රනිල් ඉවත් කර නව ආණ්ඩුවක් පිහිටුවන්න ජනපති-ඒකාබද්ධය හමුවේ.. සාකච්චා නායකයා වාසු..
October 4, 2018 at 9:20 am | lanka C news
රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමගින් සාකච්ඡා කිරීමට ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ බහුතර කැමැත්ත ලැබී ඇති බව අද ලක්බිම පුවත්පත වාර්තා කරයි.
මෙම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කර ඇති බවත් රටේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා පොළඹවා ගත යුතු බව නානායක්කාර මහතා පෙන්වා දී ඇතැයිද සදහන්ය.
මෙම යෝජනාවට පක්ෂව හා විපක්ෂව පක්ෂ නායකයන්ගෙන් අදහස් මතුව ඇතත් අවසානයේ බහුතර කැමැත්ත ලැබී ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.
යෝජනාව ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කිසිදු අදහසක් පල කර නැතැයිද සදහන් කර ඇති එම පුවත් වාර්තාවේ ඉදිරි දින කිහිපයේදී අදාල කරුණු ගැන සාකච්චා කිරීම සදහා වාසුදේව නානායක්කාර මහතා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා මුණ ගැසීමට නියමිත බවත සදහන්ය.
මෙම හමුවීම තනිව හෝ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්රීලනිප කණ්ඩායමේ කිහිප දෙනෙකු සමගින් හෝ සිදුවීමට නියමිත යයිද වැඩි දුරටත් සදහන්ය.
Naakiya tho hemadaama pimpiyek bawa ratama danee. Yako Ranil pathkale Amerikaawa saha Chandrikaa visini. Amerikaawa nethi dawasaka Ranil iwath kala heka. Tho gedarata wee hasthopakkramaya karapiya !
mokada vanni kalabale….mahindata one eka thama oya karanne… 🙂 🙂 Mahinda nathtang okkama doyi