රනිල් ඉවත් කර නව අගමැති කෙනෙක්.. නව අගමැතිකමට නම් කිහිපයක්.. ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි…

February 2, 2018 at 3:50 pm | lanka C news
රනිල් ඉවත් කර නව අගමැති කෙනෙක්.. නව අගමැතිකමට නම් කිහිපයක්.. ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි…

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට නව අගමැතිවරයකු පත්කර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බවත් ඒ සඳහා හඳුනාගත් ‍‍‍ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිප දෙනකුම සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහි දී වැඩිදුරටත් අමාත්‍යවරයා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී බුලත් කොළය ලකුණට ලැබෙන ඡන්ද ප්‍රමාණය ඉහළ ගියහොත් දෙපාර්ශ්වයේම සිටින (ප්‍රධාන පක්ෂ දෙකේම) දූෂිතයන් ඉවත්කොට පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් කිරීමේ හැකියාව පවතින බව සඳහන් කළේය.

ඒ සඳහා දැනට ජනාධිපතිවරයා සමග සිටින ශ්‍රීලනිප මන්ත්‍රී පිරිස සමග ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දූෂණ චෝදනා නොමැති පිරිස 90ක් පමණ එක්කරගත හැකිබවත්, ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂය පිරිසිදු කළ යුතු යැයි අපේක්ෂා කරන මන්ත්‍රීවරු ද එක්කර ගත හැකි බවත් ඇමැතිවරයා පවසයි.

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග තවදුරටත් ඉදිරියට යෑමට අපහසු හෙයින් මේ සඳහා දූෂණයට විරුද්ධ සියලු පාර්ශ්ව ජනාධිපතිවරයාට සහාය ලබාදිය යුතු බවත් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

වසර 02ක් සඳහා අත්සන් කළ සම්මුතිවාදී ආණ්ඩුවට අදාළ ගිවිසුම මේ වන විටත් අවසන්ව ඇති බැවින් මැතිවරණය අවසන් වූ වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව කඩිනමින් තීරණය කළ යුතු බවත් ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

– rivira

57 views

12 Comments to “රනිල් ඉවත් කර නව අගමැති කෙනෙක්.. නව අගමැතිකමට නම් කිහිපයක්.. ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි…”

  1. Hoo N P Kaaraya says:

    Me janadipathi innakam Ranilwa iwath karanne naha, iwath karanath baha, wenneth naha. Samaharawita Dilanta amathikama nathi wena puluwan.

  2. Asaranaya says:

    වපර ඩිලා හිටපු ගමන් ගඳ අදෝවාත යවනවා ඌට ගඳ තේරෙන්නේ නැතුලු

  3. බන්ඩා says:

    මොකා අගමැති කොලත් වැඩ බැරි අාප්පය එක්ක අපේ රට නම් ඉතින් කොට උඩම තමය්.

  4. kamalasirikuruwita says:

    මේ ජනතාව ගොනාට අන්දන්න හදන ” අපි තරහයි පෙබරවාරි 10 වෙනකං ” ගොන් නාඩගමේ ම තව කොටසක් විතරයි. .මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යයක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් ඉන්නවනං හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ ! මේ මොන නාට්‍ය රංගල පෙන්නුවත් මහින්දගෙ මිනිස්සු කඩා ගන්න නම් අමාරුවෙයි .

  5. නයා says:

    මැතිවරණ ප්‍රචාරය අවසන් වූ පසු රනිල් ඉවත් කරන බව ප්‍රසිද්ධ කරනු ලැබේ
    ඒත් ගැසට් එක නිකුත් නොවේ
    එය කිසිදාක නිකුත් නොවන අතර 11 වැනිදා සිට සියල්ල සතුටින් රාජ්‍ය කරනු ඇත

  6. Star Clown says:

    Election talks for the brain washed idiots!.

  7. මොන පිස්සුද මන්දා says:

    මොන පිස්සුද මන්දා මොනවා ලොක්කෝ me දවස්වල කන්නේ? මොනවා හරි අජ්රනයක ලකුණු පේනවා. චන්දෙන් පස්සේ නැට්ට පස්සේ හංගා ගන්ටයි වෙන්නේ.

  8. Sooraseana says:

    Dilaangea awasaana muhoorthay elambunaa anea paw!mung mahindagea minihak,mahinda mahattaya dinuwath anithpattata jumping 100%

  9. me ඔක්කොම චන්ද ගුණ්ඩු says:

    මන රම් කර නම් මැතිතුමන්ලා ගේ නම් දෙකත් දාන්නකෝ?

    • Asaranaya says:

      මන රම් කර නම් දෙන මුගේ ඔල්මාද,
      මූටත් කෙළවිලා! කොයි කවුරුත් දන්නවද

  10. duminda says:

    etha kota digatama vipaksha nayaka sirisena mathithumada?

Main News