රනිල් ඉවත් කර මහින්ද පත් කිරීම හරිද.. වැරදිද.. ජනාධිපතිගේ තවත් තීරණයකට එරෙහි පෙත්සම් අධිකරණය සලකා බලයි..
December 10, 2018 at 12:00 pm | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීම හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තොම්බර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීම නීති විරෝධී යයි ප්‍රකාශ කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් දෙකක් ජනවාරි මස 07 දා සලකා බැලීමට තීන්දු කර ඇත.
මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ පූජ්‍ය දඹර අමිල හිමි හා ජනාධිපතිවරයාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් වන ඕෂල හේරත් විසිනි.
ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම් කැදවූ අවස්ථාවේදි කරුණු දැක්වීමට කාලය ලබා දෙන ලෙස රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීය.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම 19 වන සංශෝධනයට විරුද්ද බවයි.
රනිලයට අපෙ අගමැති පුටුව සුදුසු මදි
නරකද ලොව සාම සමලුවෙ පුටුවෙ හිඳි
ලොව නම තබා ලෝක බැංකුවම අපටදි
රටම නය බරින් බලා සිටදිම නිදහස විඳි
ජේ ආර්ජජයවර්ධනමහතා හැදු වයවස්ථාව දැන් නම් හොඳයිකියලාමටහිතෙනවා
අනුපන්දාහේ ගෑස් සාදු ප්රචාරක වැඩ….19යත විරුද්දව නඩු ගියත් රට බෙදන්න…නඩු නෑ.මේ වගේ පිං බතාලට තලන්න මඩු වලිග අරන් වරෝ?
එක දෙයක් හොදටම පැහැදිලියි.
අධිකරණය නටන්නේ රනිල්ගේ අල්ලේ.අධිකරණය ගැන විශ්වාස කරන්න බැහැ.
නීතිය පිළිබඳ ගොඩ පෙරකදෝරුවන්ට අර්ථ නිරෑපන දෙන්න බෑ. ඒකට තමයි අධිකරණය තියෙන්නෙ. බයියො දැම්මම පරාජය බාර අරගෙන නේද?