රනිල් ඉවත්කර සජිත් අගමැති කරන්නැයි එජාප බහුතරයක් ඉල්ලුවොත් ජනාධිපති ක‍්‍රියාමාර්ගයක් ගනී…- එජාපය ගිනි අවුලමින් ශ‍්‍රීලනිපය කියයි..

August 22, 2019 at 10:14 pm | lanka C news
රනිල් ඉවත්කර සජිත් අගමැති කරන්නැයි එජාප බහුතරයක් ඉල්ලුවොත් ජනාධිපති ක‍්‍රියාමාර්ගයක් ගනී…- එජාපය ගිනි අවුලමින් ශ‍්‍රීලනිපය කියයි..

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා පත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රී පිරිසක් ඉල්ලා සිටියොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

එසේ නොමැතිව එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට කිසිදු උවමනාවක් ජනාධිපතිවරයාට නැති බවද ඔහු පැවසීය.

මන්ත‍්‍රිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද එක්සත් ජාතික පක්ෂයට අරක්ගෙන සිටින බහිරවයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව ද එම බහිරවයා එළවා දැමීමට නම් දෙන්නට උවමනා බිලිපූජා දිය යුතුව ඇති බවද ඔහු පැවසීය.

කෙසේ හෝ එහි ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නයක් මිස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රශ්නයක් නොවන බවද එජාපය දෙකඩ කරන්නට සැරසෙන්නේ යයි ජනාධිපතිවරයාට එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවද මන්ත‍්‍රීවරයා තව දුරටත් සදහන් කලේය.

34,982 Viewers

11 Comments to “රනිල් ඉවත්කර සජිත් අගමැති කරන්නැයි එජාප බහුතරයක් ඉල්ලුවොත් ජනාධිපති ක‍්‍රියාමාර්ගයක් ගනී…- එජාපය ගිනි අවුලමින් ශ‍්‍රීලනිපය කියයි..”

  1. Bold Citizen says:

    Go ahead Mr. President.. Sajith will definitely be having the majority in Parliament..

  2. Karu says:

    The new media person in SLFP Weerakumara! Sure loss next time.

  3. Nim says:

    HITAN…….H UTAN
    MANKIYA
    THAWA PEMMAK
    PANINNA WAGE ???

  4. Ranjan says:

    Gen Sec of UNP will not sign nomination papers for some one not selected by the Executive Council of UNP or by the leader.

  5. Open mind says:

    අත්තෙන් අත්තට පණින කුරුල්ලෙක්……මාර චූන් කතාව.

  6. charles says:

    Ranil has got the majority in the parliament. He will get the support from some UNP, TNA, CMC and even from Pohotuwa.

  7. Sun says:

    If that is the case we will be able to trace bank looters. But the problem Sajith is not a devoted leader to uplift the country. He knows nothing about rights and development. Nothing about world politics and law and order of the country. How is he going to run the country at this stage of dirty politics. People those who have genuine interest about the country and democracy won’t say yes to Sajith. Country will be crippled and full of problems. The real democracies in the western countries probably want to jump in.

  8. Deshadiyani says:

    Lokema ekama rata me wage balama bala deshapalana gatum. Janathawata devi pihitai!
    THanha JAyathi Soko!

Main News