රනිල් ඇතුළු පිරිසට අන්තිම කල් දෙයි.. අරලිය ගහ මන්දිරයෙන් ඉවත් නොවුනොත් බලෙන් ඉවත් කෙරේ..

October 27, 2018 at 3:07 pm | lanka C news
රනිල් ඇතුළු පිරිසට අන්තිම කල් දෙයි.. අරලිය ගහ මන්දිරයෙන් ඉවත් නොවුනොත් බලෙන් ඉවත් කෙරේ..

අගමැති නිල නිවාසය වන අරලියගහ මන්දිරය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෙට පෙරවරු 8.00 වන තෙක් කල් දෙන බවත් ඒ කාලය තුළ ඔහු එතනින් බැහැර නොවන්නේ නම් නීතිය ක්‍රියාත්මක කර ඔහු එතැනින් ඉවත් කරවීමට කටයුතු කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා අද පෙරවරු 8.00 වන විට අරලියගහ මන්දිරයෙන් ඉවත්වන බවට මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වී තිබුණත් ඔහු ඉවත් නොවී තවදුරටත් බල පෙරේතකමට එහි රැඳී සිටින බවද කීය.

පාර්ලිමේන්තුවේ බහුතරය මේ වනවිටත් සහතික කරගෙන ඇති නිසා තවදුරටත් විහිළු සපයන්න වහාම ඉවත් වන ලෙස ඉල්ලා සිටියේය.

හෙට පෙරවරුව වන විට ඉවත් නොවන්නේ නම් එම කණ්ඩායමට යොදවා සිටින අතිරේක ප‍්‍රභූ ආරක්‍ෂකයන් ඉවත් කරනු ඇතැයිද නියමිත ආරක්‍ෂාව පමණක් ලබා දෙනු ඇතැයිද පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

166 views

36 Comments to “රනිල් ඇතුළු පිරිසට අන්තිම කල් දෙයි.. අරලිය ගහ මන්දිරයෙන් ඉවත් නොවුනොත් බලෙන් ඉවත් කෙරේ..”

  1. Kadiya says:

    විකුනන්න පොරොන්දුවෙලා කොමිස් ගත්තු ආයතන ටික විකුනගත්තේ නැතිනම් ගැනුම්කරුවන්ගෙන් මැරුම් කන්න වෙනවා. විකුණනසිංහයි ගෝලයෝ රොත්තයි ගෙදර ගියොත් ඌ නසී, මග හිටියොත් ජනතාවගෙන් කානසී.

  2. david milibanda says:

    Rani appa ehema denne nadda ?
    අරලිය ගහ මන්දිරයෙ appa hadanawa ne.

  3. Wijaya says:

    There’s a simple method to send those idiots out.

    Disconnect electricity supply to the temple trees and disable generators and they will automatically leave when A/C is not working.

  4. Seeya Baba says:

    oya kewe mongal mangal

  5. Nandasoma says:

    අනේ රනිල් මාමේ…. යන්න එපෝ…….

    ඔයා ගියාම කවුද අපිට රත්තරං බ්‍රේස්ලට් දෙන්නෙ…? නොමිලේ වයිෆයි දෙන්නෙ…..?? බදු අඩු කරල කාර් ගන්න අවස්ථාව දෙන්නෙ….??? බඩු මිල අඩු කරන්නෙ…..???? ශ්‍රීලංකාවෙ අභිමානය ආරක්ෂා කරන්නෙ……????? යන්න නම් එපෝ…….!!!!

Main News