්‍ෂණයකින් හෙළි වී තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය සිසිර පින්නවල මහතා පැවසීය.

පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා තරග කරන විට එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළහොත් ප්‍රේමදාස මහතා තුන්වැනි ස්ථානයට පත්වනු ඇතැයි අනාවරණය වූ බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් ඇතුළු ආචාර්ය කණ්ඩායමක් විසින් ඡන්දදායකන් දිවයිනේ කලාප 08කට බෙදා මෙම සමීක්‍ෂණය පැවැත්වූ බවත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සාපේක්‍ෂව කරු ජයසූරිය මහතා ඉන් කලාප 07කින්ද, සජිත් ප්‍රේමදාස මහතා කලාප 04කින්ද ඉදිරියෙන් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව කොළඹ මහනගර බලප්‍රදේශය, හෝමාගම, පන්නිපිටිය, මහරගම, කෝට්ටේ ඇතුළත් වෘත්තීය කලාපය, මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල ඇතුළු අර්ධ නාගරික බලප්‍රදේශය, දකුණු හා වයඹ, උතුරුමැද පළාත් හා ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළත් ග්‍රාමීය බෞද්ධ කොට්ඨාසය, මොනරාගල, හම්බන්තොට හා වයඹ පළාතේ උතුරු කොටස ඇතුලත් ආර්ථික වශයෙන් පසුගාමී කලාපය, උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව බහුල ප්‍රදේශය, නැගෙනහිර මුස්ලිම් ජනයා බහුල ප්‍රදේශය, රට අභ්‍යන්තරයේ මුස්ලිම් ජනයා බහුල ප්‍රදේශය, ක්‍රිස්තියානි ජනයා බහුල මුහුදුබඩ කලාපය මෙම සමීක්‍ෂණය සඳහා යොදාගත් බවද හෙතෙම පැවසීය.

රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිසිර පින්නවල මහතා මේ බව පවසා සිටියේය.

කොළඹ මහනගර බලප්‍රදේශය, දිවයිනේ අර්ධ නාගරික බලප්‍රදේශ, වතුකරය, උතුරු නැගෙනහිර මුස්ලිම් හා දෙමළ ප්‍රදේශ, දකුණේ ක්‍රිස්තියානි හා මුස්ලිම් බහුල ප්‍රදේශවලින් කරු ජයසූරිය මහතාට ජයග්‍රහණය කළ හැකි බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකරනු ඇත, එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා කවුරුන් වුවද එම පක්‍ෂයේ බෙදීමක් හටනොගනු ඇත, සුළු ජාතික පක්‍ෂ අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකරනු ඇත යන උපකල්පන තුන පදනම් කරගෙන දත්ත විශ්ලේෂණය කර මෙම සමීක්‍ෂණය පැවැත්වූ බවද ඒ මහතා පැවසීය.

– ada

54,072 Viewers

34 Comments to “රනිල් ආවත්, සජිත් ආවත් ගෝටා දිනනවා.. කරු අවොත් ගෝටා පරදිනවා..- සමීක්‍ෂණයකින් හෙලිවෙලා..”

  1. kanishka Tissa says:

    A load of bullshit! This is again a bunch of traitors paid by NGOs funded by the Neo-Colonist West.

    • Sagara says:

      ගොවිපලේ වැඩපලේ කඩමන්ඩියේ කරන සමීක්ශන වලට අනුව ගෝටා සජිත් ටයි ටයි. හැබැයි ගෝටා කරූ නම් ගෝටා 65% කරූ 30%.

      • john the baptice says:

        මේ සිසිර මහාචාරිය උන්නැහේ ගෝටාබයගෙ යාලුවෙක් නෙවේ කියල සුවර්ද?

    • Critic says:

      Absolutely correct! I wonder how can Karu win as he was already defeated by PABA, the Tele star.

    • Boo says:

      නෑ නෑ කතාව හරි ඇති , ඒ නිසා දැන් ආණ්ඩුවට කිසි බයක් සැකක් නැතිව කිහිලි කරු ව ජනාධිපති අපේක්ෂක කරලා හෙට වුනත් චන්දෙ තියන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ නොවැ. රටේ මිනිස්සුන්ට ඕනේ චන්දෙනේ, ඒක ආව නං හරි.

  2. Janaranjana says:

    මේ සමීක්ශනය කරල තියෙන්නේ නවින් දිසානායක වෙන්ඩ ඕනෑ. සැබෑ වර්තාව නම් කරුට චන්ද ලක්ශ 25ක් වත් ගන්ඩ බෑ.

  3. Godaya says:

    Ehenam Sajithma danna kiyamu.

  4. Wickaramabaukarunaratne says:

    තව චන්ද මොකටද, ඔය දැන් කියන්නෙ පක බනඩිත චහාමාරියො.

  5. Nandasoma says:

    මේ සාධාරණයක් නැති සාධාරණ සමාජෙ කට්ටියනෙ…..!

    එයාලගෙ සමීක්ෂණ එයාලට විතරයි හරියන්නෙ……!!

    ඡන්දෙ තියල බලන්නකො……!!!

    තුන් දෙනාම එකට ඉල්ලලා හරි…..!!!!

  6. Buwa says:

    Ubala bayawela

  7. ඉතින් ආචාරීන්ට කියන්න වහාම චන්දය තියන්න කියල…හරක් විජේසූරියත් ඉන්නවද….?

  8. Jagath says:

    Mun den balannee gota dinanabawa niyatha nisa boru warthaa pennala minissu mulaa karanna.
    Saadaarana ayage heti kauruth dannawane !

  9. 77 UNP says:

    ඕකට කියන්නේ ස්වයංවින්දනය කියල. ජනාධිපතිවරණෙ පවත්වන තෙක් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාර කාරයින්ට වැල ඇදගෙන ගිය හැකිය.

    • ගනහ බන්ඩා says:

      පරගැති විජේසූරිය ගෙ සෙට් එකට දුටු තැන කෙල ගසව්

  10. MD says:

    Koheda meka prakasha kala Anata wunu Ali patiya hitiye.Pinnawalada.

  11. kiribatha says:

    Any one with an iota of brain can understand that if Sajith contests he will be either 1st or the 2nd by the number of votes. GR most probably will win, but Sajith is not going to be 3rd. I wonder where Prof. Pinnawala got his PhD from. He definitely does not know how to choose a random sample that could lead to accurate predictions or at least close to it.

    • Razor says:

      Yes all data are ridiculous.

    • RATA WESIYO says:

      A biased survey. The people are of the opinion that out of the three
      U.N.P. candidates ( none of them can win),Ranil,Sajith and Karu , the one who would get very much lower votes than the other two would be Karu. There is no uncertainty about it. Whoever ,who comes,Gota would definitely emerged victorious,as he is wish of the Nation at this crucial juncture,to save the motherland.

    • The Citizens says:

      The people are not prepared to believe the results of your biased,deliberately conducted surveys,which were to get your ambitious results. You all wait and see.When the census (involving the whole population)will be carried out very soon on the election day,Gota would definitely win convincingly.

    • roxz says:

      YOU,RE absolute RIGHT ! KARU NEVER TO BE A PRESIDENT

    • Janaka from Matara says:

      ..You have proven that you’ve got an iota of a brain. ( maybe a bit more, but fortunately for you, definitely not less).
      Prof Pinnawela has a normal human brain ( maybe a bit more than the average – but fortunately for his students, not less).

  12. kosen says:

    ammata siri sadarana karayoda. me wasara 5ta okun kale ratata sadarane.

  13. SLCommunity says:

    GOTA dinanne sinhala chanda walin bolaw. Puluwa nam dinala pennapalla.

  14. Toga says:

    Whoever comes from UNP cannot win. UNP, SLFP, JVP cannot produce leaders. These parties are corrupted.

  15. ajith says:

    This result of a survey of ” Members only”

  16. බන්ඩා says:

    මහාචාරියා ගංජ සුරැට්ටුවක් ඇදල සමීක්ෂණ කරන්න ඇති.

  17. Sam Fernando says:

    Yes. True.. If Mr.Jayasuriya comes, Got a will have to give a good fight. It doesn’t mean that Got a will lose.

  18. simon says:

    ඔය කියන සිසිර පින්නවල දන්න මගුලක් නැහැ කියල දන්නෙ ටික දෙනා වෙන්න ඇති – පෙන්ශන් ගිහින් නන්නත්තාර වෙලා ඉන්න එකෙ මොනව හරි කරන්නත් එපයැ නේද

  19. Bandq says:

    එතකොට රනිල් ඉල්ලුවොතින් කී වෙනි තැනද හම්බු වෙන්නේ.අනේ විමලේ බොරු නොකිය හිටු.පොහොට්ටු කරයින්ටත් ඕන කරූව දා ගන්න.😂😅දැනටමත් බයයි ගොට්ටට බහුතරයක් ගන්න බැරි වෙයි කියල.මහින්ද දත් දන්නවා ඒ බව.එයා ගෙ කටින්ම කීප පාරක් කියවිලා තියෙනවා.සජියා ආවොතින් ගේම අමාරු බව දන්න නිසා පච ගහනවා.

  20. gamarala says:

    මැතිසබේ කවටයෙක්ට චන්දෙ දෙන්නේ බූරුවෝ පමණයි

  21. පොරමෝලා says:

    යකෝ මේ පබාටත් පැරදුන මහළු පෙන්දා ?

  22. සීයා says:

    මෙවැනි පෞද්ගලික දේශපාලන මත ඉදිරිපත් කිරීමේදී තමන් රැකියා කරන ස්ථානය වන පේරාදෙණිය සරසවිය නැතහොත් උගතුන් රාශියක් ලක් මවට දායාද කල ඒ උතුම් භූමිය සඳහන් කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි දේශපාලනික පෞද්ගලික සමීක්ෂණවලදී උතුම් භූමිය සඳහන් කිරීමෙන් එය හෑල්ලුවට ලක් විය. වැදූ මව මෙන් උගත් පාසල් උගත් විශ්ව විද්‍යාල වලට ගෞරවණීය නාමයන් ක්‍රියාවන් පමණක් සිදුකරන එය උගත්
    ඔබ ගෙන කරන ඉල්ලීමකි

  23. ඇත්ත යථාර්ය says:

    මේවා ‌බොරැ සමීක්ෂණ, NGO වැඩක්, පර ගැති රනිල් විජේසූරිය කල්ලියේ සැලසුමක්. ‌බොරැවක් ‌ගොඨා දිනන ඒක වලක්වන්න බැහැ.

  24. MARA says:

    a mona Samiksanayakda ban???? samiksanaya kerapu awun belada edala theyenne. yako peradeniya university ekatath sawuththuwa. meka awoth ahema meta wada antha wenwa

Main News