රනිල් ඇටවූ උගුලට ඒකාබද්ධ විපක්‌ෂය හසුවේ..

September 19, 2016 at 11:33 pm | lanka C news
රනිල් ඇටවූ උගුලට ඒකාබද්ධ විපක්‌ෂය හසුවේ..

විවාදය සත්‍ය කරුණු මත මිස විකෘති කරන ලද කරුණු මත නොවෙයි
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර

ලාල්ට එදිරිව වසන්ත

සැප්තැම්බර් 05 වැනි සඳුදා දිවයින පුවත්පතේ දේශපාලන අතිරේකයේ පළවූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ මහජන අදහස්‌ විමසීමේ කමිටුවේ සභාපති, නීතිඥ ලාල් විඡේනායක මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වූයේ, විකෘති කරන ලද කරුණු මත විවාදයක්‌ ගෙන යැම කනගාටුදායක බවයි. එතුමාගේ නිවේදනයෙන් මතු වන කරුණු දෙස විවෘත මනසින් බලන අයෙකුට පැහැදිළිව පෙනී යා යුත්තේ ඔහු විසින් නායකත්වය ලබාදී ඇති සමස්‌ත ක්‍රියාවලියම විකෘතියක්‌ බවය. එදා චන්ද්‍රිකාගේ ව්‍යවස්‌ථා පැකේජය මෙන් මෙදා රනිල්ගේ පැකේජය ලෙස අවමානයට ලක්‌ කිරීමට නියමිතව තිබූ ව්‍යවස්‌ථා පැකේජයට සමස්‌ත පාර්ලිමේන්තුවේම පැකේජය යන ලේබලය ඇලවීමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කිරීම ලාල් විඡේනායක මහතාගෙA වගකීම විය. මහජන අදහස්‌ විමසීම එහි එකA අංගයක්‌ පමණි.

ඒ ”අමු” දේශපාලන යථාර්ථය ගැඹුරින් තේරුම් ගන්නවා වෙනුවට විපක්‍ෂ බලවේග විසින් තාක්‌ෂණික හේතු මත එම සමස්‌ත ක්‍රියාවලියට එකඟතාව පළ කරන ලදී. ඔවුහු සංකීර්ණ දේශපාලන අභියෝගයකට තාක්‌ෂණිකව පිළිතුරු සෙවීමට උත්සාහ කළහ. එදා ” චන්ද්‍රිකාගේ පැකේජය” සකස්‌ කළ ආකාරයට පාර්ලිමේන්තු කාරක සභාවක්‌ හරහා ආණ්‌ඩුවේ යෝජනා පළමුව ඉදිරිපත් කොට ව්‍යවස්‌ථාව සකස්‌ කිරීමේ සාමාන්‍ය ක්‍රමය අනුගමනය කොට කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්‌ෂය විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්‌ෂය ඉල්ලා සිටිය යුතුව තිබුණි. එවිට එදා රනිල් වික්‍රමසිංහ මහතා චන්ද්‍රිකාගේ පැකේජයට සැලකූ ආකාරයට මෙදා රනිල්ගේ ව්‍යවස්‌ථා පැකේජයට පාර්ලිමේන්තුවේදී ගිනි තැබීමට හෝ එය සංශෝධනය කිරීමට හෝ ඊට අනුමැතිය දීමට ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක්‌ තිබුණි. එහෙත් සමස්‌ත පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලියට කොටුකර ගැනීම මගින් ඊට සමස්‌ත පාර්ලිමේන්තුවේ පැකේජය හෝ සමස්‌ත මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්‌ථා පැකේජය යන ලේබලය ඇලවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඇටවූ උගුලට ඒකාබද්ධ විපක්‌ෂය පය තැබීය.

ඒ අනුව ඊනියා මහජන අදහස්‌ කමිටුවේ සභාපති ලාල් විඡේනායක මහතා විසින් ඉදිරිපත් කරන පැහැදිලි කිරීම් හෙවත් නිදහසට කාරණා විශ්ලේෂණය කළ යුත්තේ ඉහත සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලික උපක්‍රමයට සාපේක්‌ෂවය. එම මහජන අදහස්‌ ලබා ගැනීමේ කමිටුවට පත්කරන ලද පිරිස්‌, ඊට යෝජනා ඉදිරිපත් කළ පිරිස්‌ සහ යෝජනා ලබා ගත් ක්‍රමවේදය සහ අවසානයේදී සමාජය තුළ ඉහළට මතුවූ යෝජනා මොනවාද යන්න සියුම්ව විග්‍රහ කිරීමෙන් තොරව එම කමිටුවෙන් මතුවන අවසන් යෝජනා වල බලපෑම කුමක්‌ද යන්න විග්‍රහ කළ නොහැක. ලාල් විඡේනායක ඇතුළු කමිටුවට පත්වූ විද්වතුන්ගෙන් සැලකිය යුතු පිරිසක්‌ බෙදුම්වාදී බලතල බෙදීමේ මූලික සංකල්පවලට ඉතිහාසයේදී පක්‌ෂපාත වූ සහ වර්තමානයේ දී මෙන්ම අනාගතයේදීද එම ස්‌ථාවරයේම සිටිනු ඇතැයි අපේක්‍ෂා කළ හැකි පිරිසකි.

මහජන අදහස්‌ ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරමින් ලාල් විඡේනායක මහතා ඉතා විවෘතව ප්‍රකාශ කළේ තම කමිටුව විසින් ව්‍යවස්‌ථාවේ අඩංගු විය යුතු කරුණු පිළිබඳව මහජනයා අතර මතයක්‌ ගොඩනඟන බවය. ඉන් පැහැදිලි වන්නේ මහජන මතය දැනගැනීමට හෝ සොයා බැලීමට වඩා මහජන මතය වෙනස්‌ කිරීමේ අරමුණක්‌ එම කමිටුවට සහ විශේෂයෙන්ම ලාල් විඡේනායක මහතාට තිබූ බවය. ඊට අමතරව මෙම කමිටුවට අදහස්‌ ලබා ගැනීම සදහා මාතෘකා 20ක්‌ සහිත ආකෘතියක්‌ ලබාදීම මගින්ද මහජන අදහස්‌ මූලික වශයෙන් කමිටුවට අවශ්‍ය දිශාවට යොමු කිරීමේ අමුතු ක්‍රමවේදයක්‌ ද ඔවුන් විසින් අනුගමනය කර ඇත. ඒ මගින් එම මූලික මාතෘකාවලට අනුකම්පාව දක්‌වන පිරිස්‌ වැඩි වශයෙන් එම ක්‍රියාවලියට දායක වීමට පෙළඹවීමක්‌ ඇති කෙරේ. එය එක්‌තරා ආකාරයකට පක්‌ෂපාතී ක්‍රියාවලියකි. එසේම සමස්‌තයක්‌ ලෙස එම කමිටුවට අදහස්‌ දැක්‌වීම සඳහා ඉදිරිපත් වන පිරිස අහඹු නියෑදියක්‌ නොවේ. ඔවුන් ලාල් විඡේනායක වැන්නවුන් කෙරෙහි විශ්වාසය සහිත සහ එම ක්‍රියාවලිsයට අදාළව විශේෂ උනන්දුවක්‌ සහිත පිරිසකි. එම පිරිස රටේ දේශපාලන වශයෙන් සක්‍රීය යෑයි සැලකෙන මිලියන 13 ක්‌ වූ පිරිසෙන් 0.02% කි.

දැන් මෙම මූලික පැහැදිලි කිරීම්වලට යටත්ව ලාල් විඡේනායක මහතා විසින් මහජන අදහස්‌ විමසීමේ කමිටු වාර්තාව හරහා ඉදිරිපත් කරන ලද යෝජනා අතරින් වැඩි සමාජ අවධානයට ලක්‌ වූ යෝජනා පිළිබ`දව සාකච්ඡා කළ හැක. ඒ මහතාගේ යෝජනාවලියේ අඩංගු නිර්දේශවලින් වඩා වැදගත් වන්නේ එසේ සමාජයේ ආන්දෝලනයට ලක්‌වන කරුණුම නොවේද? ඒවා එසේ ආන්දෝලනයට හෝ විවාදයට ලක්‌වීමට සැලැස්‌වීම යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලියේ සැලසුම්සහගත සහ අපේක්‌ෂිත අරමුණක්‌ මිස අහඹු පැනනැඟීමක්‌ ලෙස සැලකිය නොහැක. එම කරුණු අතර ලාල් විඡේනායක මහතා විසින් අවධානයක්‌ යොමු නොකළ එහෙත් මහජන අවධානයට යොමු වූ විශේෂ කරුණක්‌ද ඇත. ඒ ජාතික ගීය වෙනස්‌ කිරීමට අදාළ යෝජනාවයි. ඒ අනුව මූලික වශයෙන් ආන්දෝලනයට ලක්‌ වූ යෝජනා හෝ කරුණු හතරක්‌ ඇත. ඒවා රාජ්‍යයේ ව්‍යqහය විග්‍රහ කෙරෙන ඒකීය වගන්තිය, බුද්ධාගමට මුල්තැන දීමේ වගන්තිය, ජාතික ගීය සහ ජාතික කොඩිය වෙනස්‌ කිරීමට අදාළ වේ.

ඊට අමතරව ආන්දෝලනයට ලක්‌ වූ තවත් විශේෂ කරුණක්‌ වන සම ලිංගික සහ ඒ ආශ්‍රිත අයිතිවාසිකම්වලට අදාළ ප්‍රතිපාදන ව්‍යවස්‌ථාවට ඇතුළත් කිරීමට එරෙහිවද සමාජ මතයක්‌ ගොඩනැඟී ඇත. ලෝකයේ කිසිදු රටක එවැනි දෑ ව්‍යවස්‌ථාවට ඇතුළත් කොට ඇති බවක්‌ දැනගන්නට නැත. එම විශේෂ සමාජ කණ්‌ඩායම්වලට අනුකම්පාවෙන් හෝ විශේෂයෙන් සැලකීම ස`දහා කළයුත්තේ දණ්‌ඩ නීති සංග්‍රහය වෙනස්‌ කිරීම සහ අවශ්‍ය නම් විශේෂ නීතියක්‌ ගෙන ඒමය. නමුත් වර්තමාන ආණ්‌ඩුවට සම ලිංගිකයන්ට විශේෂයෙන් සැලකීමට විශේෂ හේතු තිබෙන බැවින් දෝ එම අයිතිවාසිකම් ව්‍යවස්‌ථාවට ඇතුල් කිරීමට උත්සාහ ගන්නා බව පෙනේ. එය සැරසිල්ලක්‌ ලෙසද හැඳින්විය හැක්‌කේ ඊට එරෙහිව ඇති වන සමාජ ඝෝෂාව නිසා ව්‍යවස්‌ථාවට ඇතුල් කිරීමට නියමිත භයානක බෙදුම්වාදී ප්‍රතිපාදන පිළිබඳ සමාජ කතිකාව යටපත් වේ. ලාල් විඡේනායක මහතා තවත් සූක්‌ෂ්ම වචන හරඹයක්‌ද පෙන්වා ඇත. ඔහු සමලිංගික කණ්‌ඩායම්, ආබාධිත හෝ විශේෂ අවශ්‍යතා ඇති සමාජ කණ්‌ඩායම් ජන කොටස්‌ ලෙස හඳුන්වයි. නමුත් සාමාන්‍යයෙන් ජන කොටස්‌ ලෙස හැඳින්වෙන්නේ මහ ජාතිය හෙවත් බහුතරයට අමතරව රටේ ජීවත්වන සුළු ජන කණ්‌ඩායම්ය. ලාල් විඡේනායක මහතාගේ නව වචන භාවිතය අනුව සුළු ජන කොටස්‌ ජාතීන් ලෙස හැඳින්වීමේ ඉඩක්‌ විවරවේ.

කෙසේ වෙතත් රටේ බහුතරය වන සිංහල ජනතාවට විශේෂයෙන් වැදගත් වන ඉහත ස`දහන් කළ වෙනස්‌කම් වලට අදාළ කරුණු ව්‍යවස්‌ථාවේ පවතින Ñ ලේබල් ලෙස හැඳින්වීමේ වරදක්‌ නැත. ව්‍යවස්‌ථා සම්පාදක කතිකාව තුලට Ñලේබල් යන වචනය හඳුන්වා දෙන්නේ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාය. ඔහු එදා මහින්ද රාජපක්‌ෂ මහතා පරාජය කිරීමේ මෙහෙයුමට අදාළව 2013 දී ඇති කරගත් සිංගප්පූරු එක`ගතාව තුළ මූලික වශයෙන් අඩංගු වන්නේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීමට මුල් වන කරුණු ප්‍රමාණයකි. එහිදී බෙදුම්වාදී බලවේග වැඩි උනන්දුවක්‌ දක්‌වන ව්‍යවස්‌ථාවේ පවතින ඉහත සඳහන් කරුණු ලේබල් වශයෙන් හඳුන්වා ලේබල් වැදගත් නැති බව සහ වැදගත් වන්නේ අන්තර්ගතය බවට සුමන්තිරන් මහතා විශේෂ ප්‍රකාශ කරන ලදී. ඒ නිසා ඔහුට එරෙහිව ටැමිල් නෙට්‌ වෙබ් අඩවියෙන් ප්‍රහාර එල්ල විය. එම ප්‍රහාරය සැලසුම් සහගත ක්‍රියාවක්‌ බවට සැකයක්‌ නැත. ඔහු ඉන් පසුව සිංගප්පූරුවේදී පවත්වනු ලැබූ උපාය මාර්ගික සාකච්ඡාවකදී පවසා ඇත්තේ සිංහල බහුතරයට, විශේෂයෙන්ම භික්‌ෂුන් වහන්සේලාට වැදගත් වන්නේ ව්‍යවස්‌ථාවේ පවතින ලේබල් රැක ගැනීම පමණක්‌ නිසා ලේබල් ඔවුනට ලබා දී තම අයිතීන් ලබා ගත යුතු බවයි.

ඒ අනුව මහජන විරෝධයකට එරෙහිව තම විරෝධය පළ කිරීමේ මුවාවෙන් එම ලේබල් හතර – පහ පිළිබ`දව සමාජ සංවාදය නැවත වටයකින් ඉහළට එසවීමට ලාල් විඡේනායක මහතා උත්සාහ කරන්නේ එම ලේබල් පිළිබ`ද සංවාදය ඔහුට ඉතා වැදගත් බැවිනි. එය ඔහු විසින් ඉටු කිරීටම භාරගෙන ඇති කොන්ත්‍රාත්තුවේ මූලික හරය ලෙස හැඳින්වීමේ වරදක්‌ නැත. එම ලේබල් පිළිබ`ද සංවාදය ඉහළට ඔසවන විට ඒවා Ñ ගැලවීමට හෝ වෙනස්‌ කිරීමට ඉඩ නොදෙන බවට දිවුරා ප්‍රකාශ කරමින් තවත් අයට වීරයින් වීමට ඉඩක්‌ විවර වේ. ව්‍යවස්‌ථා පැකේජය ජනමත විචාරණයෙන් ජයග්‍රහණය කරවීම යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ අනාගත බල ව්‍යාපෘතියේ මූලික අවශ්‍යතාවයකි. ඒ ම`ගින් ඔහුට තමා ජනාධිපතිවරණය වැනි ජාතික මැතිවරණයක්‌ ජයග්‍රහණය කිරීමට හැකි නායකයකු ලෙස ස්‌ථානගත විය හැක. මෙතෙක්‌ ඔහුට ඒ ස`දහා ලැබුණු අවස්‌ථා ජයග්‍රහණය කිරීමට ඔහු අසමත් වී ඇත. ඒ නිසා මෙම ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය තුළ ජනාධිපතිවරයාට වීරයෙක්‌ වීමට ඉඩ ලැබෙන්නේ එසේ ලේබල් ගැලවීමට තමා දිවි හිමියෙන් ඉඩ නොදෙන බවට බරපතල ප්‍රතිඥාවක්‌ දීම ම`ගිනි. ඒ අනුව එම උවමනාවද ලාල් විඡේනායක කමිටුව විසින් ඉටු කළ යුතු මූලික කොන්ත්‍රාත්තු අතරින් එකක්‌ බවට අවශ්‍ය නම් අර්ථ ගැන්විය හැක.

අප රටේ බුද්ධාගමට ව්‍යවස්‌ථාවෙන් හිමිකර දී ඇති ප්‍රමුඛස්‌ථානය ප්‍රායෝගිකව තහවුරු කර ගැනීම සඳහා යෝජනා වී ඇති පනත් කෙටුම්පත් 5 කින් එකක්‌වත් සම්මත කිරීමට 1978 සිට පත්වූ කිසිදු ආණ්‌ඩුවක්‌ සමත්වී නොමැත. කථිකාවත් පනත් නමින් ගෙන ඒමට උත්සාහ කළ නීතිමය රාමුව සංඝ බේදය ඇති කරන සහ භික්‌ෂූන් වහන්සේලාගේ සිවුර ගැලවීමේ බලය දේශපාලකයින් අතට දීම සඳහා ප්‍රතිපාදන සලසන බෞද්ධ විරෝධී පනතකි. ඒ අනුව එම වගන්තිය සුද්දාගේ කාලයේ සිට පිළිගත් නාමික සංකල්පයක්‌ පමණි. සුද්දා මෙන්ම ඡේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමාද එම වගන්තිය භාවිත කළේ සිංහල බෞද්ධයා ඇන්දවීම සඳහා බව රහසක්‌ නොවේ. නමුත් ව්‍යවස්‌ථාවේ පවතින එම ”සැරසිල්ල”වෙනස්‌ කිරීම තුළින් බහුතර ජනතාවට දිවීමේ ”පරපීඩක කාමයෙන් පෙළෙන” බෞද්ධ විරෝධී බෙදුම්වාදීන් පිරිසක්‌ අප රටේ නොමැති බව ඉන් අදහස්‌ නොවේ. බහුතර සිංහල බෞද්ධ ජනතාව දේශපාලන වශයෙන් ”හතර ඝාතයෙන්” වැටී සිටින තත්ත්වයක්‌ උදාවුවහොත් ඔවුන් තමාගේ එම ආශාව ඉටුකරගනු ඇත.

බුද්ධාගමට මුල් තැන දෙන ව්‍යවස්‌ථාමය ප්‍රතිපාදනය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හෝ යම් යම් වෙනස්‌කම් සිදුකිරීම යන ආකාර දෙකෙන් කුමන ආකාරයට ඔවුන්ගේ ආශාවන් ඉටුකර ගනු ලැබූවත් එය බෙදුම්වාදීන්ගේ ප්‍රබල ජයග්‍රහණයකි. එහෙත් එය පහසු ඉලක්‌කයක්‌ නොවේ. ලේබලයක්‌ වෙනුවෙන් සටන් වැදී බෝතලයේ අඩංගු වන ”වයින් ” හලා ගැනීමට තරම් බෙදුම්වාදීන් අඳබාලයන් නොවේ. සුමන්තිරන් මහතා සිංගප්පූරුවේදී හෙළිදරව් කළේ ඒ බුද්ධිමය යථාර්ථය නොවේද? එම නිසා ලාල් විඡේනායක කමිටුව විසින් ඔසවා තබන ලේබල් ඉවත් කිරීමේ සටන මෙන්ම එම ලේබල් ඉවත් කිරීමට ඉඩ නොදෙන බවට දිව්රා පොරොන්දු වීමේ වීර ක්‍රියාව සහ අවසානයේ එම ලේබල් ඉවත් නොකිරීමේ තීන්දුව හෝ ඊට සුළු සංශෝධනයක්‌ ඉදිරිපත්කොට දෙපාර්ශවයම ගොනාට ඇන්දවීමේ ක්‍රියාවලිය නාඩගමක්‌ ලෙස රඟදක්‌වන බව දැන් පැහැදිලිව පෙනේ. සුමන්තිරන් මහත්තයලාගේ පිටපත අනුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් අධ්‍යක්‌ෂණය කරන එම නාඩගමේ ප්‍රධාන භූමිකාවක්‌ ලාල් විඡේනායක මහතාට හිමිව ඇත. ඒ මහතා ඒ භූමිකාව ඉතා හොඳින් රඟදක්‌වන බවදපෙනේ. එම නාඩගමේ ඝෝෂාව තුළ බහුතර සිංහල ජනතාවට පාර වැරදීමට ඉඩ තිබෙන බව පසුගිය දිනවල ප්‍රධාන පෙළේ භික්‌ෂූන් වහන්සේලා පවා, ලාල් විඡේනායක විසින් ඔසවා තැබූ ලේබල් වෙනස්‌ කිරීමේ ඊනියා ඝෝෂාවට විරෝධය පළ කිරීම සඳහා, ” ප්‍රතිඝෝෂාවක්‌” ඇති කිරීම තුළින් පැහැදිලි වේ.

බෙදුම්වාදීන් අවසානයේදී ජයග්‍රහණය කොට රට දෙකඩ කළහොත් ඔවුන් බෙදා වෙන් කරගන්නා රට වෙනත් ව්‍යවස්‌ථාවක්‌ මඟින් පාලනය වනු ඇත. ඒ තුළ බුද්ධාගමට විශේෂ තැනක්‌ දීම අවශ්‍ය වන්නේ නැත. බොහෝ විට එවැනි තත්ත්වයකදී වැඩි ඉඩක්‌ ඇත්තේ අනාගාමික රාජ්‍යයකට හෝ හිංදු රාජ්‍යයකට වඩා ක්‍රිස්‌තියානි රාජ්‍යයක්‌ නම් කිරීමටය. ඊට අමතරව එසේ බෙදා වෙන් කෙරෙන රටේ ජාතික ගීය සහ කොඩියද ඔවුන් අලුතින් නිර්මාණය කරනු ඇත. ඒවා රනිල් වික්‍රමසිංහ මහතා ගෙන එන Ñ අන්තර් කාලීන ව්‍යවස්‌ථාවට ඇතුල් කිරීමට උත්සාහ කරන්නේ කුමකටද? ඒ නිසා දැනට ව්‍යවස්‌ථාවේ තිබෙන ලේබල් ඒ ආකාරයෙන් තිබීම බෙදුම්වාදීන්ගේ මූලික අරමුණට හානිදායක නොවේ. ඔවුනට යම් ගැටලුවක්‌ මතුවනවා නම් එසේ වන්නේ රාජ්‍යයේ ස්‌වරූපයට අදාළ ඒකීය ලේබලය පිළිබ`දව පමණි. ඊට අදාළව ලාල් විඡේනායක කමිටුව විසින් යෝජනා හෙවත් නිර්දේශ තුනක්‌ ඉදිරිපත් කොට ඇත. එක්‌ යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත්තේ මහජනයාගේ මතය කුමක්‌ වුවත් කමිටු සාමාජිකයින් ඊට එක`ග නොවීම නිසාය. එනම් එම සමස්‌ථ ක්‍රියාවලිය තුළ මහජන කැමැත්තට වඩා කමිටු සාමාජිකයන්ගේ කැමැත්ත සහ උවමනාව වඩා වැදගත් වී ඇත.

එම යෝජනා අතුරින් පළමු වැන්න වන්නේ එක්‌සත් රාජ්‍යයක්‌ ඇති කිරීමයි. ඒ තුළ ”ෆෙඩරල්” හෝ සන්ධීය සංකල්පය ඇතුල් කොට නොමැති බව ලාල් විඡේනායක මහතා අවධාරණය කරයි. Ñ ඒකීය වචනය වෙනුවට ෆෙඩරල් හෝ සන්ධීය සංකල්පයට වඩා බරපතල කොන්ෆෙඩරල් හෙවත් සහසන්ධීය සංකල්පය ඔහු ඉතා සූක්‌ෂ්මව ඇතුල් කරන්නේ භෞමික අඛණ්‌ඩතාව ආරක්‌ෂා කිරීම නමැති සුන්දර වගන්තියට මුවා වෙමිනි. ඔහුගේ දෙවැනි යෝජනාව තුළ ඒකීය වචනය සොයා ගත හැකි වුවත් ”බහුස්‌තර” පාලන පද්ධතියක්‌ යන වචනය යෙදීම ම`ගින් පරමාඡ්පත්‍ය බෙදී යන බව මෙන්ම ඊනියා ස්‌වයං පාලන සංකල්පයද තහවුරු වේ. ඔහු එම බෙදුම්වාදී යෝජනාවේ අවුල බේරන්නෙA Ñනොබෙඳුණු රටක්‌ යන වචන දෙක යෝජනාවට ගැට ගැසීම ම`ගිනි. එම නිර්වචනය වලංගු වන්නේ රට නොබෙදී පවතින තාක්‌කල් පමණි. නොබෙදුණු රාජ්‍යයක්‌ අනෙකුත් ව්‍යවස්‌ථා ප්‍රතිපාදන සහ ව්‍යවස්‌ථාවට පරිබාහිර ජාත්‍යන්තර මැදිහත් වීම ම`ගින් බෙදී වෙන් වූ විට ව්‍යවස්‌ථාවේ පවතින Ñ නොබෙදුණු යන ලේබලය තවදුරටත් වලංගු නොවේ. ලෝකයේ මේ වන විට බෙදී වෙන් වී ඇති රටවල් 26 ම බෙදී වෙන් වී ඇත්තේ අදාළ මවු රටේ ව්‍යවස්‌ථා ප්‍රතිපාදනවලට පිටින් යමිනි. කෙසේ වෙතත් ඔවුන්ගේ තුන්වන නිර්දේශය වන්නේ ඒකීය වගන්තිය එසේම තිබිය යුතුය යන්නයි.

මහජනයා සංවාදයට පටලවා ගැනීම ස`දහා කුමන නිර්දේශ ඉදිරිපත් කළත් ඒකීය වගන්තිය හෙවත් ලේබලය තිබෙන පරිදි තිබීම ම`ගින් බෙදුම්වාදීන්ට ගැටලුවක්‌ ඇතිවන්නේ නැත. 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේ අඩංගු ඉන්දියාවේ පවතින යම් ෆෙඩරල් බලතල වලටත් වඩා බරපතල ෆෙඩරල් ලක්‌ෂණ අප රටේ ව්‍යවස්‌ථාවට ඇතුල් කළේ ඒකීය වගන්තිය ව්‍යවස්‌ථාවේ තිබියදීය. විශේෂයෙන්ම අනාගත ව්‍යවස්‌ථා කෙටුම්පත අධිකරණයට ඉදිරිපත් නොකර සෘජුව ජනමත විචාරණයකට ඉදිරිපත් කෙරෙන බැවින් නාමිකව පවතින ඒකීය වගන්තියට අභියෝග කෙරෙන 13 වැනි සංශෝධනය ඉක්‌මවා යන බෙදුම්වාදී බලතල ප්‍රමාණයක්‌ ව්‍යවස්‌ථාවට ඇතුල් කිරීම අමාරු නැත. ඒ අනුව ඒකීය වගන්තියට අදාළව විවිධ විකල්ප වෙනස්‌කම් යොජනා කිරීම ම`ගින් ලාල් විඡේනායක මහත්මයලා උත්සාහ කරන්නේ මහජනයා නොම`ග යවන සංවාදයක්‌ ඇති කිරීමට බව පැහැදිලිව පෙනේ. කෙසේ වෙතත් මහජන විරෝධයක්‌ නොමැති තත්ත්වයක්‌ ඒකීය වගන්තියේ ලේබලය පමණක්‌ ඉදිරිපත් කොට එහි බලය අඩු කෙරෙන යම් වෙනස්‌කම් සිදු කිරීමට බොහෝ ඉඩ ඇත.

ලාල් විඡේනායක කමිටුව ම`ගින් ආරම්භ කර ඇති ව්‍යවස්‌ථා සම්පාදන සංවාදය බෙදුම්වාදී න්‍යාය පත්‍රයට උපාය මාර්ගිකව වැදගත් බව පැහැදිලිව ඔප්පු කළ හැක. එක්‌ පැත්තකින් ඉහත ස`දහන් කළ ආකාරයට එම යෝජනාව තුළ භයානක බෙදුම්වාදී බලතලවලට අදාළ සංවාදය යටපත් වේ. අනිත් පැත්තෙන් ගත් විට, ලේබල් ගැලවීම වැළැක්‌වීම ම`ගින් ව්‍යාජ ගැලවුම්කාරයෙකු මතු කිරීම හරහා එම ක්‍රියාවලියට තල්ලුවක්‌ ලබා දීමට ඉඩක්‌ ලැබේ. ඒ සියල්ලටම වඩා ලේබල් ගැලවීම වැළැක්‌වූ පසුව දැන් කිසිදු ගැටලුවක්‌ නැතැයි ව්‍යාජ ආරක්‌ෂාකාරී මතයක්‌ මහා සමාජය තුළ ඇති වේ. උදාහරණයක්‌ ලෙස යෝජිත අනුගාමික රාජ්‍ය ලේබලය ඉවත් කරගෙන පෙර තිබූ පරිදි බුද්ධාගමට මුල් තැන දීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා එක`ග වූ සැණින් ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියට එරෙහිව භික්‌ෂු බලවේග අතර පවතින විරෝධය සමනය වනු ඇතැයි ආණ්‌ඩුව කල්පනා කරන බව පෙනේ. අවසාන වශයෙන් රාජ්‍ය දුර්වල කොට ඊට සමගාමීව ආරක්‌ෂක හමුදා දුර්වල කොට දුර්මුඛ කිරීම ම`ගින් වෙනම රාජ්‍යයක්‌ නිර්මාණය කිරීම ස`දහා අවශ්‍ය ව්‍යවස්‌ථාව ආණ්‌ඩුව විසින් කෙසේ හෝ සම්මත කිරීමට කළ හැකි සියලු දේ කරන බව පොදු මහජනයා ඇතුළු දැනුම්වත් ජාතික බලවේග තේරුම් ගත යුතුය එම මහා ජාත්‍යන්තර මෙහෙයුම පරාජය කිරීමට සිංහල, දෙමළ, මුස්‌ලිම් සියළු ජනතාව අසමත් වුවහොත් එය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ අවසානය වන බවට කිසිදු සැකයක්‌ නැත. ඉන් පසුව ලාල් විඡේනායක මහත්මයාලා ලිවීමට බලාපොරොත්තු වන්නේ වෙනත් ඉතිහාසයකි.

– Divaina

23,671 Viewers
Main News