Exclusive : එජාපයේ රැඩිකල් පියවර ගනී.. අලුත් නායකයා වික‍්‍රමසිංහ රනිල්.. කැරලිකාරයන්ගේ ඉල්ලීම්වලට වු දේ මෙන්න..

April 7, 2018 at 10:41 pm | lanka C news
Exclusive : එජාපයේ රැඩිකල් පියවර ගනී.. අලුත් නායකයා වික‍්‍රමසිංහ රනිල්.. කැරලිකාරයන්ගේ ඉල්ලීම්වලට වු දේ මෙන්න..

රනිල් වික‍්‍රමසිංහ මහතා තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා ලෙස තබා ගැනීමට එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අද දිනයේදී තීරණය කර ඇත.

එමෙන්ම පක්‍ෂයේ ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණ ගැනීම සදහා පහළොස් දෙනෙකු සතිය විශේෂ මණ්ඩලයක්ද පත් කර තිබේ.

මෙම විහේඹ මණ්ඩලය සදහා නිල බලයෙන් නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක රවී කරුණානායක පත්ව ඇති අතර සෙසු දොළොස් තෝරා ගැනීම ඡුන්ද විමසීමකින් සිදු විය.

ඒ අනුව මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, හරීන් ප‍්‍රනාන්දු, අකිල විරාජ් කාරියවසම්, නලින් බණ්ඩාර, ජේ.සී. අලවතුවල, රුවන් විජයවර්ධන, හර්ෂද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, අශෝක ප්‍රියන්ත යන අය සෙසු පිරිස් ලෙස ඡුන්දයෙන් ඊට තේරී පත් විය.

කෙසේ වෙතත් විශ්වාස භංගයට පෙර එජාප මැති ඇමතිවරුන් පිරිසක් කියා සිටියේ ඉදිරි පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණයන්ට පෙර පක්‍ෂ නායකත්වයේ පටන් සියළු නිලතල වෙනස් විය යුතු බවයි. නැතහොත් පක්‍ෂය පරාජය වීම වැළැක්විය නොහැකි බවටද ඔවුහු චෝදනා කලහ.

එමෙන්ම මීලග ජනාදිපතිවරණයේ අපේක්‍ෂකයා කවුරුන්දැයි දැන්ම ප‍්‍රකාශ කල යුතු බවටද එම පිරිස් කියා සිටියහ.

6 views

13 Comments to “Exclusive : එජාපයේ රැඩිකල් පියවර ගනී.. අලුත් නායකයා වික‍්‍රමසිංහ රනිල්.. කැරලිකාරයන්ගේ ඉල්ලීම්වලට වු දේ මෙන්න..”

  1. Sirisena Yatawara says:

    Who ever the presidential candaitures from UNP definitely will be defeated by majority of voters of Lanka#

Main News