රනිල් එජාපයෙන් නෙරපිය යුතුයි.. චෝදනා මෙන්න..- විජේදාස

September 26, 2019 at 1:20 pm | lanka C news
රනිල් එජාපයෙන් නෙරපිය යුතුයි.. චෝදනා මෙන්න..- විජේදාස

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය දැරූ ආණ්ඩුවක ඇමතිකමක් බාරගැනීම පක්ෂයෙන් නෙරපීමට තරම් වරදක් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවක අගමැති කම දරන රනිල් වික්‍රමසිංහ මහතාද එජපෙයෙන් නෙරපා දැමිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහුද ඇතුළු මන්ත‍්‍රීවරුන් පස් දෙනකු එජාපයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙම නෙරපීම සම්බන්ධයෙන් මේ වන තුරුත් කිසිදු ලිපියක් පමණක් ලැබී නැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

අද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී සිටින්නේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුවක බවත් තමන් ද ඇමතිකමක් බාර ගත්තේ ජනාධිපතිවරයාගේ ආණ්ඩුක බවත් ඔහු සඳහන් කළේය.

තමනට එල්ල කරන චෝදනා ඒ ආකාරයෙන්ම අගමැතිවරයාටද අදාල බව රාජපක්‍ෂ මහතා තව දුරටත් පෙන්වා දෙයි.

126 views