රනිල් ඉදිරියේ මන්ත‍්‍රී චතුර එජාප මන්ත‍්‍රී කණ්ඩායමට තර්ජනය කරයි.. වැඩිය නැටුවොත් කරන දේ කියයි..

August 6, 2019 at 10:40 am | lanka C news
රනිල් ඉදිරියේ මන්ත‍්‍රී චතුර එජාප මන්ත‍්‍රී කණ්ඩායමට තර්ජනය කරයි.. වැඩිය නැටුවොත් කරන දේ කියයි..

එක්සත් ජාතික පක්‍ෂය වැඩිය දැඟලුවොත් තුන්වෙනි අපේක්ෂකයෙක් ජනාධිපතිවරනයට ඉදිරිපත් කරන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ දිනයේ අරලියගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීය.

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් සෙසු පක්ෂවලට ත්‍රීවිල් පක්ෂ යයි සිදුකරන චෝදනාවන්ට පිළිතුරු දෙමින් චතුර සේනාරත්න මහතා මේ බව සඳහන් කර තිබේ.

තමන්ගේ පක්ෂය කුඩා පක්ෂයක් නොවන බවත් විශාල වැඩ කොටසක් කල බවත් චතුර සේනාරත්න මහතා සඳහන් කර ඇත.

රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා තම පක්ෂය පුරෝගාමී වැඩ කොටසක් කළ බවත් එය අමතක කළ යුතු නැති බවත් ඔහු සදහන් කර ඇති අතර තම පක්‍ෂය ත්‍රීවිල් පක්ෂයක් නොවන බවත් වැඩිය දැඟලුවොත් තමන් තුන්වෙනි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ පවසා තිබේ.

කෙසේ වෙතත් ඊට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිසිවකු පිළිතුරු දීමට ඉදිරිපත් වී නැත.

70 views

29 Comments to “රනිල් ඉදිරියේ මන්ත‍්‍රී චතුර එජාප මන්ත‍්‍රී කණ්ඩායමට තර්ජනය කරයි.. වැඩිය නැටුවොත් කරන දේ කියයි..”

  1. ගෙම්බෙක් පිම්බිලා තියන තරම. …
    තව ටිකක් ඔහොම පිම්බෙන්න…

  2. gothaya says:

    Araliyagaha mandiraye wedding gaththama una wedi wenewanae danne nadda bolaw thopita….

  3. Chatura Abeysekera says:

    Who cares this idiot.
    If RW has a backbone she should have told this fool get out sooner than later.

Main News