රනිල් ඉවත් කරනවා.. අලූත් සන්ධාන ආණ්ඩුවේ සාකච්චා සාර්ථකයි..- සුසිල්

February 21, 2018 at 12:03 am | lanka C news
රනිල් ඉවත් කරනවා.. අලූත් සන්ධාන ආණ්ඩුවේ සාකච්චා සාර්ථකයි..- සුසිල්

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර නව අගමැතිවරයෙකු යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවක් ගොඩනැගීමට තව දුරටත් උත්සාහ දරමින් සිටින බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කළ බවද පවසන ඇමතිවරයා ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමත්, නව අගමැතිවරයෙකු පත් කිරීම ගැනත් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බවත් එම තීරණය කඩිනමින් ලැබෙන තෙක් බලා සිටින බවත් ඔහු කියයි.

නව අගමැතිවරයෙකු සමග ආණ්ඩුව පිහිටුවීමට අදාළ සාකච්ඡා තව දුරටත් පවත්වන බවත් එම සාකච්ඡාවල සාර්ථකත්වයක් ඇති බවත් ඇමති සුසිල් වැඩි දුරටත් කියා සිටී.

100 views

30 Comments to “රනිල් ඉවත් කරනවා.. අලූත් සන්ධාන ආණ්ඩුවේ සාකච්චා සාර්ථකයි..- සුසිල්”

  1. malraj says:

    මුන් ඔක්කොම අවස්ථාවාදී පිම්පියෝ… පළාත් පාලනයත් දිනන්න වෙනවා 113 හදා ගන්න.

    • ගුණේ අයියා says:

      හරියට හරි මල්ලි… උබට විතරයි තේරුනේ

  2. මෙයාද අලුත් ජඩා ..ධිපති….හූඌඌ…….

  3. පන ඇති ආනා says:

    මේ වගේ දේවල් කොච්චර පහු ගිය දවස්වල කියවුනා ද ? ඒ කිසිම දෙයක් වුනේ නෑ වගේ මේකත් මේ කපේ වෙන දෙයක් නෙවෙයි.
    පන නැති ජෝනා දිගටම පොනිල්ට බයේ සන්ධානය අරන් යයි. එකේ ආයේ දෙකක් නෑ.
    මේ වගේ ප්‍රවුර්ති කියවල ඇති වෙලා.

  4. Raawanaa says:

    debiddaa

  5. Rupa says:

    පරිස්සමින් …..හිටපු හරි තාම ඉන්න හරි ඇමතිට කියන්නේ. බක් මාසේ ලඟයි …පයින් නම් නොය.න්න..මොකද වික්ටර් මහත්ත්තයා අර සිදුවකුත් කීවේ ” බක් මහටයි සැඩ අකුනු ගහන්නේ”

Main News