රනිල් ඉවතට.. ඒකාබද්දයෙන් නව අගමැතිවයෙක් සමග අලුත් ආණ්ඩුවක්..
August 18, 2017 at 9:20 am | lanka C news
ඒකාබද්ද විපක්ෂයේ අගමැතිවයෙක් පත් කරගෙන ඉදිරි මාස දෙක ඇතුලතදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනි ආණ්ඩුවත් පිහිටුවීමට කටයුතු සිදු වන බව වරාය හා නාවුක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකින් පසු මාධ්‍ය අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
එනිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අත්වැල් බැඳගෙන ඉදිරි මාස දෙක ඇතුළත ඒකාබද්ධ විපක්ෂය අගමැතිවරයෙක් පත් කර ගැනීමට කටයුතු කරන්න කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් තමන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට 2020 වනතුරු බලා සිටීමේ උවමනාවක් නැති බවත් ඒකාබද්ධ විපක්ෂය ශ්රීලනිපය සමග එක්ව ඒකාබද්ද විපක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත් කිරීමට කටයුතු කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සදහන් කලේය.